Skip to content

දෙවියන් බලවේගයක්ද?

දෙවියන් බලවේගයක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 නැහැ. දෙවියන් විශ්වයේ ඉන්න බලවත්ම තැනැත්තා. දෙවියන්ට තියෙන බලය ගැන බයිබලයේ මෙහෙම කියනවා. “අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද? තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය. ඔහු සතු අතිමහත් බලය හා ශක්තිය නිසා ඉන් එකක්වත් නැති නොවෙයි.”—යෙසායා 40:25, 26.

 දෙවියන්ට බලය විතරක් නෙවෙයි හැඟීම් දැනීම් තියෙනවා කියලත් බයිබලයේ කියනවා. ඔහු ප්‍රේමණීය කෙනෙක් කියලත් ඔහු පිළිකුල් කරන දේවල් තියෙනවා කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 11:5; යොහන් 3:16) අපි හැසිරෙන විදිහෙන් දෙවිව සතුටු කරන්න හරි දුකට පත් කරන්න හරි පුළුවන්.—ගීතාවලිය 78:40, 41.