Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

මුළු හදවතින්ම දරන වෑයමටයි ආශීර්වාද ලැබෙන්නේ!

මුළු හදවතින්ම දරන වෑයමටයි ආශීර්වාද ලැබෙන්නේ!

ඊශ්‍රායෙල්වරු සිරියානුවන්ව පරද්දනවා කියලා පෙන්නන විදිහේ දෙයක් කරන්න කියලා යෙහෝයාෂ් රජට එලිෂා කිව්වා (2රාජා 13:15-18)

ඒ කියපු දේ යෙහෝයාෂ් මුළු හදවතින්ම කෙරුවේ නැහැ. ඒ නිසා සිරියානුවන්ව සම්පූර්ණෙන්ම පරද්දන්න රජට බැරුව ගියා (2රාජා 13:19; w10 4/15 26 11¶)

යෙහෝවාගේ ආශීර්වාද නොඅඩුව ලැබෙන්නේ මහත් උනන්දුවකින් ඔහුගේ මඟ පෙන්වීම් පතන අයටයි (හෙබ්‍රෙ 11:6; w13 11/1 11 5-6¶)

මේ ගැන හිතන්න. බයිබලේ කියවන එක, රැස්වීම් යන එක, සේවයේ හවුල් වෙන එක වගේ දේවල් මම කරන්නේ මුළු හදවතින්මයි කියලා පෙන්නනවාද?