Skip to content

පටුනට යන්න

දැල්ලෙකුගේ නොදුටු වරුණ

දැල්ලෙකුගේ නොදුටු වරුණ

නිර්මාණයක්ද?

දැල්ලෙකුගේ නොදුටු වරුණ

දැල්ලාගේ හොටක් බඳු පෙනුමකින් යුත් තද ස්වභාවයක් ඇති මුඛය ගැන විද්‍යාඥයන්ට ඇත්තේ කුතුහලයක්. අස්ථි පද්ධතියක් නැති ශරීරයකට එවැනි තද ස්වභාවයකින් යුත් යමක් සවි වී තිබෙන්නේ කෙසේද? ඉන් දැල්ලාට වේදනාවක් දැනෙන්නේ හෝ සීරීමක් සිදු නොවන්නේ කෙසේද කියාත් ඔවුන් සොයා බලනවා.

මේ ගැන සිතා බලන්න: දැල්ලාගේ හොටක් බඳු මුඛය විවෘත වන ස්ථානය තද ස්වභාවයකින් යුක්තයි. නමුත් එය ශරීරයට සම්බන්ධ වී ඇති කොටස මෘදුයි. මෙය සෑදී තිබෙන්නේ කයටින්, ප්‍රෝටීන් සහ ජලයෙන්. එහි අග කොටස මෘදුව හා තුඩ තද ස්වභාවයකින් පිහිටා තිබෙන නිසා දැල්ලාට ඉන් වේදනාවක් හෝ තුවාල වීමක් සිදු නොවෙයි.

කැලිෆොනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන ෆෑන්ක් සෝක් පවසන්නේ දැල්ලාගේ මුඛය සැකසී ඇති ආකාරය හොඳින් අධ්‍යයනය කිරීමෙන් ‘යම් කෘත්‍රිම දෙයක් යමකට සම්බන්ධ කිරීමේදී එම තාක්ෂණය යොදාගත හැකි බවයි.’ දැල්ලාගේ මුඛය නිර්මාණය වී ඇති අද්විතීය ආකාරය අධ්‍යයනය කිරීමෙන් කෘත්‍රිම පාදයක් මිනිස් සිරුරකට සම්බන්ධ කිරිමේ තාක්ෂණය දියුණු කරගත හැකියි. එම විශ්වවිද්‍යාලයේ තවත් පර්යේෂකයෙක් වන අලි මිසරෙයි කියා සිටින්නේ ‘කෘත්‍රිම පාද, දැල්ලාගේ මුඛය සැකසී ඇති ආකාරයටම තනන්න පුළුවන් නම් කෘත්‍රිම පාදය සවි කරන ස්ථානය තුවාල වීමෙන් හා වේදනාවක් දැනීමෙන් වළක්වාගත හැකි’ බවයි.

කල්පනා කර බලන්න: දැල්ලාගේ හොටක් බඳු මුඛය විවෘත වන ස්ථානය තද ස්වභාවයකින්ද එය ශරීරයට සම්බන්ධ වී ඇති කොටස මෘදු ස්වභාවයකින්ද පිහිටා තිබෙන්නේ අහම්බෙන්ද? නැත්නම් එය නිර්මාණයක්ද?

[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Bob Cranston/SeaPics.com

© Richard Herrmann/SeaPics.com