Skip to content

පටුනට යන්න

BalanceFormcreative/iStock via Getty Images Plus

අනිත් අයට උදව් කරලා තනිකම පරදන්න - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

අනිත් අයට උදව් කරලා තනිකම පරදන්න - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 අද ඉන්න ගොඩක් අයට මං තනි වෙලා, අනිත් අයගෙන් ඈත් වෙලා කියලා දැනෙනවා. සමහර සෞඛ්‍ය ප්‍රවීණයන් කියනවා අනිත් අයට උදව් කරන එක ඒ වගේ හැඟීම්වලින් ගොඩ එන්න හොඳ විදිහක් කියලා.

  •   “උදව් ඕනෙ අයට උදව් කරන එකෙන් ජීවිතේට සතුටක් එකතු වෙනවා. අනිත් අයගෙන් දුරස් වෙලා, තනි වෙලා කියලා දැනෙන හැඟීම් පරාජය කරන්නත් ඒක හොඳ විදිහක්.”—එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතන.

 අනිත් අයට උදව් කරන්න පුළුවන් විදි ගැන බයිබලේ හොඳ මඟ පෙන්වීම් තියෙනවා. ඒ මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් තනිකම පරදන්න අපිට පුළුවන්.

ඔයාට කරන්න පුළුවන් දේ

 කැමැත්තෙන්ම දෙන්න. අනිත් අයව ආශ්‍රය කරන්න අවස්ථා හොයන්න. ඒක හම්බ වෙලාම කරන එක ගොඩක් හොඳයි. ඔයාට තියෙන දේවල් කැමැත්තෙන්ම අනිත් අය එක්ක බෙදාගන්න. එහෙම කරද්දී එයාලා ඒ දේවල් අගේ කරයි. ඒක අලුත් යාළුකම් ඇති කරගන්නත් උදව්වක්.

  •   බයිබල් ප්‍රතිපත්තිය: “දීමට පුරුදු වන්න. එවිට අන් අයත් ඔබට දෙයි.”—ලූක් 6:38.

 උදව් කරන්න බලන්න. අමාරු තත්වයන්වලට මුහුණ දෙන අයට උදව් කරන්න පුළුවන් විදි හොයන්න. ඒකට හොඳට අහගෙන ඉන්න එකත් එයාට දැනෙන පීඩනය අඩු කරන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් කරන එකත් ඇතුළත්.

  •   බයිබල් ප්‍රතිපත්තිය: ‘යාළුවෙක් ඕනෙම ප්‍රශ්නයකදී උදව්වට ඉන්නවා.’—හිතෝපදේශ 17:17, Contemporary English Version.

 යාළුකම් දිගටම තියාගන්නේ කොහොමද කියලා දැනගන්න “පවුල් බැඳීම් සහ මිතුදම්” කියන ලිපිය බලන්න.