Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාරයේදී කුරුසය පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාරයේදී කුරුසය පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි?

 හුඟක් අය හිතනවා කුරුසය කියන්නේ ක්‍රිස්තියානි ආගමේ අයව හඳුනගන්න තියෙන ප්‍රධාන ලකුණ කියලා. ඒත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපි ක්‍රිස්තියානීන් වුණාට නමස්කාරයේදී කුරුසය පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද?

 එක හේතුවක් තමයි යේසුස් මිය ගියේ කුරුසයක නෙමෙයි කණුවක කියලා බයිබලයේ සඳහන් කරලා තියෙන එක. අනිත් හේතුව තමයි “රූප වන්දනාවෙන් පලා දුවන්න” කියලා බයිබලයේ පැහැදිලිවම කියලා තියෙන එක. ඒ නිසා අපි නමස්කාරයේදී කුරුසය පාවිච්චි කරන්නේ නැහැ.—1 කොරින්ති 10:14; 1 යොහන් 5:21.

 යේසුස් කිව්වා “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි” කියලා. (යොහන් 13:34, 35) ඒකෙන් පැහැදිලි වෙන්නේ යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනගන්න තියෙන ලකුණ කුරුසය නෙමෙයි ප්‍රේමය කියලයි.