Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | බයිබලය තේරුම්ගන්න පුළුවන් පොතක්

බයිබලය තේරුම්ගන්න ඕන ඇයි?

බයිබලය තේරුම්ගන්න ඕන ඇයි?

“බයිබලය ප්‍රසිද්ධ ආගමික පොතක් වුණත් චීනයේ ඉන්න අය ඒක ගැන වැඩිය දන්නේ නැහැ.”—චීනයේ ලින්.

“හින්දු ආගමේ පොත්වත් තේරුම්ගන්න බැරි මං කොහොමද බයිබලය තේරුම්ගන්නේ?”—ඉන්දියාවේ අමිත්.

“බයිබලය පැරණි ශුද්ධ පොතක් කියලත් වැඩියෙන්ම විකිණිලා තියෙන පොත ඒක කියලත් මං දන්නවා. ඒත් මං කවදාවත් බයිබලයක් දැකලා නෑ.”—ජපානයේ යූමිකො.

ලෝකේ පුරා ඉන්න හුඟදෙනෙක් බයිබලය වටිනා පොතක් කියලා දන්නවා වුණත් ඒකේ තියෙන්නේ මොනවාද කියලා දන්නේ නැහැ. ආසියාවේ ඉන්න හුඟක් අයගේ තත්වයත් ඒකයි. බයිබලය වැඩියෙන්ම බෙදාහැරලා තියෙන රටවල තත්වයත් ඒකමයි.

දැන් ඔයා කල්පනා කරයි ‘බයිබලය කියවන එකෙන් මට ප්‍රයෝජනයක් තියෙයිද’ කියලා. බයිබලයේ තියෙන දේවල් තේරුම්ගත්තොත් ඔයාට මේ වගේ ප්‍රයෝජන ලැබෙනවා.

  • සතුට සැනසුම ලබාගන්න පුළුවන්

  • පවුලේ ප්‍රශ්න විසඳගන්න පුළුවන්

  • සිත්තැවුල්වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්

  • බැඳීම් ශක්තිමත් කරගන්න පුළුවන්

  • නැණවත්ව මුදල් පාලනය කරන්න පුළුවන්

ජපානයේ යොෂිකෝගේ අද්දැකීම බලන්න. බයිබලයේ තියෙන දේවල් දැනගන්න කුතුහලයක් ඇති වුණ නිසා ඇය ඒක කියවන්න ගත්තා. ඊටපස්සේ ඇය මෙහෙම කිව්වා. “ජීවිතේට අරමුණකුත් බලාපොරොත්තුවකුත් තියෙනවා කියලා මං දැනගත්තා. දැන් මට ජීවිතේ හිස්බවක් දැනෙන්නේ නැහැ.” බයිබලය තේරුම්ගන්න බැහැයි කියලා හිතපු අමිත් කෙරුවේ මොකක්ද? එයාත් බයිබලය කියවලා මෙහෙම කිව්වා. “හැමෝටම අදාළ කරගන්න පුළුවන් වටිනා තොරතුරු ඒකේ තියෙනවා දැකලා මං පුදුම වුණා!”

බයිබලය අධ්‍යයනය කරපු හුඟක් අයට යහපත් ජීවිතයක් ගත කරන්න ඒක උදව් වෙලා තියෙනවා. ඔයාත් බයිබලයේ තියෙන දේවල් හොයලා බලන්නේ නැත්තේ ඇයි?