Skip to content

පටුනට යන්න

 මුල් පිටුවෙන්

සතුටින් ජීවත් වෙන්න නම් . . .

සතුටින් ජීවත් වෙන්න නම් . . .

“අතට තව සල්ලි ටිකක් හම්බ වුණොත් නම් මට සතුටින් ඉන්පුළු

“අපේම කියලා ගෙයක් තිබුණා නම් මට සතුටින් ඉන්න පුළුවන් වෙයි.”

“හොඳ ජොබ් එකක් හම්බ වුණොත් නම් මට සතුටින් ඉන්න පුළුවන් වෙයි.”

ඔබටත් එහෙම හිතිලා තියෙනවාද? ඔබ ලබාගන්න හදපු දේවල් ලැබුණාට පස්සේ සතුට හැමදාටම තිබුණාද, තනම් ටිකෙන් ටික අඩු වුණාද? සාමාන්‍යයෙන් අපි ආස දේවල් ලැබෙද්දී අපි සතුටු වෙනවා. ඒත් ඒක හැමදාටම තියෙන්නේ නැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ අපි ලබාගන්න දේවල්වලින් විතරක් අපේ සතුට රැඳෙන්නේ නැහැ කියලයි.

අපි එක් එක් කෙනාගේ සිතුම් පැතුම් වෙනස්. ඔබ සතුටක් ලබන දෙයකික්නෙක් සතුටක් ලබන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම වයසින් මුහුකුරා යද්දීත් අපි සතුටක් ලබන්න කරන දේවල් වෙනස් වෙනවා. ඒත් සතුටට දායක වෙන සමහර දේවල් කොයි කවදත් වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයකට සෑහීමට පත් වීම, ඊර්ෂ්‍යා නොකිරීම, අනිත් අයට ආදරය කිරීම සහ දරාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීම වගේ දේවල්. දැන් අපි ඒ දේවල් සතුටට දායක වන විදිහ ගැන බලමු.

 1. සෑහීමට පත් වීම

බයිබල් ලේඛකයෙක් වූ සලමොන් රජ කිව්වේ “මුදල ආරක්ෂාවක්” කියලයි. ඒත් ඔහු මෙහෙමත් කිව්වා. ‘රිදීවලට ඇලුම් වන්නාට රිදී ලැබුණත් ධනයට ඇලුම් වන්නාට කොපමණ ආදායමක් ලැබුණත් එයින් සෑහීමට පත් නොවෙයි. මෙයද මහා නිෂ්ඵලකමකි.’ (දේශනාකාරයා 5:10; 7:12) ඒකෙන් පැහැදිලි වෙන්නේ සල්ලි අපිට අවශ්‍ය වුණත් ඕනෑවට වඩා රැස් කරන්න ගියොත් අපි සෑහීමට පත් වෙන්නේ නැහැ කියලයි. සලමොන් රජ තමාගේ ජීවිතයෙන්ම එහි ඇත්ත නැත්ත අද්දැක්කා. ඒ කොහොමද? ඔහු ආස කළ හැම දෙයක්ම හිතේ හැටියට ලබාගත්තා.—දේශනාකාරයා 1:13; 2:10.

සලමොන් රජ ධන සම්භාරයක් රැස් කළා. ලස්සන මාලිගා, උද්‍යාන, පොකුණු හැදුවා. ඔහුට සේවක සේවිකාවන් ගොඩක් හිටියා. ඒ දේවල්වලින් ඔහු යම් සතුටක් අද්දැක්කත් ඒක හැමදාටම තිබුණේ නැහැ. “ඒ සියල්ලත් නිෂ්ඵල බව මට පෙනුණි . . . කිසි වැඩකින් ප්‍රයෝජනයක් නැති බව මට පෙනී ගියේය” කියලා ඔහු කිව්වා. (දේශනාකාරයා 2:11, 17, 18) සීමාවක් නැතුව තමාටම දේවල් රැස් කරගන්න ගියොත් අවසානයේ ලැබෙන්නේ සතුට නෙමෙයි හිස්කම විතරයි කියලා ඔහු අද්දැක්කා. *

ඒක අදටත් ඇත්තක්. ඒ ගැන පොතක මෙහෙම සඳහන් වෙනවා. “මූලික අවශ්‍යතා ලබාගන්න සල්ලි තිබුණොත් අපි එයින් තෘප්තිමත් වෙනවා කියන එක ඇත්ත. ඒත් වැඩිපුර සල්ලි තිබුණොත් වැඩි තෘප්තියක් ලැබෙනවා කියන්න බැහැ.” (Journal of Happiness Studies) සීමාවක් නැතුව තමන්ටම දේවල් රැස් කරගන්න යද්දී මිනිසුන්ට ආගම දහම, සාරධර්ම අමතක වෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ දුක විතරයි කියලා අධ්‍යයනවලිනුත් හොයාගෙන තියෙනවා.

