ක්‍රියා 5:1-42

5  අනනියස් නම් මිනිසෙක්ද සිටියේය. ඔහුගේ බිරිඳගේ නම සෆීරාය. ඔවුන් දෙදෙනාද තමන්ට අයිති වූ ඉඩමක් විකුණුවෝය.  අනනියස් ඒ මුදලින් කොටසක් තමන් ළඟ තබාගත් අතර ඒ ගැන ඔහුගේ බිරිඳද දැන සිටියාය. ඔහු ඉතුරු මුදල ගෙනැවිත් යේසුස්ගේ නියෝජිතයන්ට* භාර දුන්නේය.+  නමුත් පේතෘස් මෙසේ කීවේය. “අනනියස්, ඔබ මේ වගේ දෙයක් කරන්න පෙලඹුණේ ඇයි? ඇයි ඔබ සාතන්ට ඔබේ සිත පාලනය කරන්න ඉඩ දුන්නේ?+ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය+ දැක දැකත් දෙවිට බොරු කර+ ඒ ඉඩම විකුණා ලබාගත් මුදලින් කොටසක් රහසින් තබාගත්තේ ඇයි?  ඒ ඉඩම ඔබට අයිති දෙයක්. එය ඔබ සතු දේපොළක්. විකුණූ පසුත් කැමති විදිහට එම මුදල් පාවිච්චි කරන්න ඔබට අයිතියක් තිබුණා. එහෙම තිබියදීත් මේ වගේ දෙයක් කරන්න ඔබේ සිත පෙලඹුණේ කොහොමද? ඔබ බොරු කළේ+ මිනිසුන් වන අපිට නොවෙයි, දෙවිටයි.”+  එවිට ඒ වචනවලට සවන් දෙමින් සිටි අනනියස් බිම ඇද වැටී මිය ගියේය.+ ඒ සිදුවීම ගැන ආරංචි වූ සියලුදෙනා තුළ මහත් බියක් ඇති විය.+  පසුව තරුණයන් කිහිපදෙනෙක් ඔහුගේ මළ සිරුර රෙදිවලින් ඔතා,+ පිටතට උසුලාගෙන ගොස් තැන්පත් කළෝය.  සිදු වූ දේ නොදැන පැය තුනකට පමණ පසු ඔහුගේ බිරිඳ එතැනට පැමිණියාය.  පේතෘස්, “ඔබ දෙදෙනා ඉඩම විකුණුවේ මේ මුදලටද” කියා ඇගෙන් ඇසුවේය. “ඔව්, අපට ලැබුණේ එච්චරයි” කියා ඇය පැවසුවාය.  එවිට පේතෘස් ඇයට මෙසේ කීවේය. “ඇයි ඔබ දෙදෙනා යෙහෝවා දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් ඔහුට බොරු කරන්න හැදුවේ?+ ඔබේ ස්වාමිපුරුෂයාව තැන්පත් කළ අය ඔබවත් පිටතට උසුලාගෙන යන්න ඇවිත්.” 10  ඒ මොහොතේදීම ඇය ඔහු ඉදිරියේ බිම ඇද වැටී මිය ගියාය.+ තරුණයෝ ඇතුළට පැමිණි විට ඇය මිය ගොස් සිටිනවා දැක ඇයවත් පිටතට උසුලාගෙන ගොස් ඇගේ ස්වාමිපුරුෂයා ළඟ තැන්පත් කළෝය. 11  ඒ සිද්ධිය ගැන ආරංචි වූ සියලුදෙනාද මුළු සභාවද බොහෝ සෙයින් බියට පත් වූහ. 12  යේසුස්ගේ නියෝජිතයෝ ජනයා අතරේ බොහෝ ලකුණුද ආශ්චර්යයන්ද සිදු කළෝය.+ ඔවුන් සියලුදෙනාම නිතර එකට හමු වූයේ සලමොන්ගේ සක්මන් මළුවෙහිය.*+ 13  ඔවුන් හා එක් වීමට තරම් ධෛර්යයක් නොතිබුණු යම් පිරිසක් සිටියත්+ පොදුවේ ජනතාව ගෝලයන්ට මහත් සේ ප්‍රශංසා කළෝය.+ 14  මීට අමතරව ස්වාමීන්ව විශ්වාස කළ පුරුෂයන්ගේ හා ස්ත්‍රීන්ගේ ගණන දිගටම වැඩි විය.+ 15  මේ අතර බොහෝදෙනෙක් රෝගාතුරව සිටි අයව කුඩා ඇඳන්වල තබා ඔවුන්ව වීථි දිගේ තැබුවෝය. ඔවුන් බලාපොරොත්තු වූයේ පේතෘස් ඔවුන්ව පසු කරගෙන යන විට අඩුම තරමින් ඔහුගේ සෙවණැල්ලවත් රෝගාතුරව සිටි අය මත වැටෙයි කියාය.