Skip to content

පෞද්ගලික දත්ත රැකීම

පෞද්ගලික දත්ත රැකීම

වැදගත්: අපේ වෙබ් අඩවිය භාවිත කිරීමෙන් හෝ/හා ඊට ඔබේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමෙන් පෞද්ගලික දත්ත භාවිතය පිළිබඳව ඇති නීති හා රෙගුලාසිවලට අනුකූලව, ඒවා පහත විස්තර කර ඇති ආකාරයට හා අරමුණුවලට එකඟව හැසිරවීමට ඔබ එකඟ වන බව තහවුරු කරනවා.

 ඔබේ පෞද්ගලික දත්ත රැකීම

ඔබේ පෞද්ගලික දත්ත රැකීමටත් ඒ සඳහා ඔබට ඇති අයිතියට ගරු කිරීමටත් අප බැඳී සිටිනවා. මෙම ප්‍රතිපත්තිය මගින් අප ඔබෙන් ලබාගන්නා හෝ ඔබ විසින් ඇතුළත් කරන ලද ඕනෑම පෞද්ගලික දත්තයක් අපේ වෙබ් අඩවිය තුළ හැසිරවීමට පදනම සැපයෙනවා. ඔබ අපේ වෙබ් අඩවියට ඇතුල් වූ විට යම් සරල තොරතුරු අප සටහන් ගන්නා අතර ඒවා සුරැකිව තබාගැනීමෙත් ඒවා තබාගැනීමට හේතුව ඔබට හෙළි කිරීමේ වැදගත්කමත් අප තේරුම් අරන් ඉන්නවා. හැමෝටම ලබා නොදෙන තොරතුරු අපට ලබා දෙන්න ඔබ තීරණය කළ හැකියි. මෙම ප්‍රතිපත්තියේ “පෞද්ගලික දත්ත” ලෙස හඳුන්වන්නේ ඔබේ නම, ඊ-මේල් ලිපිනය, නිවසේ ලිපිනය, දුරකථන අංකය වැනි ඔබව හඳුනාගැනීමට යොදාගන්නා ඕනෑම තොරතුරක් විය හැකියි. මෙම වෙබ් අඩවියේ පොදු ස්ථාන බැලීමට ඔබේ කිසිම පෞද්ගලික දත්තයක් ඇතුළත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. “වෙබ් අඩවිය” යනුවෙන් හඳුන්වන්නේ අපේ මෙම වෙබ් අඩවිය හා ඒ ආශ්‍රිත අනෙකුත් වෙබ් අඩවි වන apps.ps8318.com, ba.ps8318.com, stream.ps8318.com හා wol.ps8318.com.

 දත්ත පාලනය පිළිබඳ තොරතුරු

මෙම වෙබ් අඩවියේ අයිතිය තිබෙන්නේ වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්කෝපරේටඩ් (“වොච්ටවර්”) වෙතයි. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ කටයුතුවලට සහ බයිබල් අධ්‍යාපනයට සහයෝගය දක්වන නිව් යෝර්ක්වල පිහිටි ලාභ නොලබන සමාගමක්. ඔබ අපේ වෙබ් අඩවියේ අලුත් account එකක් ආරම්භ කිරීමට, පරිත්‍යාගයක් කිරීමට හෝ කෙනෙක් ඔබව ඇවිත් හමු වෙනවාට කැමති නම් ඔබ මෙම ප්‍රතිපත්තියට එකඟ වන අතර ඔබේ ඉල්ලීම පරිදි එම දත්තයන් එක්සත් ජනපදයේ පිහිටා ඇති අපේ serversවල ගබඩා කිරීමටත්, ඒවා එකතු කිරීමටත්, වෙනත් ස්ථානයකට යැවීමටත්, වොච්ටවර් හා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සහයෝගය දෙන විවිධ රටවල පිහිටි කාර්යාල වෙත ඒවා යොමු කිරීමටත් එකඟ වෙනවා. මෙම ආගමික සංවිධානය ලොව පුරා පිහිටි විවිධ ප්‍රාදේශීය ආයතන මගින්ද ක්‍රියාත්මක වේ. එනම් සභා, ශාඛා කාර්යාල හා ඒ හා සමාන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සහය දෙන වෙනත් කාර්යාල වෙත ඔබේ පෞද්ගලික දත්ත යොමු විය හැකියි.

