Skip to content

යේසුස්ගේ මරණය සිහි කිරීම

2025 අප්‍රියෙල් 12වෙනි සෙනසුරාදා

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැම අවුරුද්දකම යේසුස්ගේ මරණය සිහි කරනවා. මොකද යේසුස් කිව්වා “මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න” කියලා.—ලූක් 22:19.

මේ විශේෂ අවස්ථාවට අපි ඔයාටත් ආරාධනා කරනවා.

නිතර අසන ප්‍රශ්න

මේ වැඩසටහන කොච්චර වෙලාවක් තියෙනවාද?

පැයක විතර කාලයක්.

මේක පවත්වන්නේ කොහේද?

ඒ ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් දැනගන්න.

සහභාගි වෙන අයගෙන් මුදල් අය කරනවාද?

නැහැ.

මේකෙදී සම්මාදම් එකතු කරනවාද?

නැහැ.

අඳින්න ඕනෙ කොහොමද?

අඳින්න, පලඳින්න ඕනෙ විදිහ ගැන විශේෂ නීතියක් නැහැ. හැබැයි විනීතව අඳින පලඳින එක ගැන බයිබලේ තියෙන මඟ පෙන්වීම් සාක්ෂිකරුවන් අදාළ කරගන්නවා. (1 තිමෝති 2:9) ඔයා අඳින ඇඳුම් ගොඩක් ගණන් ඒවා වෙන්න ඕනෙ නැහැ. ඒ වගේම ලොකු උත්සවයකට යනවා වගේ අඳින්න ඕනෙත් නැහැ.

සිහි කිරීමේදී වෙන්නේ මොනවාද?

මේ වැඩසටහන පටන්ගන්නෙත් අවසන් වෙන්නෙත් ගීතිකාවකින් සහ යාච්ඤාවකින්. ඒ යාච්ඤාව කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දේවගැතිවරයෙක්. මේ වැඩසටහනේ ප්‍රධාන අංගය තමයි සිහි කිරීමේ දේශනය. යේසුස්ගේ මරණය කොච්චර වැදගත්ද? දෙවියන් සහ යේසුස් අපි වෙනුවෙන් කරපු දේ නිසා අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර ඒ දේශනයෙන් දැනගන්න පුළුවන්.

ඉස්සරහට සිහි කිරීම පවත්වන දවස් මොනවාද?

2025: අප්‍රියෙල් 12වෙනි සෙනසුරාදා

2026: අප්‍රියෙල් 2වෙනි බ්‍රහස්පතින්දා