Skip to content

පටුනට යන්න

ව්‍යාපාරිකයෙක් ලියුමක් ලියන්න ලේකම් කෙනෙක්ව පාවිච්චි කරනවා වගේ දෙවියන් ශුද්ධ ලියවිල්ල ලියන්න ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් කිහිපදෙනෙක්ව පාවිච්චි කළා

නිර්මාතෘ අපි වෙනුවෙන් කරන්න යන දේවල් දැනුම් දීලා තියෙන්නේ කොහොමද?

නිර්මාතෘ අපි වෙනුවෙන් කරන්න යන දේවල් දැනුම් දීලා තියෙන්නේ කොහොමද?

මිනිසුන්ව නිර්මාණය කරපු දවසේ ඉඳන්ම අපේ නිර්මාතෘ මිනිසුන්ට කියන්න ඕන දේවල් දේවදූතයන් සහ ඔහුගේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් දැනුම් දුන්නා. ඒ වගේම ඔහුගේ පණිවිඩය ගැනත් මිනිසුන්ට ලබා දෙන්න යන ආශීර්වාද ගැනත් ඔහු ලියවිල්ලක සටහන් කරන්නත් සැලැස්සුවා. දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා අපිට සතුටින් පිරුණු අනාගතයක් දෙනවා කියලා. ඒ පොරොන්දු ගැන දැනගන්න පුළුවන් කොහෙන්ද?

දෙවියන්ගේ පණිවිඩය ගැන සඳහන් වෙන්නේ ශුද්ධ ලියවිල්ලේ. (2 තිමෝති 3:16) දෙවියන් තමන්ගේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඒ දේවල් ලියන්න සැලැස්සුවේ කොහොමද? මුලින්ම දෙවියන් තමන්ගේ අදහස් එයාලට දැනුම් දුන්නා. ඊටපස්සේ එයාලා ඒ දේවල් ලිව්වා. (2 පේතෘස් 1:21) ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. ව්‍යාපාරිකයෙක් ලියුමක් ලියන්න තමන්ගේ ලේකම්ව පාවිච්චි කරනවා. ඒ දේවල් ලියන්නේ ලේකම් වුණත් ඇත්තටම ඒ ලියුමේ තියෙන්නේ ව්‍යාපාරිකයාගේ අදහස්. ඒ වගේ තමයි දෙවියන් ශුද්ධ ලියවිල්ල ලියන්න මිනිසුන්ව පාවිච්චි කළත් ඔහු තමයි ඒකේ කර්තෘ. මොකද ඒකේ තියෙන්නේ දෙවියන්ගේ අදහස්.

දෙවියන්ගේ පණිවිඩය හැමෝටම දැනගන්න පුළුවන්

හැම කෙනෙක්ම දෙවියන්ගේ පණිවිඩය කියවලා ඒක තේරුම්ගන්න එක හුඟක් වැදගත්. ඒ නිසා තමයි ශුද්ධ ලියවිල්ලේ තියෙන සදාකාල ශුභාරංචිය ගැන ‘සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් සියලු භාෂා’ කතා කරන අයටත් දැනගන්න දෙවියන් අවස්ථාව දීලා තියෙන්නේ. (එළිදරව් 14:6) දෙවියන්ගේ වචනය සම්පූර්ණයෙන්ම හරි කොටස් වශයෙන් හරි භාෂා 3,000කට වැඩි ගණනකට පරිවර්තනය කරලා තියෙනවා. වෙන කිසිම පොතක් ඒ තරම් භාෂා ගණනකට පරිවර්තනය කරලා නැහැ.