බයිබල් ප්‍රතිපත්තිය: “ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න. ඔබට තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න.”—හෙබ්‍රෙව් 13:5.

2. ඊර්ෂ්‍යා නොකිරීම

ඊර්ෂ්‍යා කරන කෙනෙක්ට තමන්ට නැති දෙයක් වෙන කෙනෙක්ට තියෙද්දී වේදනාවක්, කේන්තියක් දැනෙනවා. ඒ දේ කොහොම හරි ලබාගන්න දැඩි ආශාවක් ඇති වෙනවා. ඊර්ෂ්‍යාව පිළිකාවක් වගෙයි. ඒකට පුළුවන් කෙනෙකුගේ සතුට නැති කරලා ජීය විනාශ කරන්න. ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ ඇයි? ඒක හඳුනගන්නේ කොහොමද? ඒක පරාජය කරන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් කෙනෙක් ඊර්ෂ්‍යා කරන්නේ, වයසින්, අද්දැකීම්වලින් හෝ පසුබිම අතින් තමන් හා සමාන අයටයි කියලා විශ්වකෝෂයක සඳහන් වෙනවා. (Encyclopedia of Social Psychology) උදාහරණයකට ව්‍යාපාරිකයෙක් ජනප්‍රිය නළුවෙකුට ඊර්ෂ්‍යා කරන එකක් නැහැ. හැබැයි ඔහු වෙනත් සාර්ථක ව්‍යාපාරිකයෙකුට ඊර්ෂ්‍යා කරන්න පෙලඹෙන්න පුළුවන්.

බයිබලයේත් ඒ හා සමාන සිද්ධියක් වාර්තා වෙනවා. අතීතයේදී පර්සියාවේ රජ කෙනෙක් යටතේ සේවය කළ උසස් නිලධාරීන් ඒ රජට ඊර්ෂ්‍යා කළේ නැහැ. ඒත් ඔවුන් ඊර්ෂ්‍යා කළේ ඔවුන් හා සමාන නිලධාරියෙක් වූ දානියෙල්ටයි. ඒ නිසා ඔවුන් දානියෙල්ගේ හැකියාවන් දැකලා සතුටු වෙනවා වෙනුවට ඔහුව මරන්න සැලසුම් කළා. ඒත් ඒක සාර්ථක වුණේ නැහැ. (දානියෙල් 6:1-24)  කලින් සඳහන් කළ විශ්වකෝෂයේ මෙහෙමත් කියනවා. “තවත් කෙනෙකුට හානියක් කරන්න අපිව පොලඹවන්න ඊර්ෂ්‍යාවට පුළුවන් කියලා අපි තේරුම්ගන්න ඕනේ.” ඒ නිසයි අතීතයේදී ඊර්ෂ්‍යාව නිසා ඇති වූ සිදුවීම් බොහොමයකදී විනාශකාරී දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. *

ලැබිලා තියෙන දේවල්වලින් සතුටු වෙන්න මිනිස්සුන්ට තියෙන හැකියාව ඊර්ෂ්‍යාව නැති කරලා දානවා

ඊර්ෂ්‍යාව හඳුනාගන්නේ කොහොමද? මෙහෙම හිතන්න. ‘යාළුවෙක් සාර්ථක වෙද්දී මට දැනෙන්නේ දුකක්ද, සතුටක්ද? මගේ සහෝදරයෙක් හෝ සහෝදරියකට, පන්තියේ දක්ෂ ළමයෙකුට හෝ මාත් එක්ක වැඩ කරන කෙනෙක්ට වරදින කොට මං සතුටු වෙනවාද, දුක් වෙනවාද? ඒ ප්‍රශ්නවලට ඔබ දෙන උත්තරවලින් ඔබ ඊර්ෂ්‍යා කරන කෙනෙක්ද නැද්ද කියලා දැනගන්න පුළුවන්. (උත්පත්ති 26:12-14) “ලැබිලා තියෙන දේවල්වලින් සතුටු වෙන්නත් ඒවා අගය කරන්නත් මිනිස්සුන්ට හැකියාව තියෙනවා. නමුත් ඊර්ෂ්‍යාව ඒ හැකියාව නැති කරලා දානවා.”—Encyclopedia of Social Psychology.

