Skip to content

පටුනට යන්න

පැනයට පිළිතුර බයිබලයෙන්

පැනයට පිළිතුර බයිබලයෙන්

අපි යාච්ඤා කරන්න ඕන ඇයි?

අපේ හැම කාරණයක් ගැනම දිනපතාම යෙහෝවා දෙවියන්ට කියනවාට ඔහු කැමතියි. (ලූක් 18:1-7) ඒකට හේතුව ඔහු අපි ගැන සැලකිලිමත් වීමයි. අපේ ස්වර්ගික පියාණන් යාච්ඤාවෙන් හැම දෙයක්ම කියන්න කියලා කියනවා නම් අපි එහෙම කරන්න ඕන නේද?ෆිලිප්පි 4:6 කියවන්න.

යාච්ඤා කරන්න ඕන උදව් ලබාගන්න විතරක් නෙමෙයි දෙවියන්ට ළං වෙන්නයි. (ගීතාවලිය 8:3, 4) දිගටම අපේ හැඟීම් දෙවියන්ට කියනවා නම් ඔහු එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන්.යාකොබ් 4:8 කියවන්න.

යාච්ඤා කරන්න ඕන කොහොමද?

කටපාඩමින් යාච්ඤා කරනවාටවත් ලොකු ලොකු වචන කියලා යාච්ඤා කරනවාටවත් දෙවියන් කැමති නැහැ. ඒ වගේම විශේෂ ඉරියව්වකින් යාච්ඤා කරන්න අවශ්‍යත් නැහැ. දෙවියන් කැමති අපි මුළු හදවතින්ම ඔහුට යාච්ඤා කරනවාටයි. (මතෙව් 6:7) උදාහරණයකට හන්නා ඇගේ හිතේ තිබුණු ලොකු ප්‍රශ්නයක් ගැන යාච්ඤා කළා. ප්‍රශ්නෙට උත්තරේ ලැබුණාම ඇය මුළු හදවතින්ම ස්තුති කරමින් දෙවියන්ට යාච්ඤා කළා.1 සාමුවෙල් 1:10, 12, 13, 26, 27; 2:1 කියවන්න.

යාච්ඤාව මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! අපේ ප්‍රශ්න ගැන කියන්න පුළුවන්. ඔහු අපි වෙනුවෙන් කරන දේවලට ස්තුති කරන්නත් ප්‍රශංසා කරන්නත් පුළුවන්. යාච්ඤා කරන්න ලැබිලා තියෙන වරප්‍රසාදය සුළු නොකරමු.ගීතාවලිය 145:14-16 කියවන්න.