Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඇමරිකාවට සම්බන්ධ නිකායක්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඇමරිකාවට සම්බන්ධ නිකායක්ද?

 අපේ ලෝක මූලස්ථානය තියෙන්නේ ඇමරිකාවේ. හැබැයි අපි ඇමරිකාවට සම්බන්ධ ආගමික නිකායක් නෙමෙයි. එහෙම කියන්න හේතු කිහිපයක්ම තියෙනවා.

  •   නිකායක් කියන්නේ ප්‍රධාන ආගමකින් කැඩිලා ගිය කොටසක් කියලා සමහර අය විස්තර කරනවා. හැබැයි අපි කිසිම ආගමකින් කැඩිලා ගිය කොටසක් නෙමෙයි. මුල් සියවසේ ක්‍රිස්තියානි සභාව ක්‍රියාත්මක වුණ විදිහට අපි වැඩ කරනවා කියලා අපි විශ්වාස කරනවා.

  •   රටවල් 230කට වඩා වැඩි සංඛ්‍යාවක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉන්නවා. අපි කොහේ ජීවත් වුණත් අපි හැමදෙනාම අපේ පූර්ණ භක්තිය දෙන්නේ යෙහෝවා දෙවිටයි යේසුස් ක්‍රිස්තුස්ටයි මිසක් ඇමරිකානු ආණ්ඩුවටවත් වෙනත් සංවිධානයකටවත් නෙමෙයි.—යොහන් 15:19; 17:15, 16.

  •   අපේ ඉගැන්වීම් පදනම් වෙලා තියෙන්නේ බයිබලය මත මිසක් ඇමරිකාවේ විවිධ ආගමික නායකයන්ගේ අදහස් මත නෙමෙයි.—1 තෙසලෝනික 2:13.

  •   අපේ නායකයා යේසුස් මිසක් කිසිම මිනිස් පාලකයෙක් නෙමෙයි.—මතෙව් 23:8-10.