ඊර්ෂ්‍යාව පරාජය කරන්නේ කොහොමද? ඒකට අපිට උදව් වෙන්නේ නිහතමානීකම. අනිත් අය තුළ තියෙන හැකියාවන් සහ හොඳ ගතිගුණ අගය කරන්න ඒ ගුණාංගය අපිට උදව් වෙනවා. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “කිසි දෙයක් දබරකාරී ස්වභාවයකින්වත් අහංකාරකමින්වත් නොකරන්න. ඒ වෙනුවට නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා සිතන්න.”—ෆිලිප්පි 2:3.

බයිබල් ප්‍රතිපත්තිය: “අපි අහංකාරකමින් ක්‍රියා නොකරමු. එකිනෙකා අතරේ තරඟකාරිත්වයක් ඇති කරමින් එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු.”—ගලාති 5:26.

3. අනිත් අයට ආදරය කිරීම

“රස්සාව, ආදායම, සමාජ තත්වය සහ සෞඛ්‍යය වගේ දේවල්වලට වඩා මිනිසුන් සමඟ තියෙන බැඳීම් සතුටට දායක වෙනවා” කියලා පොතක සඳහන් වෙනවා. (Social Psychology) ඒකෙන් පැහැදිලි වෙන්නේ සතුටින් ජීවත් වෙන්න නම් අනිත් අයගේ ආදරය අපිට ඕනේ වගේම අපිත් අනිත් අයට ආදරය කරන්න ඕනේ කියලයි. “මා තුළ ප්‍රේමය නැත්නම් මා කරන දෙයින් කිසිදු පලක් නැත” කියලා බයිය් ලේඛකයෙකුත් කිව්වේ ඒ නිසයි.—1 කොරින්ති 13:2.

ඔබටත් පුළුවන් අනිත් අයට ආදරය කරන කෙනෙක් වෙන්න. වැනෙසා කියන කාන්තාවගේ අද්දැකීම ඊට හොඳ උදාහරණයක්. ඇගේ පියා බීමට ඇබ්බැහි වුණ දරුණු පුද්ගලයෙක්. ඒ නිසා අවුරුදු 14දී වැනෙසා ගෙදරින් පැනලා ගියා. ඊටපස්සේ එක එක අය එයාව බලාගත්තා. වැනෙසා හිටිය ළමා නිවාසයකින් ඇයට සැලකුවේ හරිම නපුරු විදිහට. ඒ වෙලාවේ ඇය දෙවියන්ට යාච්ඤා කළා. පස්සේ ඇයට බයිබලයේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන ප්‍රේමණීය පවුලක රැකවරණය ලැබුණා. (1 කොරින්ති 13:4) ඒ ඇගේ යාච්ඤාවට ලැබුණු උත්තරයක් වෙන්න ඇති. ඔවුන් ඇයට ආදරයෙන් සලකපු විදිහත් බයිබලයෙන් ඇය ඉගෙනගත්ත දේවල් නිසාත් ඇගේ ජීවිතය වෙනස් වුණා. ඒ ගැන ඇය මෙහෙම කියනවා. “මුලින් මම විභාගවලදී අඩු ලකුණු ගත්තත් පස්සේ ලකුණු හොඳටම හොඳ වුණා.”

අමිහිරි මතකයන් වැනෙසාට තිබුණත් දැන් ඇය විවාහ වෙලා දරුවෝ දෙන්නෙකුත් සමඟ සතුටින් ජීවත් වෙනවා.

බයිබල් ප්‍රතිපත්තිය: “ඔබ තුළ ප්‍රේමය තිබිය යුතුයි. මන්ද එක්සත්කමට දායක වන හොඳම බැඳීම එයයි.”කොලොස්සි 3:14.

