Skip to content

පටුනට යන්න

සත්‍යය නිදහස දෙයි

සත්‍යය නිදහස දෙයි

සත්‍යය නිදහස දෙයි

යේසුස් මෙසේ පැවසුවා. “ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.” (යොහන් 8:32) මෙහි සඳහන් අද්දැකීම්වලින් පෙන්නුම් කරන්නේ බයිබලයේ තිබෙන සත්‍ය ඉගැන්වීම් දැනගත් අයට භූතයන් හා ඔවුන්ට සම්බන්ධ සියලුම දේවලින් නිදහස ලැබුණ ආකාරයයි.—යොහන් 8:44.

බයිබලයේ තිබෙන සත්‍ය ඉගැන්වීම් ඔබටත් ප්‍රයෝජනවත් වෙන බවට සැකයක් නැහැ. ඒ නිසා බයිබලයේ ඇති සත්‍යය කුමක්ද කියා සොයා බැලීමට අපි ඔබට දිරිගන්වන්න කැමතියි.

[8වන පිටුවේ කොටුව/පින්තූරය]

සුසෑනා ජීවත් වන්නේ බ්‍රසීලයේයි. ඇය භූතයන් හා සම්බන්ධ ක්‍රියාවල යෙදුණා. සුසෑනා නිතරම ඇගේ මිය ගිය මව සමඟ කතා කළ බව ඇය පවසනවා. දිනක් ඇගේ මව ඇගෙන් ඉල්ලා තිබුණේ සිය දිවි හානි කරගෙන තමා සමඟ ජීවත් වීමට මළවුන්ගේ ලෝකයට එන්න කියායි. එයින් බියට පත් වූ සුසෑනාට භයානක හීන පේන්න පටන්ගත්තා. පසුව ඇය සහ ඇගේ ස්වාමිපුරුෂයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මුලින්ම ‘යක්ෂයාට විරුද්ධව සිටින්න’ ඔවුන්ට අමාරු වුණත් පසුව ඉන් ජය ගත්තා. (යාකොබ් 4:7) දැන් ඔවුන්ට භූතයන්ගෙන් කිසිම කරදරයක් නැහැ. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මාව භූතයන්ගෙන් නිදහස් කළාට මම යෙහෝවා දෙවිට හුඟක් ස්තුති කරනවා.”

[8වන පිටුවේ කොටුව/පින්තූරය]

ටිමති ජීවත් වන්නේ බටහිර අප්‍රිකාවෙයි. ඔහු ගොළු සහ බිහිරි කෙනෙක්. * වෛද්‍යවරුන්ගෙන් ඔහුට සුවයක් නොලැබුණ නිසා ඔහු ඇදහිල්ලෙන් සුව කරන කෙනෙකු වෙත ගියා. නමුත් එයත් සාර්ථක වුණේ නැහැ. “ඔවුන් මාව රැවැට්ටුවා” කියා ඔහු සඳහන් කරනවා. පසුව ටිමති සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. යෙහෝවා දෙවි සියලු අසනීප සහ ආබාධ සුව කරන බව ඔහු ඉගෙනගත්තා. පසුව ටිමති මෙසේ ලිව්වා. “‘බිහිරි අයගේ කන් ඇරෙන, ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන’ ඒ කාලය එන තුරු මම හුඟක් ආසාවෙන් බලාගෙන ඉන්නවා.” (යෙසායා 35:1-6) ටිමති දැන් DVD යොදාගෙන ඔහු බයිබලයෙන් ඉගෙනගත් දේවල් අන් අයටත් කියා දෙනවා.

[පාදසටහන]

^ 7 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[9වන පිටුවේ කොටුව/පින්තූරය]

ඉව්ලින් ජීවත් වන්නේ එස්තෝනියාවෙයි. යේසුස් වගේ ලෙඩුන්ව සුව කිරීමට ඇයටත් අවශ්‍ය වුණා. විශේෂයෙන්ම අසනීපයෙන් සිටි ඇගේ මව සුව කිරීමට අවශ්‍ය වුණා. භූතයන්ගේ උපකාරය ඇතුව ලෙඩ රෝග හඳුනාගැනීමටත් ඒවාට ප්‍රතිකාර කරන ආකාරයත් ඇය ඉගෙනගෙන තිබුණා. නමුත් ඇය බයිබලය ඉගෙනගැනීමට පටන්ගත් පසු පවසන දේ බලන්න. “මම රැවටිලා හිටියා කියලා මට දැන් තේරෙනවා. භූතයන්ට සම්බන්ධ පොත් පත් හා උපකරණ හැම එකක්ම මම පුච්චලා දැම්මා.” බයිබලයෙන් ඉගෙනගත් සත්‍යය, ඇය දැන් අනික් අයටත් කියා දෙනවා.

[9වන පිටුවේ කොටුව/පින්තූරය]

මේරී හැදී වැඩුණේ පැපුවා නිව් ගිනියාවට අයත් දූපතකයි. ඒ ප්‍රදේශයේ අය මිය ගිය අයට මහත් බියක් දක්වනවා. ගමේ කෙනෙක් මිය ගිය විට මේරී සිතුවේ තමන් තනිවම සිටියොත් ඒ පුද්ගලයා ඇවිත් තමන්ට කරදරයක් කරයි කියායි. ඒ නිසා ඇය නිදාගත්තේ කාගේ හරි ඇඳ යටයි. නමුත් අනික් අයට හානි කිරීමට මිය ගිය අයට බැරි බවත් අනාගතයේදී ඔවුන් පාරාදීස පොළොවක නැවත නැඟිටීමක් ලබන බවත් ඇය බයිබලය තුළින් ඉගෙනගත්තා. (ලූක් 23:43; යොහන් 11:11-14) දැන් ඇය එම බියෙන් නිදහස්.

[9වන පිටුවේ කොටුව/පින්තූරය]

ඇලීෂියා ජීවත් වන්නේ එක්සත් ජනපදයේයි. ඇය ක්‍රිස්තියානී පවුලක දරුවෙක්. ඇලීෂියා අද්භූත පොත් කියවීමට සහ චිත්‍රපටි බැලීමට පුරුදු වී සිටියා. නමුත් “යෙහෝවා දෙවිගේ මේසයට සහ භූතයන්ගේ මේසයට යන දෙකටම හවුල් වෙන්න” බැහැ කියලා පසුව ඇය තේරුම්ගත්තා. (1 කොරින්ති 10:21) ඒ නිසා ඇය යෙහෝවා දෙවි අකමැති ඒ පුරුදු සම්පූර්ණයෙන්ම අත්හැරියා.