+ 16  එමෙන්ම යෙරුසලම අවට පිහිටි නුවරවලින් විශාල පිරිසක් රෝගීන්වද භූතයන්ගෙන් හිරිහැර විඳින අයවද උසුලාගෙන ආවෝය. ඒ සියලුදෙනාව සුව කරන ලදි. 17  එවිට උත්තම පූජකයාද ඔහුට පක්ෂව සිටි සද්දුසිවරුන්ගේ නිකායට අයිති සියලුදෙනාද මහත් ඊර්ෂ්‍යාවකින් පෙලඹී,+ 18  එම නියෝජිතයන්ව අල්ලා සිරගෙයි දැමූහ.+ 19  නමුත් රාත්‍රියේදී යෙහෝවා දෙවිගේ දූතයා+ සිරගෙයි දොරවල් විවෘත කර+ ඔවුන්ව පිටතට ගෙනැවිත් මෙසේ කීවේය. 20  “දැන් ඔබ දේවමාලිගාවට ගොස් ඉදිරියේදී ලැබීමට නියමිත ජීවිතය+ හා සම්බන්ධ සියලු දේවල් ගැන ජනයාට නොකඩවා කියන්න.” 21  එම වචනවලට සවන් දුන් ඔවුහු, උදෑසනින්ම දේවමාලිගාවට ඇතුල් වී ජනයාට උගන්වන්න පටන්ගත්තෝය. මේ අතර උත්තම පූජකයා සහ ඔහු සමඟ සිටි අය පැමිණ මුළු මන්ත්‍රණ සභාවද ඊශ්‍රායෙල් ජාතියේ වැඩිමහල්ලන් සමූහයද රැස් කරවා,+ සිරභාරයට ගත් නියෝජිතයන්ව සිරගෙයින් රැගෙන ඒමට මිනිසුන්ව යැව්වෝය. 22  නමුත් ඒ නිලධාරීන් එහි ගිය විට ඔවුන් සිරගෙයි නැති බව ඔවුන්ට පෙනී ගියේය. එහෙයින් ඔවුහු ආපසු පැමිණ, 23  “අපි සිරගෙට ගිය විට එහි අගුලු දමා තිබුණා. ඒ වගේම දොරවල් ළඟ මුරකරුවන්ද සිටියා. ඒත් දොරවල් විවෘත කළ විට කවුරුවත් එහි හිටියේ නැහැ” කියා දැනුම් දුන්හ. 24  දේවමාලිගාවේ වැඩකටයුතු භාරව සිටි ප්‍රධානියාද නායක පූජකයෝද සිදු වූ දේ අසා මේ දේවල් කොතැනින් කෙළවර වෙයිද කියා සිතමින් දෙගිඩියාවෙන් සිටියෝය.+ 25  එවිට එක් මිනිසෙක් ඇවිත් ඔවුන්ට මෙසේ දැනුම් දුන්නේය. “ඔබ සිරගෙයි දැමූ මිනිසුන් දේවමාලිගාවට ගිහින් ජනයාට උගන්වනවා.”+ 26  එවිට දේවමාලිගාවේ වැඩකටයුතු භාරව සිටි ප්‍රධානියා ඔහුගේ අනෙකුත් සේවකයන් සමඟ ගොස් ඔවුන්ට කිසි හිරිහැරයක් නොකර ඔවුන්ව රැගෙන ආවේය. ඔවුන් එසේ කළේ ජනයා තමන්ට ගල් ගසයි කියා බිය වූ නිසාය.+ 27  ඔවුහු ඔවුන්ව ගෙනැවිත් මන්ත්‍රණ සභාව රැස් වන ශාලාවේ සිටෙව්වෝය. උත්තම පූජකයා ඔවුන්ගෙන් මෙසේ ප්‍රශ්න කළේය. 28  “ඒ නාමයෙන් තවදුරටත් උගන්වන්න එපා කියා අපි පැහැදිලිවම නුඹලාට අණ කළා.+ ඒත් බලන්න! නුඹලා උගන්වා ඇති දේවල් යෙරුසලම පුරාම පැතිරිලා.+ ඒ මිනිසාගේ ලේවලට අප වග කිව යුතුයි කියමින් ඒ වරද නුඹලා කොහොමහරි අප පිට පටවන්න උත්සාහ කරනවා.”+ 29  එවිට පේතෘස් සහ අනික් නියෝජිතයෝ මෙසේ පිළිතුරු දුන්නෝය. “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි.+ 30  අපේ මුතුන්මිත්තන්ගේ දෙවි, ඔබ කණුවක එල්ලා මරා දැමූ+ යේසුස්ව නැවත නැඟිටුවා තිබෙනවා.+ 31  දෙවි දැන් ඔහුව උසස් කර තිබෙනවා. ඔහු සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙයි.