Skip to content

බයිබලය ලිව්වේ කවුද කියලා දැනගන්න පුළුවන්ද?

බයිබලය ලිව්වේ කවුද කියලා දැනගන්න පුළුවන්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 බයිබලය ලිව්වේ කවුද කියන එක හරියටම කියන්න බැහැ කියලා සමහරු කියනවා. නමුත් බයිබලය ලිව්වේ කවුද කියලා බයිබලයේම තියෙනවා. මේ උදාහරණ බලන්න. “නෙහෙමියා ලියූ වාර්තාව,” ‘යෙසායාට ලැබුණු දර්ශනය’ සහ “යෙහෝවා දෙවි පෙතුයෙල්ගේ පුත් යෝවෙල් මාර්ගයෙන් දුන් පණිවිඩය.”—නෙහෙමියා 1:1; යෙසායා 1:1; යෝවෙල් 1:1.

 තමන්ට බයිබලය ලියන්න මඟ පෙන්වීම් ලැබුණේ දෙවියන්ගෙන් කියලා බයිබලය ලියපු අය පිළිගත්තා. “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය” කියලා බයිබලයේ 300 වතාවක් විතර සඳහන් වෙනවා. (ආමොස් 1:3; මීකා 2:3; නාහුම් 1:12) අනික් ලේඛකයන්ට දේවදූතයන් මාර්ගයෙන් දෙවියන් තොරතුරු දැනුම් දුන්නා.—සෙකරියා 1:7, 9.

 හතළිස්දෙනෙක් අවුරුදු 1,600ක් පුරා බයිබලය ලිව්වා. සමහර අය එක පොතකට වඩා ලිව්වා. බයිබලය, කුඩා පොත 66ක් තියෙන පුංචි පුස්තකාලයක් වගේ. හෙබ්‍රෙව් භාෂාවෙන් ලියපු පොත් 39ක් සහ ග්‍රීක භාෂාවෙන් ලියපු පොත් 27ක් බයිබලයේ තියෙනවා. හෙබ්‍රෙව් භාෂාවෙන් ලියපු පොත් ටික පැරණි ගිවිසුම කියලත් ග්‍රීක භාෂාවෙන් ලියපු පොතක් ටික අලුත් ගිවිසුම කියලත් සමහරු හඳුන්වනවා.