Skip to content

පටුනට යන්න

JW.ORG වෙබ් අඩවිය

‘යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු’ පොත පාවිච්චි කරන්න

‘යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු’ පොත පාවිච්චි කරන්න

 ගීතිකා පොත ඩවුන්ලෝඩ් කරගන්න

ලයිබ්‍රරි > සංගීතය කියන කොටසට යන්න.

පොත ලබාගන්න පුළුවන් විවිධ විදි පෙන්වන බට්න් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරන්න කියන කොටුවට යන්න.

ඩවුන්ලෝඩ් කරන්න කියන කොටුවේ ‘යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු’ කියන පොත ඩිජිටල් මාධ්‍යයෙන් ලබාගන්න පුළුවන් හැම ෆෝමැට් එකක්ම පෙන්වලා තියෙනවා.

ගීතිකා පොතේ මාතෘකාවට යටින් තියෙන ෆෝමැට්වලින් ඔයාට අවශ්‍ය එක තෝරගන්න. උදාහරණයකට ඔයාට ගීතිකා පොත ඩවුන්ලෝඩ් කරන්න ඕනෙ “PDF” එකක් විදිහට නම් PDF කියන බට්න් එක ක්ලික් කරන්න.

ගීතිකා පොතේ මාතෘකාවට එහා පැත්තෙන් තියෙන ඩවුන්ලෝඩ් බට්න් එක ඔබන්න. ෆයිල් එකේ ප්‍රමාණය ඒ බට්න් එකේ පෙන්වලා තියෙනවා.

 ගීතිකා ප්ලේ කරන්න නැත්නම් ඩවුන්ලෝඩ් කරන්න

ඔයාගේ භාෂාවෙන් ගීතිකා පොතේ සංගීතය ඇතුළත් ඇල්බම් එක තියෙනවා නම් ඒවා ලයිබ්‍රරි > සංගීතය කියන කොටසේ ගීතිකා පොතත් එක්කම පෙන්වලා තියෙනවා.

ඒ ඇල්බම් එකේ තියෙන ඕඩියෝ බට්න් එක හෝ වීඩියෝ බට්න් එක ක්ලික් කරලා ප්ලේ කරන්න සහ ඩවුන්ලෝඩ් කරන්න කියන කොටුවට යන්න.

ප්ලේ කරන්න සහ ඩවුන්ලෝඩ් කරන්න කියන කොටුවෙන් එක ගීතිකාවක හරි ගීතිකා කිහිපයක හරි ඕඩියෝ එක නැත්නම් වීඩියෝ එක ප්ලේ කරන්න පුළුවන්.

  • ගීතිකා පොතේ ගීතිකාවලට මුල ඉඳලා ඇහුම්කන් දෙන්න ඕඩියෝ බාර් එකේ තියෙන ප්ලේ බට්න් එක ක්ලික් කරන්න.

  • එක ගීතිකාවකට සවන් දෙන්න ඒ ගීතිකාවේ මාතෘකාවට එහා පැත්තෙන් තියෙන ප්ලේ බට්න් එක ක්ලික් කරන්න.

  • පින්තූරය මත තියෙන ප්ලේ බට්න් එක ක්ලික් කරලා ඒ ගීතිකාවේ වීඩියෝ එක බලන්න පුළුවන්.

ගීතිකා පොත අවසන් වෙන කල් එක ගීතිකාවක් ඉවර වුණාම ඊළඟ ගීතිකාව ප්ලේ වෙනවා.

ප්ලේ කරන්න සහ ඩවුන්ලෝඩ් කරන්න කියන කොටුවෙන් සම්පූර්ණ ගීතිකා පොතම එහෙමත් නැත්නම් එක ගීතිකාවක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.

  • ගීතිකා පොතේ සම්පූර්ණ ඕඩියෝ එකම ඩවුන්ලෝඩ් කරගන්න ZIP බට්න් එක ක්ලික් කරන්න. මුළු ඕඩියෝ ෆයිල් එකේම ප්‍රමාණය ඒ බට්න් එකේ පෙන්වලා තියෙනවා.

