Skip to content

2014 මැයි 2
චිලී

චිලීවල වැල්පරයිසෝ නගරයේ දරුණු ලැව් ගින්නක්

චිලීවල වැල්පරයිසෝ නගරයේ දරුණු ලැව් ගින්නක්

චිලීවල පොන්තෙ ඇල්තො - 2014 අප්‍රියෙල් 13වෙනිදා පැසිෆික් සාගරය දෙසින් හැමුව හුළඟ නිසා ලැව් ගින්න චිලීවල වැල්පරයිසෝ නගරය පුරා දරුණු විදිහට පැතිරුණා. මෙය ඓතිහාසික වටිනාකමක් තියෙන වරාය නගරයක්. ලැව් ගින්නෙන් අඩුම තරමින් 15 දෙනෙක්වත් මිය ගියා. තවත් 500 දෙනෙක් අනතුරුවලට ලක් වුණා. නිවාස 2,900ක් විතර ගින්නෙන් අළු වෙලා ගියා. 10,000කට වඩා වැඩි පිරිසකට උන්හිටි තැන් අහිමි වුණා.

චිලීවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය වාර්තා කරන්නේ මැරුණු අය අතර වයසක සාක්ෂිකරුවෙක් හිටියා කියලයි. ඒ වගේම සාක්ෂිකරුවන් 89කගේ විතර නිවාසවලට හානි වුණා. ඒ අයට සෙසු සාක්ෂිකරුවන්ගේ නිවාසවල නවතැන් පහසුකම් දුන්නා. විපතට පත් වුණ අයට උදව් කරන්න ශාඛා කාර්යාලය ඉක්මනින්ම පියවර අරන් සහන සේවා කමිටුවක් පිහිටෙව්වා. ස්වේච්ඡා සේවක කණ්ඩායම් කීපයක් දැනටමත් පිරිසිදු කිරීමේ වැඩ ආරම්භ කරලයි තියෙන්නේ. තත්වය හොඳ අතට හැරුණ ගමන්ම සාක්ෂිකරුවන්ට අහිමි වුණ නිවාස 28 ආපහු හදලා දෙන්න සැලසුම් කරලා තියෙනවා.

චිලීවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නියෝජනය කරන ජේසන් ඩී. රීඩ් මෙහෙම කිව්වා. “මේ ලැව් ගින්න නිසා දුක් ගැහැට විඳින අය ගැන අපි කනගාටු වෙනවා. අපේ මිය ගිය සාක්ෂිකරුවා ගැනත් අපිට දුකයි. මිතුරන්ව හා පවුලේ සාමාජිකයන්ව අහිමි වුණ අය ගැන අපේ යාච්ඤාවලදී අපි නිතරම මතක් කරනවා. විපතට පත් වුණ අයට අපි දිගටම අවශ්‍ය ආධාර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මානසිකව වැටිලා ඉන්න අයට ඒ තත්වයෙන් ගොඩ එන්නත් අපි උපකාර කරනවා.”

මාධ්‍ය ප්‍රකාශක:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

චිලී: ජේසන් ඩී. රීඩ්, +56 2 2428 2600