Skip to content

එයාලා මට උදව් කරන්න නැවතුණා

එයාලා මට උදව් කරන්න නැවතුණා

 බොබ් ජීවත් වෙන්නේ කැනඩාවේ ඇල්බර්ටා කියන පළාතේ. සීතල සුළං තදින් හමමින් තිබුණ දවසක පැයට කිලෝමීටර 100ක විතර වේගෙන් එයා එයාගේ වෑන් එක පදවමින් හිටියා. හදිසියේම වෑන් එකේ පිටිපස්සේ ටයර් එකක් පිපිරුවා. මොකක්ද වුණේ කියලා මුලින්ම තේරුණේ නැති වුණත් ගෙදරට තිබුණේ තව කිලෝමීටර් 5ක් විතරක් නිසා දිගටම යන්න එයා තීරණය කෙරුවා.

 ඊළඟට මොකද වුණේ? ළඟපාත පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයට ලියුමක් යවපු බොබ් සිදු වුණ දේ විස්තර කෙරුවේ මෙහෙමයි. “කාර් එකක ආපු තරුණයන් 5දෙනෙක් මාව ඉස්සර කරන ගමන් ජනේලේ ඇරලා මට කිව්වා වෑන් එකේ පිටිපස්සේ ටයර් එක පුපුරලා කියලා. වාහන නැවැත්තුවාට පස්සේ එයාලා කිව්වා ටයර් එක මාරු කරන්න උදව් වෙන්නම් කියලා. වෑන් එකේ අමතර ටයර් එකක් තියෙනවාද කියලවත් මං දැනගෙන හිටියේ නැහැ. මම පාර අයිනට වෙලා මගේ රෝද පුටුවේ වාඩි වෙලා ඉන්න අතරේ එයාලා වෑන් එක යටට රිංගලා අමතර ටයර් එකයි ජැක් එකයි හොයාගෙන ටයර් එක මාරු කළා. ඒ වෙලාවේ කාලගුණය ගල් ගැහෙන තරම් සීතලයි. හිමත් වැටි වැටී තිබුණේ. එයාලා හොඳ ඇඳුම්වලින් සැරසිලා හිටියේ. ඒත් උදව්ව කරපු නිසා කරදරයක් නැතුව මට ගෙදර යන්න පුළුවන් වුණා. එයාලා ඒ උදව්ව කළේ නැත්නම් මට තනියම කොහොමටවත් ඒක කරගන්න පුළුවන් වෙන්නේ නැහැ.

 “මට උදව් කරපු ඒ පුතාලා 5දෙනාට බොහොම ස්තුතියි. එයාලා අසල්වැසි ගෙවල්වලට ගිහින් එයාලගේ පණිඩය දේශනා කරනවා. ඇත්තටම මේ දරුවෝ දේශනා කරනවා විතරක් නෙමෙයි දේශනාවට එකඟව ජීවත් වෙනවා. මම මුහුණ දෙන්න ගිය ලොකු කරදරයකින් එයාලා එදා මාව බේරගත්තා. එයාලට මම හදපත්ලෙන්ම ස්තුතිය පුදනවා. වෑන් එක පාරට දාද්දී මම මොහොතකටවත් හිතුවේ නැහැ ඒ වගේ තරුණ දේවදූතයෝ එදා මහ පාරේ ඉඳියි කියලා.”