  • ගීතිකාවක ඕඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න ඒ ගීතිකාවේ මාතෘකාවට එහා පැත්තෙන් තියෙන MP3 බට්න් එක ක්ලික් කරන්න. අදාළ ගීතිකාවේ ෆයිල් එකේ ප්‍රමාණය ඒ බට්න් එකේ පෙන්වලා තියෙනවා.

  • ගීතිකාවක වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න ඒ ගීතිකාවේ මාතෘකාවට එහා පැත්තෙන් තියෙන ඩවුන්ලෝඩ් කරන්න කියන බට්න් එක ක්ලික් කරන්න.

 ගීතිකා හොයන්න, ප්ලේ කරන්න සහ බලන්න

ලයිබ්‍රරි > සංගීතය කියන කොටසට යන්න.

‘යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු’ කියන පිටුවට යන්න ගීතිකා පොතේ මාතෘකාව නැත්නම් ඇල්බම් එකේ මාතෘකාව ක්ලික් කරන්න.

ඔයාට අහන්න හරි බලන්න හරි ඕන ගීතිකා ඒ පිටුවෙන් හොයාගන්න පුළුවන්.

ඇල්බම් එකේ තියෙන ඔක්කොම ගීතිකා ප්ලේ කරන්න දිගටම ප්ලේ කරන්න කියන කොටුව ක්ලික් කරන්න. ඔක්කොම ගීතිකා ප්ලේ වුණාට පස්සේ ප්ලේ වෙන එක නවතිනවා.

ගීතිකා තැනින් තැන ප්ලේ කරන්න ෂෆල් කරන්න කියන බට්න් එක ක්ලික් කරන්න. ඔක්කොම ගීතිකා ප්ලේ වුණාට පස්සේ ප්ලේ වෙන එක නවතිනවා.

ඕඩියෝ බාර් එක පාවිච්චි කරන විදිහ:

  • ‘යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු’ කියන ගීතිකා පොතේ ගීතිකාවලට මුල ඉඳලා ඇහුම්කන් දෙන්න ප්ලේ බට්න් එක ක්ලික් කරන්න. එක ගීතිකාවකට සවන් දෙන්න ඒ ගීතිකාවේ මාතෘකාවට දකුණු පැත්තෙන් තියෙන ප්ලේ බට්න් එක ක්ලික් කරන්න.

  • ගීතිකාව නවත්වන්න පෝස් බට්න් එක ක්ලික් කරන්න. ගීතිකාව ආයෙත් අහන්න ප්ලේ බට්න් එක ක්ලික් කරන්න.

  • ඕඩියෝ ට්‍රැක් එකේ යම් තැනකට යන්න අවශ්‍ය වුණාම ඕඩියෝ පොයින්ටර් එක ඉස්සරහාට නැත්නම් පස්සට ඇදලා අවශ්‍ය තැනට යන්න.

  • දිගටම ප්ලේ කරන්න හෝ ෂෆල් කරන්න කියන බට්න් ක්ලික් කරලා තියෙද්දී කලින් කියන බට්න් එක ක්ලික් කරලා කලින් ප්ලේ වුණු ගීතිකාව අහන්න පුළුවන්.

  • දිගටම ප්ලේ කරන්න හෝ ෂෆල් කරන්න කියන බට්න් ක්ලික් කරලා තියෙද්දී ඊළඟ කියන බට්න් එක ක්ලික් කරලා ඊළඟට තියෙන ගීතිකාව අහන්න පුළුවන්.

  • මියුට් බට්න් එකෙන් ශබ්දය ඇහෙන්නේ නැති කරන්න එහෙමත් නැත්නම් ආපහු ශබ්දය අහන්න පුළුවන්.

වෙබ් පිටුවේ ඉහළට පහළට යද්දී ඕඩියෝ බාර් එක පිටුවේ උඩින්ම නතර වෙනවා. ඒ නිසා වෙබ් පිටුවේ ඔයා ඉන්න තැන මඟහරවා ගන්නේ නැතුව පෝස් කරන්නත් ආයෙත් ප්ලේ කරන්නත් පුළුවන්.

