Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | බයිබලය අදටත් ගැළපෙනවාද?

හැමදාටම ප්‍රයෝජනවත් ගුණාංග - තමාව පාලනය කරගැනීම

හැමදාටම ප්‍රයෝජනවත් ගුණාංග - තමාව පාලනය කරගැනීම

බයිබල් ප්‍රතිපත්තිය: “මෝඩයා තම කෝපය මුළුමනින්ම පිට කරයි. නමුත් ඥානවන්තයා අවසානය දක්වාම සන්සුන්ව සිටියි.”—හිතෝපදේශ 29:11.

කේන්තිය පාලනය කරගන්නත් අනිත් අයට සමාව දෙන්නත් කාසියස් ඉගෙනගත්තා

ප්‍රයෝජන: කෙනෙක්ට තමාවම පාලනය කරගන්න පුළුවන් නම් ඉන් ලැබෙන ප්‍රයෝජන ගැන පොත් ගණනාවක් ලියන්න පුළුවන්. එක ප්‍රයෝජනයක් ගැන බලමු. තමාව පාලනය කරගන්න කෙනෙක්ට හොඳ ශරීර සෞඛ්‍යයක් ඇතුව ඉන්න පුළුවන්. “සන්සුන් මනසක් ගතට සුවයකි,” “ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි” කියලා බයිබලයෙත් කියනවා. (හිතෝපදේශ 14:30; 17:22) අධ්‍යයනවලින් ඔප්පු වෙලා තියෙන්නේ ඉක්මනින් තරහ යන අයට ලෙඩ වැඩියි කියලයි. විශේෂයෙන්ම හෘද රෝග. ඒත් තමාවම පාලනය කරගන්න අයට ලෙඩ රෝග අඩු කරගන්න පුළුවන් වෙනවා විතරක් නෙමෙයි ඊට වඩා ප්‍රයෝජනත් තියෙනවා.

කාසියස් මෙහෙම කියනවා. “ඉස්සර මට හරියට තරහ යනවා. මම හැමෝම එක්ක රණ්ඩු කරගන්නවා. ඒ නිසා මට කවුරුත් කැමති නැහැ. හැබැයි මං බයිබලය ඉගෙනගත්තට පස්සේ වෙනස් වුණා. කේන්තිය පාලනය කරගන්න, නිහතමානී වෙන්න වගේම අනිත් අයට සමාව දෙන්න මං ඉගෙනගත්තා. මගේ ජීවිතේ ඒ වගේ වෙනසක් වුණේ නැත්නම් මට ඉන්න වෙන්නේ හිරගෙදර තමයි. දැන් මට දැනෙන්නේ මං අලුතින්ම ජීවිතය පටන්ගත්තා වගෙයි.”

“දැන් මට දැනෙන්නේ මං අලුතින්ම ජීවිතය පටන්ගත්තා වගෙයි”