 4. දරාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීම

ප්‍රශ්න නැති කෙනෙක් මේ ලෝකයේ නැහැ. “අඬන්න කාලයක්ද වැලපීමට කාලයක්ද” තියෙනවා කියලා බයිබලයෙත් සඳහන් වෙනවා. (දේශනාකාරයා 3:4) ඒත් අපිට දරාගැනීමේ හැකියාව තියෙනවා නම් ප්‍රශ්න ගැටලු නිසා අපේ සතුට අහිමි කරගන්නේ නැතුව ඉන්න අපිට පුළුවන්. කැරල් සහ මිල්ඩ්‍රඩ් කියන කාන්තාවන් දෙදෙනාගේ අද්දැකීම සලකලා බලන්න.

කැරල්ට කොඳු ඇට පෙළේ ආබාධයක්, නින්දේදී ශ්වසන මාර්ගය අවහිර වීමේ රෝගයක් සහ දියවැඩියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඇහැක් පේන්නෙත් නැහැ. ඒත් ඇය මෙහෙම කියනවා. “මට ඉඳලා හිටලා කලකිරීමක් දැනෙනවා. ඒත් ඒ ගැන මං ඕනෑවට වඩා හිතහිතා ඉන්නේ නැහැ. මට කරන්න පුළුවන් දේවල් ගැන, විශේෂයෙන්ම අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ගැන මම දෙවියන්ට ස්තුති කරනවා.”

මිල්ඩ්‍රඩ් ඉන්නෙත් හුඟක් අසනීපයෙන්. ඇයට ආතරයිටිස්, දියවැඩියාව සහ පියයුරු පිළිකාවක් තියෙනවා. ඇයත් කැරල් වගේ. ලෙඩ ගැනම හිතහිතා ඉන්නේ නැහැ. “මම අනිත් අය ගැන සැලකිලිමත් වෙනවා. එයාලගේ ලෙඩ දුක්වලදී උදව් කරනවා. මොකද මං අනිත් අයව සනසද්දී මට මගේ ලෙඩ අමතක වෙනවා” කියලා ඇය කියනවා.

කැරල් සහ මිල්ඩ්‍රඩ් අනිත් අයව සනසලා සතුටක් ලබනවා

ඔවුන් දෙදෙනාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නවා. ඒත් ඔවුන් තමන්ගේ අසනීප ගැන ඕනෑවට වඩා හිතන්නේ නැහැ. ඒ වෙනුවට අධෛර්යය නොවී ඉන්න සහ කාලය නැණවත්ව පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඒ නිසා ඔවුන්ට සතුටින් ඉන්නත් අනිත් අයගේ ආදරය දිනාගන්නත් පුළුවන් වෙලා තියෙනවා. ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන අයට ඔවුන් හොඳ ආදර්ශයක්.

බයිබල් ප්‍රතිපත්තිය: “විවිධ දුෂ්කරතා දිගටම විඳදරාගෙන සිටින පුද්ගලයෙකුට ප්‍රීතියෙන් සිටිය හැකියි. එවැනි පුද්ගලයෙකුට දෙවිගේ අනුමැතිය ලැබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ජීවනයේ ඔටුන්න උරුම වෙයි.”යාකොබ් 1:12.

කෙනෙක් බයිබලයේ තියෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වුණොත් එයින් ඔහුට “ජීවනයද සන්තෝෂයද ලැබෙනවා” කියලා බයිබලයේ සහතික වෙනවා. (හිතෝපදේශ 3:13-18) ඒ මඟ පෙන්වීම් ලබා දෙන දෙවියන්ව හඳුන්වන්නේ “ප්‍රීතිමත් දෙවි” කියලයි. (1 තිමෝති 1:11) ඔහු කැමති ඔබත් සතුටින් ජීවත් වෙනවා දකින්න. ඒ නිසා සතුටට දායක වන බයිබලයේ තියෙන මඟ පෙන්වීම් හොයලා බලන්න කියලා අපි ඔබටත් ආරාධනා කරනවා.

^ 10 ඡේ. ඒ ගැන බයිබලයේ දේශනාකාරයා 2:1-11හි සඳහන් වෙනවා.

^ 16 ඡේ. යේසුස්ටත් ඒ හා සමාන දෙයකට මුහුණ දෙන්න සිදු වුණා. මාක් 15:10 කියන්නේ එදා හිටිය නායක පූජකයන් “ඔවුන්ට තිබූ ඊර්ෂ්‍යාව නිසා” යේසුස්ව මරන්න භාර දුන්නා කියලයි.