Skip to content

පටුනට යන්න

සුරක්ෂිත අනාගතයකට මඟ පෙන්වීම්

සුරක්ෂිත අනාගතයකට මඟ පෙන්වීම්

අපි කලින් ලිපිවලින් බැලුවා දෛවය, අධ්‍යාපනය, සල්ලි වගේ දේවල් ගැන විශ්වාසය තියන එකෙන්, යහපත් ජීවිතයක් ගත කරන එකෙන් අනාගතය සුරක්ෂිත කරගන්න හුඟදෙනෙක් උත්සාහ කරලා තියෙනවා කියලා. හැබැයි ඒක හරියට නොදන්න පළාතකට යන්න වැරදි සිතියමක් පාවිච්චි කරනවා වගේ දෙයක්. එහෙනම් අනාගතය සුරක්ෂිත කරගන්න උදව් වෙන මඟ පෙන්වීම් කොහෙන්වත් හොයාගන්න බැරිද?

හොඳම මඟ පෙන්වීම්

සාමාන්‍යයෙන් අපි තීරණයක් ගන්න කලින් උපදෙස් ගන්නේ අපිට වඩා වයසින්, බුද්ධියෙන් වැඩි කෙනෙක්ගෙන්. අපේ අනාගතය සුරක්ෂිත කරගන්න උදව් වෙන මඟ පෙන්වීම් හොයද්දීත් අපි කරන්න ඕනෙ ඒ දේමයි. ඒ මඟ පෙන්වීම් මීට අවුරුදු 3,500කට විතර කලින් ලියලා තියෙන ශුද්ධ ලියවිල්ලකින් හොයාගන්න පුළුවන්. පොත් කීපයක එකතුවකින් හැදිලා තියෙන ඒ ලියවිල්ල හඳුන්වන්නේ ශුද්ධ බයිබලය කියලා.

බයිබලේ තියෙන තොරතුරු විශ්වාස කරන්න පුළුවන් ඇයි? මොකද ඒකේ තියෙන්නේ මේ විශ්වයේ වැඩිම කාලයක් ජීවත් වෙලා තියෙන, බුද්ධිමත්ම කෙනාගේ අදහස්. ශුද්ධ ලියවිල්ලේ ඔහුව හඳුන්වලා තියෙන්නේ “පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැති,” “පුරාතන තැනැත්තා” විදිහට. (ගීතාවලිය 90:2; දානියෙල් 7:9) ඒ වගේම ඔහු තමයි අහස, පොළොව නිර්මාණය කරපු සැබෑ දෙවියන්. (යෙසායා 45:18) ඔහුගේ නම යෙහෝවා කියලා ඔහුම දැනුම් දීලා තියෙනවා.—ගීතාවලිය 83:18.

බයිබලේ කියන්නේ නැහැ එක ජාතියක්, සංස්කෘතියක් තව එකකට වඩා උසස් කියලා. මොකද ඒකේ තියෙන්නේ අපි හැමෝටම ජීවිතය දුන්න අපේ නිර්මාතෘගේ අදහස්. ඒකේ තියෙන මඟ පෙන්වීම් මේ පොළොවේ ඉන්න හැමෝටම හැමදාටම ප්‍රයෝජනවත් වෙනවා. ඒ පොත හුඟක් භාෂාවලට පරිවර්තනය කරලා තියෙනවා. ඒ වගේම වෙන කිසිම පොතකට වඩා බෙදාහැරලා තියෙනවා. * ඒ නිසා ලෝකේ ඕනෙම තැනක ඉන්න කෙනෙක්ට ඒ පොත කියවලා ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. බයිබලේ තියෙන මේ දේ කොච්චර ඇත්තක්ද කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.

“දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට දැන් හොඳට තේරෙනවා. මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.”—ක්‍රියා 10:34, 35.

ආදරණීය තාත්තා කෙනෙක් දරුවන්ට මඟ පෙන්වීම් දෙනවා වගේ අපි හැමෝගෙම ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවියන් අපිට බයිබලෙන් මඟ පෙන්වීම් දෙනවා. (2 තිමෝති 3:16) අපිට ජීවිතය දුන්නේ ඔහු නිසා සතුටින් ඉන්න අපි කරන්න ඕනෙ මොනවාද කියලා දන්නේ ඔහුයි. ඒ නිසා බයිබලෙන් ඔහු දෙන මඟ පෙන්වීම් අපිට විශ්වාස කරන්න පුළුවන්.

ඒ වගේ කාලෙක ජීවත් වෙන්න ඔයා කරන්න ඕනෙ මොනවාද කියලා ඊළඟ ලිපියෙන් දැනගන්න.

^ 6 ඡේ. බයිබලේ පරිවර්තනය කරලා බෙදාහැරලා තියෙන විදිහ ගැන තව තොරතුරු දැනගන්න www.ps8318.com/si වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > ඉතිහාසය සහ බයිබලය යටතේ බලන්න.