‘යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු’ කියන ගීතිකා පොත බලන්න විදි දෙකක් තියෙනවා. එකක් ග්‍රිඩ් දැක්ම අනිත් එක ලිස්ට් දැක්ම.

  • හැම ගීතිකාවකම අංකය සහ මාතෘකාව ලැයිස්තුවක් විදිහට බලන්න ලිස්ට් දැක්ම ක්ලික් කරන්න. ඒක තමයි සාමාන්‍යයෙන් තියෙන විදිහ.

  • ලිස්ට් දැක්මේ තියෙද්දී ගීතිකාවක් අහන්න නම් ගීතිකාවේ මාතෘකාවට එහා පැත්තෙන් තියෙන ප්ලේ බට්න් එක ක්ලික් කරන්න. පද මාලාව බලන්න නම් මාතෘකාව ක්ලික් කරන්න.

  • ගීතිකා අංක වගුවක ආකාරයෙන් බලන්න නම් ග්‍රිඩ් දැක්ම ක්ලික් කරන්න. ඒ අංකයක් ක්ලික් කරලා පද මාලාව බලන්න පුළුවන්.

 ගීතිකාවල පද මාලා බලන්න

ගීතිකා පොතේ පද මාලාව වෙබ් අඩවියේ තියෙනවා නම් ගීතිකාවක අංකය හෝ මාතෘකාව ක්ලික් කරලා පද මාලාව බලන්න පුළුවන්.

ගීතිකාවක් හොයාගන්න ඕනෙ නම් ඕඩියෝ බාර් එකට යටින් තියෙන අංකය හෝ මාතෘකාව සොයන්න කියන කොටුව ක්ලික් කළාම එන ලැයිස්තුව පාවිච්චි කරන්න.

  • ඒ ලැයිස්තුවේ ගීතිකාවල අංකය සහ මාතෘකාව තියෙනවා.

  • ඕන කරන ගීතිකා හොයාගන්න ගීතිකාවක අංකය හරි මාතෘකාවේ කොටසක් හරි ටයිප් කරන්න.

  • ඒ ලැයිස්තුවේ තියෙන ගීතිකාවක පද මාලාව බලන්න ගීතිකාව ක්ලික් කරන්න.

පද මාලාව බලන්න ඔයාට අවශ්‍ය දැක්ම තෝරගන්න.

  • පද මාලාව අකුරු විදිහට බලන්න නම් අකුරු දැක්ම බට්න් එක ක්ලික් කරන්න. ඒක තමයි සාමාන්‍යයෙන් තියෙන විදිහ. ඒ දැක්මේ තියෙද්දී බයිබල් පදවලට ක්ලික් කරලා බයිබල් පද බලන්න පුළුවන්. ඒ වගේම ඔයා ගීතිකාව අහද්දී පද මාලාවේ ප්ලේ වෙන කොටස වෙන පාටකින් පෙන්වනවා.

  • පද මාලාව පින්තූරයක් විදිහට බලන්න නම් පින්තූර දැක්ම බට්න් එක (සිංහලෙන් නැහැ) ක්ලික් කරන්න. මේ පද මාලාවේ මියුසික් නෝට්ස් තියෙනවා. පද මාලාව ඉමේජ් වීවර් එකකින් බලන්න නම් පද මාලාව පෙන්වන පින්තූරය උඩ ක්ලික් කරන්න. ඒ පින්තූරය ලොකු පොඩි කරන්න ලොකු කරන්න සහ පොඩි කරන්න කියන බට්න් ක්ලික් කරන්න. ඔයා පාවිච්චි කරන්නේ ටච් ස්ක්‍රීන් උපකරණයක් නම් පද මාලාව ඇඟිලිවලින් ලොකු පොඩි කරන්නත් පුළුවන්.

  • ගීතිකාවේ පද මාලාව පෙන්වන වීඩියෝ එක බලන්න වීඩියෝ බට්න් එක ක්ලික් කරන්න.