Skip to content

පටුනට යන්න

ඉන්දුනීසියාව

මගේ ජීවිතේ බේරුණා!

රොනල්ඩ් ජැකා

මගේ ජීවිතේ බේරුණා!
  • ඉපදුණේ 1928

  • බව්තීස්ම වුණේ 1941

  • තොරතුරු අවුරුදු 25කට වැඩි කාලයක් පුරා ඉන්දුනීසියාවේ ශාඛා කාර්යාලයේ වැඩ බලාගත්ත සහෝදරයා.

1965 ඔක්තෝබර් 1වෙනිදා ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයකට සම්බන්ධ කල්ලියක් ආණ්ඩුව පෙරළන අරමුණින් උසස් නිලධාරීන් 6දෙනෙක්ව මැරුවා. ඒකට පිළිතුරු විදිහට ආණ්ඩුවෙන් ඒ පක්ෂයට සම්බන්ධ 5,00,000ක් විතර අමානුෂික විදිහට මරලා දැම්මා.

ඒ කැරැල්ලෙන් සති කිහිපයකට පස්සේ හමුදාවේ එක උසස් නිලධාරියෙක් මට කිව්වා ඒ කල්ලියෙන් මරන්න නියම කරලා තිබුණ ආගමික නායකයන්ගේ ලැයිස්තුවේ මගේ නමත් උඩින්ම තිබුණා කියලා. ඒ විතරක් නෙමෙයි එයාලා මාව මරලා, වල දාන්න ලෑස්ති කරලා තිබුණ තැන පෙන්නන්න එන්න කියලත් කිව්වා. ඒත් මං එයාත් එක්ක යන්න එන්නේ නැහැ කියලා කාරුණිකව කිව්වා.දේශපාලන උණුසුම හැම තැනම තිබුණු නිසා මං හමුදාවේ අයත් එක්ක ඉන්නවා අනිත් අය දකිනවාට මං කැමති වුණේ නැහැ. මොකද ක්‍රිස්තියානියෙක් විදිහට මං දේශපාලනයට සම්බන්ධ නැහැ කියලා හුඟක් අය දැනගෙන හිටියා. ඒ හොඳ නම නැති කරගන්න මට ඕන වුණේ නැහැ.