1 කොරින්ති 3:1-23

3  නමුත් සහෝදරයෙනි, ඔබ ඔබේම ආශාවන්ට වහල්ව සිටි නිසා දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමට ආශාවෙන් සිටින අය සේ+ සලකා ඔබට කතා කරන්න මට නොහැකි විය. ඔබ ක්‍රිස්තුස්ව අනුගමනය කළත් ඔබ හැසිරුණේ කුඩා දරුවන් ලෙසයි.+  එහෙයින් ගන ආහාර දිරවන්නේ නැති නිසා+ මා ඔබට ලබා දුන්නේ ගන ආහාර නොව කිරිය. දැනුත් ගන ආහාර දිරවිය හැකි තත්වයක ඔබ සිටින බව පැවසිය නොහැක.+  මන්ද ඔබ තවමත් සිටින්නේ ඔබේම පව්කාර ආශාවන්ට වහල්වය.+ ඔබ අතරේ ඊර්ෂ්‍යාව හා අඬදබර ඇත.+ එහෙයින් ඔබ ඔබේම ආශාවන්ට වහල් වී සිටිනවා නොවේද? ඔබ හැසිරෙන්නේ මේ සමාජයේ මිනිසුන් හැසිරෙන ආකාරයට නොවේද?+  එක් කෙනෙක්, “මා පාවුල්ගේ පැත්තේ” කියාත් තවත් කෙනෙක්, “මා අපොලොස්ගේ පැත්තේ”+ කියාත් පවසයි. එවැනි දේවල් පැවසීමෙන් ඔබ පෙන්වන්නේ ඔබත් මේ සමාජයේ මිනිසුන් හා සමානව හැසිරෙනවා කියා නොවේද?  ඇත්තටම අපොලොස් කවුද?+ පාවුල් කවුද? ඔවුන් ස්වාමීන් පැවරූ සේවය ඉටු කරන සේවකයන් පමණි.+ ඔබ යේසුස්ගේ අනුගාමිකයන් වූයේ ඔවුන් කළ ඒ සේවය නිසාය.  බීජ පැළ කළේ මමය.+ ඊට වතුර වත් කළේ අපොලොස්ය.+ නමුත් එය වර්ධනය වුණේ දෙවි නිසාය.+  එහෙයින් ගෞරවය හිමි විය යුත්තේ බීජ පැළ කළ තැනැත්තාටවත් ඊට වතුර වත් කළ තැනැත්තාටවත් නොව+ වර්ධනය දුන් තැනැත්තා වන දෙවිටය.+  ඇත්තෙන්ම බීජ පැළ කරන තැනැත්තාත් ඊට වතුර වත් කරන තැනැත්තාත් වැඩ කරන්නේ එකම අරමුණක් සඳහාය.+ නමුත් ඔවුන්ට ප්‍රතිඵල ලැබෙන්නේ එකිනෙකා දැරූ වෙහෙසට අනුවය.+  අප දෙවිගේ හවුල් වැඩකරුවන්+ වන නිසා ඔබ සියලුදෙනා දෙවි විසින් වගා කරනු ලබන ඔහුගේ කෙත+ සහ දෙවි විසින් ඉදි කරනු ලබන ඔහුගේ ගොඩනැඟිල්ලය.+ 10  දෙවි මට පෙන්වූ මහත් කරුණාව නිසා+ ගොඩනැඟීමේ කටයුතු භාරව සිටින නුවණැති කෙනෙකු ලෙස අත්තිවාරම දැමුවේ මමය.+ ඒ මත ගොඩනැඟුවේ තවත් කෙනෙකි. යමෙක් එම අත්තිවාරම මත ගොඩනැඟීම සිදු කරන විට එය සිදු කරන ආකාරය ගැන ඔහු කල්පනාකාරී විය යුතුයි.+ 11  දමා තිබෙන අත්තිවාරම හැර වෙන කිසි අත්තිවාරමක් දැමීමට කිසිවෙකුට නුපුළුවන.+ ඒ අත්තිවාරම නම් යේසුස් ක්‍රිස්තුස්ය.