Skip to content

පටුනට යන්න

බැක්ටීරියාවන්ගේ කශිකාව

බැක්ටීරියාවන්ගේ කශිකාව

නිර්මාණයක්ද?

බැක්ටීරියාවන්ගේ කශිකාව

● බැක්ටීරියාවන්ගේ කශිකාවක් ප්‍රබල අන්වීක්ෂයකින් බැලූ විට පෙනෙන්නේ සිහින් කෙන්දක් හා සමානවයි. නමුත් එහි ක්‍රියාකාරීත්වය මෝටර් බෝට්ටුවක තිබෙන ඇන්ජිමකට සමානයි. ඊට හේතුව කුමක්ද?

විවිධ සෛලවලට කශිකා තිබුණත් බැක්ටීරියාවන්ගේ කශිකාව ඉතාමත් විශිෂ්ටයි. සෛල බිත්තියට සවි වී තිබෙන මෙම කශිකා නිසා බැක්ටීරියාවට ඉදිරියට යන්න, ආපස්සට එන්න, වෙනත් දිශාවකට මාරු වෙන්න හෝ නතර වෙන්න හැකියාව ලැබෙනවා. බැක්ටීරියා වර්ගවලින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකට මෙම කශිකා පිහිටා තිබෙනවා.

කශිකාවක් සෑදෙන්නත් එහි ක්‍රියාකාරීත්වයටත් විවිධ ප්‍රෝටීන් වර්ග 40ක් පමණ අවශ්‍යයි. ඒ වගේම කශිකාවක් සෑදෙන්නත් එය ක්‍රියාත්මක වීමටත් අවශ්‍ය සියලුම තොරතුරු ගබඩා වී තිබෙන්නේ DNA තුළයි. මෙවැනි සංකීර්ණ කශිකාවක් බිහි වීමට ගත වන්නේ විනාඩි 20යි.

එක් පොතක මෙසේ සඳහන් වුණා. “බැක්ටීරියා සෛලයක තිබෙන කශිකා හරියට මෝටර් වගෙයි. සමහර කශිකා විනාඩියකට 6,000 වාරයක වේගයෙන්ද තවත් ඒවා 17,000 වාරයක වේගයෙන්ද කරකැවෙනවා. ඊට අමතරව එය එක් පැත්තකට කරකැවෙමින් පවතින අතරේදීම ක්ෂණිකව අනික් අතට කරකැවීමේ හැකියාවත් තිබෙනවා. ඒ හැකියාව හරිම පුදුමාකාරයි.” (The Evolution Controversy) “අණුවලින් සෑදී ඇති බැක්ටීරියාවේ කශිකා පියවි ඇසට නොපෙනුණත් ඒවා ඉතා සංකීර්ණයි. මේ හා සමාන නිර්මාණයක් කිසිම ඉන්ජිනේරුවෙකුට කරන්න බැහැ.”—New Scientist.

කශිකාවක් සෑදීමට අවශ්‍ය ප්‍රෝටීන 40, නිසි ආකාරයට එකිනෙකට සම්බන්ධ වී ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න විද්‍යාඥයන්ට තවමත් ප්‍රහේලිකාවක්.

ඔබේ නිගමනය කුමක්ද? කුඩා නමුත් පුදුමාකාර කශිකාව ඇති වුණේ අහම්බෙන්ද? නැත්නම් එයට බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටිනවාද?

[24වන පිටුවේ රූප සටහන/පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

කශිකා

කෙන්ද

සර්වලෝක පූට්ටුව

බුෂ් එක

භ්‍රමකය

[පින්තූරය]

විශාල කළ බැක්ටීරියාවක්

[හිමිකම් විස්තර]

Bacterium inset: © Scientifica/​Visuals Unlimited, Inc.; flagellum diagram: Art source courtesy of www.arn.org