Skip to content

නයිජීරියාවේ නමස්කාර මධ්‍යස්ථාන 3,000ක්!

නයිජීරියාවේ නමස්කාර මධ්‍යස්ථාන 3,000ක්!

2014 මාර්තු 1වෙනි සිකුරාදා බෙනින් සිටි කියන නගරයේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයට 823දෙනෙක් ප්‍රීතියෙන් එක් රැස් වුණ එක විශේෂ අවස්ථාවක්. සීමිත සම්පත් තියෙන රටවල නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න 1999දී සැලැස්මක් යෙදුව නිසා මේ වෙද්දී සාක්ෂිකරුවන්ට ඒ රටේ නමස්කාර මධ්‍යස්ථාන 3,000ක් ඉදි කරන්න පුළුවන් වෙලා තියෙනවා.

කලින්

ඒ රැස්වීමේදී 1920 ගණන්වල ඉඳලා නයිජීරියාවේ රැස්වීම් පැවැත්තුව විදිහ ගැන කෙටි විස්තරයක් කෙරුවා. මුලින්ම රැස්වීම් පැවැත්තුවේ ගෙවල්වල නැත්නම් කුලියට ගත්ත ශාලාවලයි. නයිජීරියාවේ සාක්ෂිකරුවන්ගේ මුල්ම නමස්කාර මධ්‍යස්ථානය ඉදි කෙරුවේ ඉලිෂා කියන නගරයේ 1935දී විතර. 1938 ඉඳලා 1990 අතර කාලයේදී සභා 14 ඉඳලා 2,681 දක්වා වැඩි වුණා. ඒක 200 ගුණයකින් විතර වැඩි වීමක්. සමහර වෙලාවට සභා 6ක් එක නමස්කාර මධ්‍යස්ථානයක් පාවිච්චි කෙරුවා. තවත් සමහර ශාලාවලට හුඟක් සෙනඟ ආව නිසා එළියේ හිටගෙන ඇහුම්කන් දෙන්න සමහරුන්ට සිද්ධ වුණා. ඒ අතරතුරේ තවත් සභා රැස්වීම් පැවැත්තුවේ ගෙවල්වල සහ පාසැල් පන්ති කාමරවලයි.

දැන්

1990දී රාජ්‍ය ශාලා අරමුදල මගින් ශාලා ඉදි කරන්න ණය ලබා දෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය සැලසුම් යෙදුවා. 1997 වෙද්දී නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ කමිටු මගින් ශාලා ඉදි කරන්න හෝ අලුත්වැඩියා කරන්න සභා 105කට උදව් කරලා තිබුණා. 1997ත් 1999ත් අතර කාලයේදී නමස්කාර මධ්‍යස්ථාන 13ක් ඉදි කෙරුවා. එකක් ඉදි කරන්න ගත වුණේ සතියක් හෝ දෙකක් වගේ කාලයක්.

ඒත් නයිජීරියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ගණන ඉක්මනින්ම වැඩි වුණ නිසා ඒ ප්‍රමාණයත් මදි වුණා. ඒ රටේ තව නමස්කාර මධ්‍යස්ථාන 1,114ක්වත් හදන්න වෙයි කියලා ශාඛා කාර්යාලය 1998 අප්‍රියෙල් මාසයේදී ගණන් බැලුවා.

බෙනින් සිටිවල පැවැත්තුව ඒ විශේෂ රැස්වීමේදී නයිජීරියාවේ ශාඛා කමිටු සාමාජිකයෙක් වන ඩොන් ට්‍රොස්ට් මෙහෙම කිව්වා. “ඒක හිතාගන්නත් බැරි තරම් ලොකු වැඩක්! ‘මේක ඉවර කරගන්න පුළුවන් වෙයිද’ කියලා අපි කල්පනා කෙරුවා.” 1999දී උත්තරේ ලැබුණා. හයදෙනෙක් නැත්නම් අටදෙනෙක් ඇතුළත් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ කණ්ඩායම් ඉදි කිරීමේ වැඩවලට උදව් කළා. සරල සැලැස්මකට අනුව අවුරුදු 14ක් පුරා හැම මාසෙකම සාමාන්‍යයෙන් ශාලා 17ක් විතර ඉදි කෙරුවා.

දැරුව වෑයම ගැන රැස් වෙලා හිටිය අයට ප්‍රශංසා කරපු සහෝදර ට්‍රොස්ට් කිව්වා කරන්න තවත් වැඩ ගොඩක් තියෙනවා කියලා. 2013දී නයිජීරියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ගණන 8,000කට වඩා වැඩි වුණා. “ඉදිරියේදී වැඩි වෙන සංඛ්‍යාවට අනුව හැම අවුරුද්දකම නමස්කාර මධ්‍යස්ථාන 100 ගාණේ හදන්න වෙයි” කියලා ඔහු කිව්වා. 2013දී නයිජීරියාවේ 5,700කට වැඩි සභා ගණනක සාක්ෂිකරුවන් 3,51,000ක් හිටියා. ඒ වෙද්දී ඒ සංඛ්‍යාව ඉහළම වාර්තාවක්.