+ 12  කෙනෙක් එම අත්තිවාරම මත ගොඩනැඟීම සඳහා රන් හෝ රිදී හෝ මැණික්ද තවත් කෙනෙක් ලී හෝ පිදුරු හෝ ඉපනැලිද භාවිත කළ හැක. 13  කෙසේවෙතත් විවිධ පීඩා හා පරීක්ෂාවලට මුහුණ දීමට සිදු වන විට එක් එක් පුද්ගලයා ගොඩනැඟූ ආකාරය කෙසේද කියා පැහැදිලි වේ. එය හොඳින්ම පැහැදිලි වන්නේ පීඩා නමැති ගින්න මාර්ගයෙනි.+ එම ගින්න තුළින් සියලුදෙනා ගොඩනැඟූ දේ කොතරම් ශක්තිමත්ද කියා හෙළි වනු ඇත. 14  යමෙක් ගොඩනැඟූ දේට කිසි හානියක් සිදු නොවේ නම්+ ඔහුට ත්‍යාගයක් ලැබේ.+ 15  නමුත් යමෙකු ගොඩනැඟූ දේ පිලිස්සී ගියොත් ඔහුට අලාභ විඳින්න සිදු වේ. කෙසේවෙතත් ඒ දේ ගොඩනැඟූ තැනැත්තාව ගලවනු ලැබේ.+ නමුත් ඔහු ගින්නකින් ඉතා අමාරුවෙන් තම ජීවිතය පමණක් ගලවාගත් කෙනෙකු හා සමාන වනු ඇත.+ 16  ඔබ සියලුදෙනා දෙවිගේ මාලිගාව බවත්+ දෙවිගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන බවත් ඔබ දැන සිටියේ නැද්ද?+ 17  යමෙකු දෙවිගේ මාලිගාව විනාශ කරනවා නම් දෙවි ඔහුවද විනාශ කරනු ඇත.+ මන්ද දෙවිගේ මාලිගාව ශුද්ධය.+ ඒ මාලිගාව+ සෑදී තිබෙන්නේ ඔබ සියලුදෙනාගෙන්ය.+ 18  කිසි කෙනෙකු තමාව රවටා නොගත යුතුයි. මන්ද තමාට මේ සමාජයේ තැනක් තිබෙන නිසා තමා ප්‍රඥාවන්තයෙකු කියා ඔබෙන් කෙනෙක් සිතාගෙන සිටිනවා නම්+ ඔහුට වැරදී ඇත. සැබෑ ප්‍රඥාවන්තයෙකු වීමට ඔහු මේ සමාජය ඉදිරියේ මෝඩයෙකු විය යුතුයි.+ 19  මන්ද මේ ලෝකයේ තිබෙන ප්‍රඥාව දෙවි සලකන්නේ මෝඩකමක් ලෙසය.+ ලියවිලිවල සඳහන් ආකාරයට, “දෙවි කපටි උපා යොදන ප්‍රඥාවන්තයන්ව ඔවුන් ඇටවූ උගුලටම ඇද දමයි.”+ 20  එලෙසම, “ප්‍රඥාවන්තයන්ගේ තර්ක විතර්ක නිෂ්ඵල දේවල් බව යෙහෝවා දෙවි දන්නේය”+ කියාද ලියා තිබේ. 21  එහෙයින් කිසි කෙනෙකු මිනිසුන් ඉටු කරන දේ ගැන ආඩම්බරයෙන් කතා නොකළ යුතුයි. මන්ද සෑම දෙයක්ම හා සෑම කෙනෙක්ම අයිති වන්නේ ඔබටය.+ 22  පාවුල් හෝ අපොලොස් හෝ+ සීෆස් හෝ වේවා, ලෝකය හෝ ජීවිතය හෝ මරණය හෝ දැන් තිබෙන දේවල් හෝ පැමිණෙන්න තිබෙන දේවල්+ හෝ වේවා, සියල්ල අයිති ඔබටය. 23  ඔබ අයිති ක්‍රිස්තුස්ටය.+ ක්‍රිස්තුස් අයිති දෙවිටය.+

පාදසටහන්