උත්පත්ති 8:1-22

8  නෝවාවද ඔහු සමඟ නැවේ සිටි සියලු වනමෘගයන්වද හීලෑ සතුන්වද+ දෙවිට අමතක නොවීය.+ කල් යත්ම, ඔහු පොළොව මත සුළඟක් හමන්න සැලැස්වූවේය. එවිට ජලය ටිකෙන් ටික බැස ගියේය.+  මහා ජල කඳේ දිය උල්පත්ද+ අහසේ කවුළුද+ වැසුණේය. ඉන්පසු අහසෙන් ඇද හැළුණු මහ වර්ෂාව නවත්වනු ලැබීය.  පොළොව මත තිබූ ජලය ටිකෙන් ටික බැස යන්න පටන්ගත්තේය. දවස් එකසිය පනහකට පසුව ජල මට්ටම සෑහෙන්න අඩු වී තිබුණේය.+  හත්වන මාසයේ දහහත්වන දිනයේදී නැව+ අරරත්+ කඳුකරය මත නැවතිණ.  දහවන මාසය වන තෙක් ජලය ටිකෙන් ටික බැස ගියේය. දහවන මාසයේ පළමුවන දිනයේදී කඳු මුදුන් පෙනෙන්න පටන්ගත්තේය.+  දවස් හතළිහකට පසු නෝවා තමා සෑදූ නැවේ කවුළුව+ ඇරියේය.  ඉන්පසු ඔහු කපුටෙකුව+ නැවෙන් පිටතට යැවීය. ඌ පිටතට ගොස් පියාසර කර හැරී ආවේය. ජලය හිඳී ගොස් පොළොව වියළෙන තෙක් ඌ කිහිප වතාවක්ම එසේ පියාසර කර හැරී ආවේය.  පසුව පොළොවෙන් ජලය හිඳී ඇද්ද කියා බැලීමට ඔහු පරෙවියෙකුව+ පිටතට යැවීය.  නමුත් ඒ වන විටත් පොළොව ජලයෙන් යට වී තිබුණු නිසා උගේ පය තබන්න තැනක් සම්බ නොවීය.+ එබැවින් ඌ නැවත හැරී ආවේය. එවිට නෝවා පරෙවියාව තම අතට ගෙන නැව ඇතුළට ගත්තේය. 10  ඔහු දවස් හතක් බලා සිට නැවතත් පරෙවියාව පිටතට යැවීය. 11  හවස් වේලාවේදී පමණ පරෙවියා නැවට හැරී ආවේය. අමු ඔලීව කොළයක්+ උගේ හොටේ තිබුණේය. පොළොවෙන් ජලය හිඳී ගොස් ඇති බව නෝවා එයින් දැනගත්තේය.+ 12  ඔහු තවත් දවස් හතක් බලා සිට, නැවතත් පරෙවියාව යැවීය. නමුත් ඒ අවස්ථාවේදී ඌ හැරී ආවේ නැත.+ 13  නෝවාගේ ජීවිතයේ හයසිය එක්වන අවුරුද්දේ+ පළමුවන මාසයේ පළමුවන දිනයේදී පොළොවේ ජලය හිඳී ගොස් තිබුණේය. නෝවා නැවේ වහලේ තිබූ කවුළුව ඇර බැලූ විට පොළොව මතුපිටින් ජලය හිඳී ගොස් තිබුණු බව ඔහු දුටුවේය.+ 14  දෙවන මාසයේ විසිහත්වන දිනයේදී ජලය සම්පූර්ණයෙන්ම හිඳී ගොස් පොළොව වියළී තිබුණේය.+ 15  එවිට දෙවි නෝවාට මෙසේ කීවේය. 16  “ඔබේ භාර්යාව හා පවුලේ අනිකුත් සියලුදෙනා+ සමඟ නැවෙන් පිටතට යන්න. 17  ඔබ යන විට ඔබ සමඟ සිටින සියලු පියාසර කරන ජීවීන්,+ මෘගයන්+ සහ සියලු කුඩා සතුන්වත් පිටතට ගෙන යන්න.+ මන්ද උන් බෝ වී වැඩි වෙමින් පොළොව පුරා පැතිර යා යුතුය.”+ 18  එවිට තම භාර්යාව හා පවුලේ සියලුදෙනා+ සමඟ නෝවා නැවෙන් පිටතට ගියේය. 19  සියලු මෘගයෝද කුඩා සත්තුද පක්ෂීහුද අන් සියලු සත්තුද තම තමාගේ වර්ගයට අනුව නැවෙන් පිටතට ගියෝය.+ 20  පසුව නෝවා යෙහෝවා දෙවිට පූජාසනයක් සෑදුවේය.+ ඔහු සියලු පවිත්‍ර සතුන්ගෙන්ද+ සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන්ද+ කිහිපදෙනෙකුව ගෙන පූජාසනය මත තබා දවන පූජා ලෙස උන්ව ඔප්පු කළේය.+ 21  පූජාවෙන් නැඟී ආ සුවඳ යෙහෝවා දෙවිට ප්‍රසන්න විය.+ එබැවින් යෙහෝවා දෙවි මෙසේ සිතුවේය.+ “මිනිසාගේ ක්‍රියා නිසා මම නැවත කිසිදා භූමියට ශාප නොකරන්නෙමි.+ මන්ද කුඩා කල පටන් මිනිසාගේ සිත නපුරටම+ යොමු වී තිබේ.+ මම මේ වතාවේදී ජීවත් වන සියල්ලන්ව විනාශ කළ නමුත් නැවත කිසිදා එසේ නොකරන්නෙමි.+ 22  පොළොව පවතින තාක් කල්, බීජ වැපිරීම සහ අස්වැන්න නෙළීම සිදු වනු ඇත. ශීතල සහ උණුසුමත් ගිම්හාන ඍතුව සහ ශීත ඍතුවත් දවාල සහ රාත්‍රියත් සැමදා පවතිනු ඇත.”+

පාදසටහන්