Skip to content

දහස් ගාණකට ලියන්න කියන්න හැකියාව

දහස් ගාණකට ලියන්න කියන්න හැකියාව

2011දී 5,700කට වඩා වැඩිදෙනෙක්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලියන්න කියවන්න උගන්වලා තියෙනවා.

ඝානාව:

පහුගිය අවුරුදු 25 ඇතුළත 9,000කට වඩා වැඩිදෙනෙක්ට ලියන්න කියවන්න අපි ඉගැන්නුවා.

සැම්බියාව:

2002 අවුරුද්දේ ඉඳලා 12,000කට විතර ලියන්න කියවන්න තියෙන හැකියාව දියුණු කරගන්න උදව් කරලා තියෙනවා. “අපේ සභාවේ අකුරු උගන්වන පන්තියක් පටන්ගන්නවා කියපු ගමන්ම මාත් ඒකට ආසාවෙන් බැඳුණා. පළවෙනි පාඩමේදීම මගේ නම ලියන්නත් ඉගෙනගත්තා.” එහෙම කිව්වේ අවුරුදු 82ක් වයස ඇග්නස්.

පේරූ:

අවුරුදු 55ක් වයස කෙනෙක් කිව්වේ මෙහෙමයි. “අම්මලා මාව ඉස්කෝලේ යැව්වේ නැති නිසා මට ලියන්න කියවන්න පුළුවන් වෙයි කියලා මං කවදාවත් හිතුවේ නැහැ.”

මොසැම්බික්:

පහුගිය අවුරුදු 15දී 19,000කට වඩා වැඩිදෙනෙක් කියවන්න ඉගෙනගෙන තියෙනවා. ඒ පන්තියකට ගිය ෆෙලිසාර්ඩා මෙහෙම කියනවා. “ඉස්සර මට බයිබල් පද තියෙන තැන හොයාගෙන අනිත් අයට ඇහෙන්න කියවන්න හරිම අමාරුයි. ඒත් දැන් මට බයිබලය කියවන්න පුළුවන්. ඒ ගැන මට හුඟාක් සතුටුයි.”

සොලමන් දූපත්:

ශාඛා කාර්යාලයෙන් මෙහෙම ලියනවා. “දුෂ්කර පළාත්වල හිටපු අයට පාසැල් අධ්‍යාපනයක් ලබන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉස්කෝලේ යන්න ලැබුණේ ගැහැනු ළමයි හරිම ටිකදෙනෙකුට විතරයි. ඒත් දැන් අපේ පන්තිවලින් ගොඩක් කාන්තාවන්ට ඉගෙනගන්න අවස්ථාව ලැබෙනවා. ලියන්න කියවන්න පුළුවන් නිසා හුඟදෙනෙක්ට ආත්ම විශ්වාසය වැඩි වෙලා තියෙනවා.”