Skip to content

පරිසරය සුරැකීම වෙනුවෙන් සාක්ෂිකරුවන්ට සම්මානයක්

පරිසරය සුරැකීම වෙනුවෙන් සාක්ෂිකරුවන්ට සම්මානයක්

මෙක්සිකෝවේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මුද්‍රණාලය පරිසර හිතකාමී ආයතනයක් හැටියට එක දිගට හත්වෙනි වතාවටත් එහි රජයෙන් සහතිකයක් (පිවිතුරු ව්‍යවසාය වැඩසටහන යටතේ) ලබාගෙන තියෙනවා.

2012 සැප්තැම්බර් 26වෙනිදා මෙක්සිකෝ රජයෙන්, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් “පරිසරය සුරැකීම වෙනුවෙන් දරලා තියෙන වෙහෙස” අගය කරලා තවත් විශේෂ සහතියක් පිරිනැමුවා.

පරිසරය සුරකින්න මෙක්සිකෝ රජය මගින් ක්‍රියාත්මක කරන ඒ වැඩසටහනෙන් පරිසරයට හානි වෙන්නේ නැති විදිහට කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්න උදව් කරනවා. යෙහෝවාදෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය ලාභ නොලබන සංවිධානයක් වුණත් හැම වසරකම ඒ වැඩසටහනට සහභාගි වෙනවා. මෙක්සිකෝවේ තියෙන සාක්ෂිකරුවන්ගේ මුද්‍රණාලයේ නියෝජිතයෙක් කිව්වේ මෙහෙමයි. “ඒ සහතිකය ලැබුණේ අපි මුද්‍රණාලයේ වැඩ කටයුතු සහ අපද්‍රව්‍ය බැහැර කරන අකාරය රජයේ පාරිසරික රෙගුලාසිවලට එකඟව කරපු නිසයි. වාතය, වතුර, අපද්‍රව්‍ය ඉවත් කිරීම, විෂ සහිත අපද්‍රව්‍ය ඉවත් කිරීම, ආරක්ෂාව, විදුලි පරිභෝජනය සහ පරිසරය සුරකින්න දෙන පුහුණුව වගේ පැති හතක් ඒකේදී රජයෙන් බලනවා. කර්මාන්ත ශාලා ඒ වැඩසටහනට අනිවාර්යයෙන්ම සහභාගි වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒත් අපි සහභාගි වෙනවා.”

පරිසරයට හානි වෙන්නේ නැති විදිහට දේවල් කරන්න ලෝකෙ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තමන්ට කරන්න පුළුවන් හැම දේම කරනවා.