+ මිනිසාට ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාත්+ ගැලවුම්කරුත්+ ඔහුයි. ඊශ්‍රායෙල් ජනයාට පසුතැවිලි වෙන්නත්+ තම පව්වලට සමාව ලබාගන්නත්+ හැකි වන්නේ ඔහු මාර්ගයෙනුයි. 32  ඒ දේවල් සම්බන්ධයෙන් අපි සාක්ෂිකරුවෝ.+ එලෙසම දෙවි තම බලය මගින්ද ඒ සඳහා සාක්ෂි ලබා දී තිබෙනවා.+ ඒ බලය ඔහු ලබා දී තිබෙන්නේ පාලකයාණන් ලෙස ඔහුව පිළිගෙන ඔහුට කීකරු වන සියලුදෙනාටයි.” 33  ඔවුන්ට එය ඇසුණු විට ඔවුන් තුළ මහත් කෝපයක් ඇති විය. ඒ නිසා ඔවුන් අදහස් කළේ යේසුස්ගේ නියෝජිතයන්ව මරා දැමීමටය.+ 34  නමුත් එක් පරිසිවරයෙක්* එනම්, සියලුදෙනා ඉතා ගෞරවයෙන් සැලකූ නීතිය උගන්වන කෙනෙකු වූ ගමාලියෙල්+ මන්ත්‍රණ සභාවේ සිටි සියලුදෙනා ඉදිරියේ නැඟිට, ඒ මිනිසුන්ව ටික වේලාවකට පිටතට ගෙන යන්න කියා අණ කළේය.+ 35  ඉන්පසු ඔහු මෙසේ පැවසුවේය. “ඊශ්‍රායෙල් පුරුෂයෙනි,+ මේ මිනිසුන්ට ඔබ කරන්න සිතාගෙන සිටින දේ ගැන පරෙස්සම් වෙන්න. 36  ඔබට මතකද මීට ටික කලකට කලින් තියුඩස් තමා වැදගත් කෙනෙක් කියා පවසමින්+ පැමිණි ආකාරය? මිනිස්සු හාරසියදෙනෙක් විතර ඔහුගේ පක්ෂයට බැඳුණා.+ නමුත් ඔහුව මරා දමනු ලැබූ අතර ඔහුගේ පක්ෂයේ සිටි සියලුදෙනාම විසිරී ගොස් අතුරුදහන් වෙලාම ගියා. 37  පසුව ලියාපදිංචි වීම+ සිදු කළ කාලයේදී ගලීලයෙන් යූදස් කියන කෙනෙක් ආවා. ඔහු පස්සෙත් මිනිසුන් විශාල පිරිසක් ගියා. නමුත් ඒ මිනිසාත් මිය ගිය පසු ඔහුගේ පක්ෂයේ සිටි සියලුදෙනාම විසිරී ගියා. 38  ඉතින් මම දැන් කියන්නේ, මේ මිනිසුන්ගේ වැඩකටයුතුවලට මැදිහත් වෙන්න එපා කියලයි. පවතින තත්වයට අනුව ඔවුන්ට ඉන්න ඉඩහරින්න. (මන්ද මේ මිනිසුන් කරන්න අදහස් කරන දේවල් ඔවුන්ගේම අදහසක් නම් එය කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ.+ 39  නමුත් ඒ දේ පිටුපස සිටින්නේ දෙවි නම්+ ඔබ මොනව කළත් ඔවුන්ව නවත්වන්න ඔබට බැරි වෙයි.)+ ඔබ පරෙස්සම් වුණේ නැත්නම් ඔබ දෙවිට විරුද්ධව සටන් කරන අය විය හැකියි.”+ 40  ඔහු පැවසූ දේවල් පිළිගත් ඔවුහු, යේසුස්ගේ නියෝජිතයන්ව කැඳවා ඔවුන්ට තළා,+ යේසුස්ගේ නාමයෙන්+ තවදුරටත් කතා නොකරන්න කියා නියෝග කර ඔවුන්ව නිදහස් කළෝය. 41  යුදෙව් මන්ත්‍රණ සභාවෙන් පිටතට පැමිණි ඔවුහු, යේසුස්ගේ නාමය නිසා නින්දා විඳින්න ලැබීම කොතරම් උතුම් වරප්‍රසාදයක්ද+ කියා සිතමින් ප්‍රීතියෙන්+ පිටත්ව ගියෝය. 42  ඔවුහු තම ඉගැන්වීම් කටයුතු සහ ක්‍රිස්තුස් එනම්, යේසුස් පිළිබඳ ශුභාරංචිය+ ප්‍රකාශ කිරීමේ කාර්යය නතර කළේ නැත.+ දිනපතාම ඔවුහු දේවමාලිගාවේදීත් ගෙයින් ගෙටත් ගොස්+ එම කාර්යය ඉටු කළෝය.

පාදසටහන්

හෝ, “යවනු ලැබූවන්ට.”
ක්‍රියා 3:11හි පාදසටහන බලන්න.
යේසුස්ගේ කාලයේ සිටි ප්‍රසිද්ධ ආගමික නායකයන් පිරිසකි.