දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!

සාක්ෂිකරුවන් අතර විවිධ ජාතීන්ට, ගෝත්‍රවලට සහ සංස්කෘතිවලට අයත් අය ඉන්නවා. ඒ හැම කෙනෙක්ම එක්සත්ව ඉන්නේ කොහොමද?

දේවකැමැත්ත මොකද්ද?

පොළොවේ ඉන්න හැම කෙනෙක්ම දෙවියන්ගේ කැමැත්ත දැනගන්නවාට ඔහු කැමැතියි. දේවකැමැත්ත මොකක්ද? ඒ ගැන අනිත් අයට කියලා දෙන්නේ කවුද?

1වෙනි පාඩම

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මොන වගේ අයද?

සාක්ෂිකරුවන් කීදෙනෙකුව ඔයා හඳුනනවාද? ඔයා ඇත්තටම ඔවුන් ගැන දන්නේ මොනවාද?

2වෙනි පාඩම

අපිව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා හඳුන්වන්නේ ඇයි?

අපිව ඒ නමෙන් හඳුන්වන්නේ ඇයි? ඒකට හේතු තුනක් දැනගන්න.

3වෙනි පාඩම

බොරුවෙන් යට වුණු සත්‍යය ආපහු මතු වුණේ කොහොමද?

බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන අපිට නිවැරදි අවබෝධයක් තියෙනවා කියලා කියන්න පුළුවන් කොහොමද?

4වෙනි පාඩම

අපි නව ලොව පරිවර්තනය ප්‍රකාශයට පත් කළේ ඇයි?

මෙම බයිබල් පරිවර්තනය විශේෂ එකක් වෙන්නේ ඇයි?

5වෙනි පාඩම

අපේ රැස්වීම්වලට ආවොත් ඔයාට මොන වගේ ප්‍රයෝජන ලැබෙයිද?

රැස්වීම්වලදී බයිබලය ගැන ඉගෙනගන්නත් එකිනෙකාව දිරිගන්වන්නත් අවස්ථාව ලැබෙනවා. ඔයාත් කැමතිද අපේ රැස්වීමකට එන්න?

6වෙනි පාඩම

දෙවිට නමස්කාර කරන අයව ආශ්‍රය කරන එක වැදගත් ඇයි?

එකිනෙකා එක්ක ආශ්‍රය කරන්න කියලා දේවවචනය දිරිගන්වනවා. දෙවිට නමස්කාර කරන අයව ආශ්‍රය කරන එකෙන් ඔබට ප්‍රයෝජන ලබන්න පුළුවන් කොහොමද?

7වෙනි පාඩම

අපේ රැස්වීම් කොයි වගේද?

ක්‍රිස්තියානි රැස්වීමක් මොන වගේද කියලා ඔයා කල්පනා කරලා තියෙනවද? රැස්වීමකට ගියොත් එතැනදී ඉගෙනගන්න ලැබෙන වටිනා දේවල් ගැන ඔයා පුදුම වෙයි.

8වෙනි පාඩම

අපි රැස්වීම්වලට යද්දී පිළිවෙළකට අඳින්නේ පළඳින්නේ ඇයි?

අපි අඳින පළඳින විදිහ ගැන දෙවි සැලකිලිමත්ද? ඇඳුම් පැළඳුම් තෝරගද්දී අපි අදාළ කරගන්න ප්‍රමිති ගැන දැනගන්න.

9වෙනි පාඩම

රැස්වීම්වලට කලින්ම සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

රැස්වීම්වලට හොඳින් සූදානම් වෙනවා නම් හුඟක් ප්‍රයෝජන ලබන්න පුළුවන්.

10වෙනි පාඩම

පවුලේ නමස්කාරය කියන්නේ මොකද්ද?

යෙහෝවා දෙවියන්ට ළං වෙන්නත් පවුලේ බැඳීම ශක්තිමත් කරගන්නත් පවුලේ නමස්කාරය උදව් වෙන්නේ කොහොමද?

11වෙනි පාඩම

අපිට සමුළු තියෙන්නේ ඇයි?

හැම අවුරුද්දකම අපිට සමුළු තුනක් තියෙනවා. ඒ සමුළුවලින් ප්‍රයෝජන ලබන්න පුළුවන් කොහොමද?

12වෙනි පාඩම

දේවරාජ්‍යය ගැන ශුභාරංචිය අපි හැමෝටම දන්වන්නේ කොහොමද?

දේශනා කරන්න යේසුස් පාවිච්චි කරපු ක්‍රම අද සාක්ෂිකරුවනුත් පාවිච්චි කරනවා. ඒවා සමහරක් මොනවාද?

13වෙනි පාඩම

පුරෝගාමීන් කියන්නේ කාටද?

සමහර සාක්ෂිකරුවන් ශුභාරංචිය ප්‍රචාරය කරන්න මාසයකට පැය 30ක්, 50ක් හෝ ඊටත් වඩා වැය කරනවා. ඒ ඇයි?

14වෙනි පාඩම

පුරෝගාමීන්ට තියෙන පාසැල් මොනවාද?

පූර්ණකාලීනව දේශනා සේවයේ හවුල් වෙන අයව පුහුණ කරන්න තියෙන්නේ මොන වගේ පාසැල්ද?

15වෙනි පාඩම

වැඩිමහල්ලන්ගෙන් සභාවට වෙන්නේ මොන වගේ සේවයක්ද?

