Skip to content

පටුනට යන්න

ඉන්දුනීසියාව

අපි විශ්වාසය අත්හැරියේ නැහැ

ඩැනියල් ලකෝලෝ

අපි විශ්වාසය අත්හැරියේ නැහැ
  • ඉපදුණේ 1965

  • බව්තීස්ම වුණේ 1986

  • තොරතුරු පීඩා මැද නොසැලී දෙවිට විශ්වාසවන්තව සේවය කළ විශේෂ පුරෝගාමියෙක්.

1989 අප්‍රියෙල් 14වෙනිදා මම ෆ්ලෝරස් දූපතේ මායුමරේවල රැස්වීමක කොටසක් කර කර ඉද්දී රජයේ නිලධාරීන් අපි රැස්වීම් තිබ්බ ගෙදරට කඩා පැන්නා. එදා මාවයි තව 3දෙනෙක්වයි අත්අඩංගුවට ගත්තා.

හිරගෙදර හිටිය නිලධාරීන් කොඩියට ආචාර කරන්න කියලා අපිට බල කළා. අපි ඒක කළේ නැති නිසා එයාලා අපිට හොඳටම ගැහුවා. දවස් 5ක් තිස්සේ තද අව්වේ අපිව හිටවලා තිබ්බා. රෑට අපිව පුංචි හිර කූඩුවලට දැම්මා. බිම නිදාගන්න වුණ නිසා අපි හිටියේ වෙව්ල වෙව්ල. තුවාල නිසා දැනුණේ පුදුම කැක්කුමක්. හිරගෙදර ප්‍රධානියා කොච්චර බල කළත් “ජීවිතේ තියෙන කල් කොඩියට ආචාර කරන්නේ නැහැ” කියලා අපි කිව්වා. අතීතයේ හිටිය ක්‍රිස්තියානීන් වගේ ‘ධර්මිෂ්ඨ දේ කරන නිසා දුක් විඳින එක’ අපි සැලකුවේ ආශීර්වාදයක් විදිහට.—1 පේතෘ. 3:14.