Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | අවසානය ළඟද?

අවසානයේදී බේරෙන්න ඔබටත් පුළුවන්

අවසානයේදී බේරෙන්න ඔබටත් පුළුවන්

අවසානයේදී විනාශයක් ඇති වෙනවා කියලා බයිබලයේ කියනවා. “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ . . . මහත් පීඩාවක් එදාට පැමිණෙයි. ඇත්තෙන්ම ඒ පීඩාව පවතින කාලය කෙටි කළේ නැත්නම් කිසි කෙනෙක් ගැලවෙන්නේ නැහැ. නමුත් තෝරාගත් අය නිසා ඒ කාලය කෙටි කරනු ලබයි.” (මතෙව් 24:21, 22) ඒත් හුඟදෙනෙක් බේරෙනවා කියලා දෙවියන් අපිට පොරොන්දු වෙලා තියෙනවා. “මේ ලෝකය . . . නැති වී යන්නේය. නමුත් සදහටම පවතින්නේ දෙවිගේ කැමැත්ත කරන පුද්ගලයාය.”—1 යොහන් 2:17.

මේ ලෝකය විනාශ වෙද්දී ‘සදහටම ජීවත් වෙන්න’ නම් ඔබ මොනවාද කරන්න ඕනේ? කාලය වැය කරන්න ඕන ඒ විනාශයෙන් බේරෙන්න අවශ්‍ය බඩු රැස් කරන්නද? නැහැ. බයිබලයේ කියන්නේ වෙනත් දේකට අවධානය දෙන්න කියලයි. ‘සියල්ල නැති වී යෑමට තිබෙන නිසා ඔබ කවර ආකාරයේ පුද්ගලයන්ද කියා සිතා බලන්න. ඔබේ හැසිරීම ශුද්ධ විය යුතු අතර දෙවි සඳහා ඔබට තිබෙන භක්තිය ඔබේ ක්‍රියාවලින් පිළිබිඹු විය යුතුයි. එලෙසම යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන කාලය බලා සිටිමින් එය ඔබේ මනසෙහි ප්‍රමුඛව තබාගන්න.’ (2 පේතෘස් 3:10-12) “සියල්ල” කියන එකට අහසත් පොළොවත් ඇතුළත්. අහස කියන්නේ මේ දූෂිත ලෝකයේ පවතින ආණ්ඩුයි. පොළොව කියන්නේ දෙවියන්ගේ පාලනය වෙනුවට ඒ ආණ්ඩුවලට පක්ෂ වෙන අයයි. එහෙමනම් ඒ විනාශයෙන් බේරෙන්න බඩු රැස් කරලා වැඩක් වෙන්නේ නැහැ.

බේරෙන්න ඕන නම් අපි යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න ඕනේ. ඔහුව සතුටු වෙන විදිහට ජීවත් වෙන්න අපි ඉගෙනගන්න ඕනේ. (ශෙපනියා 2:3) අපි ඉන්නේ වැදගත් කාලයක කියලා අද ඉන්න බහුතරයක් අමතක කරනවා. ඔවුන් වගේ අනතුරු ඇඟවීම් නොසලකාහරිනවා වෙනුවට ‘අපි යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන කාලය බලා සිටිමින් එය මනසෙහි ප්‍රමුඛව තබාගන්න’ ඕනේ. ඉදිරියේදී එන විනාශයෙන් ඔබට බේරෙන්න පුළුවන් විදිහ ගැන බයිබලයෙන් පෙන්වන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පුළුවන්.