Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

බයිබලයේ හෝ ප්‍රකාශනයක තියෙන වචනයක්, වචන කාණ්ඩයක් සොයාගන්න විදිහ—වින්ඩෝස්

බයිබලයේ හෝ ප්‍රකාශනයක තියෙන වචනයක්, වචන කාණ්ඩයක් සොයාගන්න විදිහ—වින්ඩෝස්

බයිබලයේ හෝ වෙනත් ප්‍රකාශනයක තියෙන යම් වචනයක්, වචන කාණ්ඩයක් හොයාගන්න ‘JW ලයිබ්‍රරි’ එකේ සොයන්න කියන අංගය උදව් වෙනවා.

වචනයක් හෝ වචන කාණ්ඩයක් හොයාගන්න මේ උපදෙස් පිළිපදින්න:

 බයිබල් පරිවර්තනයක

ඔයා කියවමින් ඉන්න බයිබල් පරිවර්තනයේ තියෙන වචනයක් හෝ වචන කාණ්ඩයක් හොයන්න පුළුවන්.

බයිබලය කියවන ගමන් සොයන්න කියන කොටුව ටැප් කරන්න. ඊටපස්සේ ඔයාට හොයාගන්න අවශ්‍ය වචනය ටයිප් කරන්න. ටයිප් කරද්දී ඒ වචනයත් ඒකට ළඟින් යන වචනත් පෙන්නයි. ඒ වචනවලින් එකක් උඩ ටැප් කරන්න. ඕනෙ නම් කීබෝඩ් එකේ එන්ටර් බට්න් එක ටැප් කරන්නත් පුළුවන්. එතකොට ප්‍රතිඵල පෙන්වන ලැයිස්තුවක් දකින්න ලැබෙයි.

වැඩියෙන්ම කියන කොටස ටැප් කළාම ඔයා හොයන වචනය හෝ වචන කාණ්ඩය තියෙන වැඩියෙන්ම බලලා තියෙන බයිබල් පද පෙන්වනවා. හැම පදයක්ම කියන තැන ටැප් කළොත් ඔයා හොයන වචනය හෝ වචන කාණ්ඩය තියෙන හැම පදයක්ම බයිබලයේ පොත් තියෙන පිළිවෙළට පෙන්වනවා. ලිපි කියන කොටස ටැප් කළොත් බයිබලයේ පෙරවදනේ සහ උපග්‍රන්ථවල ඔයා හොයන වචනය තියෙන තැන් පෙන්වනවා.

යම් වචන කාණ්ඩයක් ඒ විදිහටම බයිබලයෙන් බලන්න ඕනෙ නම් එකම යෙදුම මැච් කරන්න කියන කොටුව ටැප් කරන්න. එතකොට පෙන්වන්නේ ඔයා ටයිප් කරලා තියෙන වචන කාණ්ඩය ඒ විදිහටම තියෙන තැන් විතරයි.

 ප්‍රකාශනයක

ඔයා කියවමින් ඉන්න ප්‍රකාශනයේ තියෙන වචනයක් හෝ වචන කාණ්ඩයක් හොයන්න පුළුවන්.

ප්‍රකාශනයක් කියවන ගමන් උඩින් තියෙන සොයන්න කියන කොටුව ටැප් කරන්න. ඊටපස්සේ ඔයාට හොයාගන්න අවශ්‍ය වචනය ටයිප් කරන්න. ටයිප් කරද්දී ඒ වචනයත් ඒකට ළඟින් යන වචනත් පෙන්නයි. ඒ වචනවලින් එකක් උඩ ටැප් කරන්න. ඕනෙ නම් කීබෝඩ් එකේ තියෙන එන්ටර් බට්න් එක ටැප් කරන්නත් පුළුවන්. එතකොට ප්‍රතිඵල පෙන්වන ලැයිස්තුවක් දකින්න ලැබෙයි.

යම් වචන කාණ්ඩයක් ඒ විදිහටම ප්‍රකාශනයක හොයන්න ඕනෙ නම් එකම යෙදුම මැච් කරන්න කියන කොටුව ටැප් කරන්න. එතකොට පෙන්වන්නේ ඔයා ටයිප් කරලා තියෙන වචන කාණ්ඩය ඒ විදිහටම තියෙන තැන් විතරයි.

 විෂයක්

Insight on the Scriptures වෙළුම් ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා නම් ඒකේ තියෙන විෂයක් වුණත් හොයන්න පුළුවන්. ඔයා බයිබලය හෝ වෙන ප්‍රකාශනයක් කියවමින් හිටියත් ඔයා හොයන විෂය Insight පොතේ තියෙනවා නම් ඒක බලන්න පුළුවන්.

සොයන්න කියන කොටුව ටැප් කරලා ඔයාට අවශ්‍ය විෂයක් ටයිප් කරන්න. ටයිප් කරගෙන යද්දී Insight පොතේ තියෙන ඒ විෂයට ගැළපෙන විෂයන්වල ලැයිස්තුවක් පෙන්වයි. කැමති විෂයක් ටැප් කරන්න.

2014 ඔක්තෝබර් මාසයේ මුදාහැරිය ‘JW ලයිබ්‍රරි’ 1.3.4 වර්ෂන් එකේ මේ අලුත් විශේෂාංග ඇතුළත් කරලා තිබුණා. වින්ඩෝස් 8.0 හෝ ඊටපසුව ආපු වර්ෂන්වල මේවා වැඩ කරනවා. මේ විශේෂාංග ඔයාගේ ඩිවයිස් එකේ පෙන්නන්නේ නැත්නම් අලුත්ම විශේෂාංග ලබාගන්න කියන කොටසේ ඇති “‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—වින්ඩෝස්” යටතේ තියෙන උපදෙස් අනුගමනය කරන්න.