ඔබේ පෞද්ගලික දත්ත පත් වන්නේ කාගේ අතටද යන්න තීරණය වන්නේ ඔබ වෙබ් අඩවිය මාර්ගයෙන් ඉල්ලුම් කළ සේවාවට අනුවයි. උදාහරණයකට ඔබ යම් රටක නීතික අයතනයකට යම් පරිත්‍යාගයක් කරන විට ඔබේ නම හා ඔබව ඇමතිය හැකි තොරතුරු ඔවුන්ට ලබා දෙනවා. තවත් උදාහරණයක් නම්, ඔබව ඇවිත් හමු වෙන්න කියා ඔබ ඉල්ලුමක් කළ විට, ඔබේ ඉල්ලීම ඉටු කිරීම සඳහා ඔබේ නම හා ඔබව ඇමතිය හැකි තොරතුරු ප්‍රාදේශීය ශාඛා කාර්යාලයටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අදාළ සභාවටත් ලබා දෙනවා.

ඔබ ජීවත් වෙන රටේ දත්ත රැකීම පිළිබඳව යම් නීති තිබෙනවා. ඔබේ පහසුවට ඒ පිළිබඳව සම්බන්ධ කර ගත හැකි පුද්ගලයන් ගැන විස්තර දත්ත රැකීම පිළිබඳව අමතන්න යන පිටුවෙන් ඔබට සොයාගත හැකියි.

 දත්තවල ආරක්ෂාව හා රහස්‍යභාවය රැකීම

ඔබේ දත්තවල ආරක්ෂාව හා ඒවායේ රහස්‍යභාවය රැකීම අප ඉතා බැරෑරුම් ලෙස සලකනවා. අනවසර පිවිසුම්වලින්, අනිසි ලෙස භාවිතයෙන්, අනවසරෙන් දත්ත වෙනස් කිරීම, නීති විරෝධි ලෙස දත්ත විනාශ කිරීම හෝ බලාපොරොත්තු නොවූ ලෙස දත්ත අහිමි වීම වැනි හේතූවලින් ඔබේ දත්ත ආරක්ෂා කිරීමට අප නවීනතම දත්ත ගබඩා කිරීමේ ක්‍රම හා ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ඉහළම තාක්ෂණය භාවිත කරනවා. ඔබේ පෞද්ගලික දත්තවල රාහස්‍යභාවය රැකීමට හා ඒ සම්බන්ධයෙන් ඔබට ඇති අයිතියට ගරු කිරීමට පෞද්ගලික දත්ත හසුරුවන්නන් හා අප යටතේ වැඩ කරන තුන්වන පාර්ශ්වයේ සේවා දායකයන් බැඳී සිටිනවා. අප ඔබේ පෞද්ගලික දත්තයන් තබා ගන්නේ එය ලබා ගත් අරමුණ ඉටු වන තෙක් පමණක් හෝ යම් නීතික ලියකියවිලිවල අවශ්‍යතාව මත පමණයි.

ඔබේ පෞද්ගලික දත්තයන් වෙනත් ස්ථානයකට යැවීමේදී ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් අප Transport Layer Security (TLS) වැනි දත්ත ආරක්ෂක ක්‍රම භාවිත කරනවා. අප භාවිත කරන පරිගණකවලට පිවිසිය හැක්කේ සීමිත පිරිසකට පමණයි. මේ පරිගණක තබා තිබෙන්නේ පොදු ජනයාට ලේසියෙන් පිවිසිය නොහැකි ස්ථානවලයි. ඒවා ඉලෙක්ට්‍රෝනිකවත් වෙනත් විවිධ ක්‍රමවලිනුත් ආරක්ෂා කර තිබෙනවා. මේ හැම දෙයක්ම කරන්නේ ඔබේ පෞද්ගලික දත්තවල රහස්‍යභාවය සහ ආරක්ෂාව වෙනුවෙනුයි. ඒ නිසා කිසිම කෙනෙක්ට අනවසරෙන් ඒ පරිගණක පාවිච්චි කළ නොහැකියි.