වැඩිමහල්ලන් දෙවිට ළැදි, විශ්වාසවන්ත අය. ඔවුන් සභාවේ අයව හොඳින් රැකබලා ගන්නවා. ඔවුන් ඒක කරන්නේ කොහොමද?

16වෙනි පාඩම

සහායක සේවකයන් කරන්නේ මොන වගේ සේවයක්ද?

සභාවේ වැඩකටයුතු හොඳින් කරගෙන යන්න සහායක සේවකයන් හුඟක් මහන්සි වෙනවා. ඔවුන්ගේ සේවයෙන් අපිට ප්‍රයෝජන ලබන්න පුළුවන් කොහොමද?

17වෙනි පාඩම

චාරිකා සේවකයන් අපි වෙනුවෙන් කරන්නේ මොන වගේ සේවයක්ද?

චාරිකා සේවකයන් සාක්ෂිකරුවන්ගේ සභාවන්වලට යන්නේ ඇයි? ඒකෙන් ප්‍රයෝජන ලබන්න ඔයාට පුළුවන් කොහොමද?

18වෙනි පාඩම

විපතට පත් වෙන සහෝදරයන්ට අපි උදව් කරන්නේ කොහොමද?

විපතක් සිදු වුණාම අවශ්‍ය දේවල් සහ සහනය ලබා දෙන්න අපි ඉක්මනින්ම දේවල් සැලසුම් කරනවා. ඒක කරන්නේ කොහොමද?

19වෙනි පාඩම

විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කියන්නේ කාටද?

අවශ්‍ය පෝෂණය නියම වේලාවට ලබා දෙන්න දාසයෙකුව පත් කරනවා කියලා යේසුස් පොරොන්දු වුණා. ඒ දාසයාව පත් කළේ කොහොමද?

20වෙනි පාඩම

පාලක මණ්ඩලයේ වැඩ කොටස මොකද්ද?

යේසුස්ගේ නියෝජිතයන්ගෙන් සහ වැඩිමහල්ලන්ගෙන් සෑදුණු කුඩා කණ්ඩායක් මුල් සියවසේදී පාලක මණ්ඩලය විදිහට සේවය කළා. පාලක මණ්ඩලය විදිහට අද සේවය කරන්නේ කවුද?

21වෙනි පාඩම

බෙතෙල් එක කියන්නේ මොකද්ද?

බෙතෙල් එක කියන්නේ විශේෂ කාර්යයක් කරන තැනක්. එතැන සේවය කරන අය ගැන දැනගන්න.

22වෙනි පාඩම

ශාඛා කාර්යාලයක් තියෙන්නේ ඇයි?

කැමති කෙනෙකුට ඇවිත් ඕනෑම ශාඛා කාර්යාලයක වැඩ කරන විදිහ බලන්න පුළුවන්. ඔයාටත් එන්න කියලා අපි ආරාධනා කරනවා.

23වෙනි පාඩම

අපේ පොත් පත්, සඟරා ලියන්නෙත් ඒවා පරිවර්තනය කරන්නෙත් කොහොමද?

අපි භාෂා 750කට වැඩි ගාණකට අපේ ප්‍රකාශන පරිවර්තනය කරනවා. එච්චර වෙහෙසක් දරන්නේ කොහොමද?

24වෙනි පාඩම

ලොව පුරා අපි කරන වැඩවලට වියදම් කරන්න සල්ලි කොහෙන්ද?

මුදල් සම්බන්ධ කටයුතුවලදී අපේ සංවිධානය අනිත් ආගම්වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

25වෙනි පාඩම

අපි නමස්කාර මධ්‍යස්ථාන හදන්නේ ඇයි? ඒවා හදන්නේ කොහොමද?

නමස්කාර මධ්‍යස්ථානයක සිදු වෙන්නේ මොනවාද කියලා දැනගන්න.

26වෙනි පාඩම

නමස්කාර මධ්‍යස්ථාන ලස්සනට තියාගන්න අපිට කරන්න පුළුවන් මොනවාද?

ලස්සනට සහ පිරිසිදුව තියෙන නමස්කාර මධ්‍යස්ථානයකින් අපේ දෙවිට ගෞරවය ලැබෙනවා. නමස්කාර මධ්‍යස්ථාන හොඳ තත්වයක තියාගන්න කරලා තියෙන සැලසුම් මොනවාද?

27වෙනි පාඩම

නමස්කාර මධ්‍යස්ථානයේ පුස්තකාලෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවාද?

බයිබලයේ තියෙන තොරතුරු ගැන හොයලා බලන්න ඔයා කැමතිද? නමස්කාර මධ්‍යස්ථානයේ පුස්තකාලයෙන් ඔයාට ඒවා හොයලා බලන්න පුළුවන්.

28වෙනි පාඩම

සාක්ෂිකරුවන්ගේ වෙබ් අඩවියේ තියෙන්නේ මොන වගේ දේවල්ද?

අපේ විශ්වාසයන් ගැන හා සේවය ගැන විස්තරත් බයිබලයේ තියෙන දේවල් ගැන ඔයාට තියෙන ප්‍රශ්නවලට පිළිතුරුත් ඔයාට දැනගන්න පුළුවන්.

දේවකැමැත්ත කරන්න ඔයාත් අපි එක්ක එකතු වෙනවාද?

යෙහෝවා දෙවි ඔයාට ආදරෙයි. දෙවි සතුටු වෙන විදිහට ඔයා ජීවත් කැමතියි කියලා ඔයාට පෙන්වන්න පුළුවන් කොහොමද?