Skip to content

පටුනට යන්න

අපේ නිර්මාතෘ අපි ගැන හුඟක් සැලකිලිමත්

අපේ නිර්මාතෘ අපි ගැන හුඟක් සැලකිලිමත්

1. අපේ නිර්මාතෘ හිරු උදා කරලා දෙනවා

හිරු අපේ ජීවිතයට නැතුවම බැරි දෙයක්. ටිකකට හිතන්න ගස් ගැන. හිරුගෙන් ලැබෙන ශක්තිය නිසා තමයි ගස්වල කොළ, මල්, පලතුරු හටගන්නේ. ගස්වල මුල්වලින් පොළොවේ තියෙන වතුර උරාගෙන ගහේ හැම දල්ලකටම අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. ඊටපස්සේ ඒ වතුර ජල වාෂ්ප විදිහට ආපහු වාතයට එකතු වෙනවා. හිරු එළිය නොතිබුණා නම් ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ.

2. අපේ නිර්මාතෘ වැසි වහින්න සලස්වනවා

වැස්ස කියන්නේ දෙවියන්ගෙන් අපිට ලැබිලා තියෙන වටිනා තෑග්ගක්. ඒ තෑග්ග නිසා තමයි ගස්වැල්වලින් අපිට ඕන කරන කෑම ලබාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. දෙවියන් අපිට වැස්ස, සරු පලදාව සහ ඇති තරම් කෑම ලබා දෙනවා. මොකද ඔහු කැමති අපි සතුටින් ඉන්නවා දකින්නයි.

3. අපේ නිර්මාතෘ කෑම බීම, ඇඳුම් පැළඳුම් සපයලා දෙනවා

තමන්ගේ පවුලේ අයට ඇති තරම් කන්න, අඳින්න දෙන්නේ කොහොමද කියන එක ගැන හුඟක් තාත්තලා කනස්සලු වෙනවා. හැබැයි ශුද්ධ ලියවිල්ලේ මෙහෙම කියනවා. “අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න. උන් බීජ වපුරන්නේවත් කපන්නේවත් ගබඩාවලට රැස් කරන්නේවත් නැහැ. නමුත් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් උන්ව පෝෂණය කරනවා. ඔබ උන්ට වඩා වටින්නේ නැද්ද?”—මතෙව් 6:25, 26.

“තණබිම්වල ලිලී මල් වැවෙන ආකාරයෙන් පාඩමක් ඉගෙනගන්න. . . . නමුත් මා ඔබට කියන්නේ, මේ මල්වල තිබෙන අලංකාරය සලමොන් [රජ] තම රාජකීය තේජසින් යුතුව පැළඳ සිටි ඇඳුම්වලවත් නොතිබුණු බවයි. . . . තණබිමේ පැළෑටි දෙවි එසේ සරසනවා නම් . . . ඔබව පළඳවන්න ඔහු ඊටත් වඩා සතුටු වන්නේ නැද්ද?”—මතෙව් 6:28-30.

අපිට ඕන කරන කෑම බීම, ඇඳුම් පැළඳුම් ලබා දෙන්න දෙවියන්ට පුළුවන් නම් අපේ ජීවිතේ පවත්වගෙන යන්න ඕන කරන අනිත් හැම දේම ලබා දෙන්නත් ඔහුට පුළුවන් නේද? ඔහු කැමති විදිහට අපි ජීවත් වෙනවා නම් වගාවක් කරලා හරි රස්සාවක් කරලා හරි අපිට ඕන කරන දේවල් ලබාගන්න අපි දරන වෑයමට ඔහු අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා.—මතෙව් 6:32, 33.

ඉර, වැස්ස, කුරුල්ලන් සහ මල් ගැන හිතලා බලද්දී දෙවියන්ට ආදරේ කරන්න අපිට ඕන තරම් හේතු තියෙනවා කියලා පැහැදිලි වෙනවා. දෙවියන් මිනිසුන්ට කියන්න ඕන දේවල් දන්වලා තියෙන්නේ කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.