 බාල වයස්කරුවන්

ඔබ ජීවත් වන රටේ ඔබ බාල වයස්කරුවෙක් නම් ඔබේ දෙමාපියන් හෝ භාරකරු සමඟ මෙම වෙබ් අඩවියට ඔබේ පෞද්ගලික දත්ත ඇතුළත් කළ හැකියි. ඔබ දෙමාපියෙක් හෝ භාරකරුවෙක් නම් බාල වයස්කරුවෙක්ට මෙම වෙබ් අඩවියට ඔවුන්ගේ පෞද්ගලික දත්ත ඇතුළත් කිරීමට ඉඩ දීමෙන් මෙම ප්‍රතිපත්තියට ඔබ එකඟ වන බව පෙන්වනවා.

 තුන්වන පාර්ශ්වය

අප වෙනුවෙන් යම් සේවාවක් ඉටු කරගැනීමට මෙම වෙබ් අඩවිය තුන්වන පාර්ශ්වයන්ගේ සහය ලබාගන්නවා. ඒ නිසා සමහර අවස්ථාවලදී ඒ අයගේ වෙබ් අඩවිවලට පිවිසෙන ලින්ක් අපේ වෙබ් අඩවියේ තියෙනවා (උදාහරණයකට ඔන්ලයින් ෆෝම් එකක් පුරවද්දී). ඒ වෙබ් අඩවිවල පෙනුම සහ බ්‍රවුසර් ලිපිනය ටයිප් කරන තැන අපේ අඩවියට වඩා වෙනස්. ඒ නිසා ඔබ පිවිස සිටින්නේ තුන්වන පාර්ශ්වයේ වෙබ් අඩවියකට කියා හොයාගන්න අමාරු නැහැ. ඒ වගේම තුන්වෙනි පාර්ශවෙයේ වෙබ් අඩවියකින් තොරතුරු හොයලා බලනවා නම් එම වෙබ් අඩවියෙන් ඊමේල්, මෙසේජ් සහ ඔබ හොයපු තොරතුරුවලට අදාළ දැන්වීම් ලැබෙන්න ඉඩ තියෙනවා. තුන්වන පාර්ශවයක් තෝරගන්න අවස්ථාවේදී සහ ඊටපස්සෙත් පෞද්ගලික තොරතුරු රැකීම සහ දත්ත සුරැකීම පිළිබඳ ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරලද කියා අප විටින් විට පරීක්ෂා කර බලනවා. එසේ කරන්නේ ඒ ප්‍රතිපත්ති අපේ ප්‍රතිපත්තිවලට ගැළපෙනවාද කියා සොයා බලන්නයි. කොහොමවුණත් මෙම තුන්වන පාර්ශ්වයන් ඇප්ස් සහ වෙනත් සේවාවන් සපයා තිබෙනවා. ඒවායේ ප්‍රෝග්‍රෑමිං, භාවිත කිරීමේ නීති, පෞද්ගලික තොරතුරු රැකීම සහ පොදු කොන්දේසි අපේ පාලනයෙන් තොරයි. ඒ අනුව ඔබ මෙම වෙබ් අඩවිය හරහා ඒ අයගේ ඇප්ස් සහ වෙනත් සේවාවන් ලබාගනිද්දී තුන්වන පාර්ශ්වය දැනට පනවා තිබෙන භාවිත කිරීමේ නීති සහ කොන්දේසිවලට ඔබ යටත් වෙනවා. ඒ නීති සහ කොන්දේසි අලුත් කිරීම ගැන අපිව තවම දැනුවත් කර නැහැ. ඒ නිසා තුන්වන පාර්ශ්වයේ සේවය ලබාගන්න කලින් කරුණාකර ඒ අයගේ කොන්දේසි නැවත කියවා බලන්න. ඒ ගැන ඔබට යම් ප්‍රශ්න තිබෙනවා නම් ඒ අයගේ වෙබ් අඩවිවලට ගිහින් ඔවුන්ගේ ප්‍රතිපත්ති පරීක්ෂා කරන්න ඔබට පුළුවන්.

 මෙම වෙබ් අඩවිය හරහා Google Maps සේවාව භාවිත කරද්දී ගූගල් පෞද්ගලික තොරතුරු රැකීම යටතේ ඇති වත්මන් කොන්දේසිවලට ඔබ යටත් වෙනවා. ගූගල් කියන්නේ තුන්වන පාර්ශ්වයේ සේවා දායකයෙක්. ඒ අයගේ ඇප්ස්, ප්‍රෝග්‍රෑමිං සහ සේවා කොන්දේසි අපේ පාලනයෙන් තොරයි. ඒ නිසා මෙම වෙබ් අඩවිය හරහා Google Maps සේවාව භාවිත කරද්දී ඔවුන් දැනට පණවා ඇති Google Maps/Google Earth අමතර සේවා කොන්දේසිවලට ඔබ යටත් වෙනවා. ඒ නීති සහ කොන්දේසි අලුත් කිරීම ගැන අපිව තවම දැනුවත් කර නැහැ. ඒ නිසා Google Maps සේවාව භාවිත කරන්න කලින් කරුණාකර ඔවුන්ගේ කොන්දේසි නැවත කියවා බලන්න. ඒවාට එකඟ වෙන්න බැරි නම් Google Maps සේවාව භාවිත කරන්න එපා.

මෙම ප්‍රතිපත්තියට සිදු කරන වෙනස්කම් පිළිබඳ දැන්වීම්

 අප දිගටම මෙම වෙබ් අඩවිය සහ දැනටමත් එහි පවතින සේවාවන් වැඩි දියුණු කරනවා වගේම අලුත් අංග ඇතුළත් කරනවා. දිගටම වෙන මේ වගේ වෙනස්කම් නිසාත් නීතියේ වගේම තාක්ෂණයේ සිදු වෙන වෙනස්කම් නිසාත් අප දත්ත හසුරුවන විදිහ කාලෙන් කාලෙට වෙනස් විය හැකියි. එවැනි අවස්ථාවකදී අපේ ප්‍රතිපත්තිවල යම් වෙනසක් කළොත් ඒවා මෙම පිටුවේ පළ කරන නිසා ඔබෙන් ලබාගන්නේ මොන වගේ දත්තයන්ද කියාත් අප ඒවා භාවිත කරන ආකාරය ගැනත් ඔබට නිතරම දැනුවත් වී සිටිය හැකියි.

Active Scripting හෝ JavaScript

Scripting භාවිත කරන්නේ වෙබ් අඩවිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහායි. ඉක්මනින්ම ඔබේ අවශ්‍යතාව ඉටු කිරීමට හැකි වී තිබෙන්නේ එම තාක්ෂණය නිසයි. ඔබේ කොම්පියුටරයේ සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කිරීමට හෝ ඔබේ පෞද්ගලික තොරතුරු අනවසරයෙන් ලබාගැනීමට හෝ අප මේවා භාවිත කරන්නේ නැහැ.

වෙබ් අඩවියේ සමහර කොටස් නිවැරදි ලෙස ක්‍රියා කිරීම සඳහා Active Scripting හෝ JavaScript ක්‍රියාත්මක කිරීම (enable) අත්‍යවශ්‍යයි. සමහර වෙබ් අඩවිවල මේවා ක්‍රියාත්මක කිරීමේ (enable) හෝ අක්‍රිය කිරීමේ (disable) පහසුකම් තිබෙනවා. ඒ ගැන දැනගැනීමට අදාළ වෙබ් අඩවියේ උදව් කරන්න (Help) යන ස්ථානය ක්ලික් කරන්න.