Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරු සොයමු

හැමදාම ජීවත් වෙන්න පුළුවන්ද?

හැමදාම ජීවත් වෙන්න පුළුවන්ද?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට උපකාරවත් වන බයිබල් පදද මෙහි සඳහන් කර තිබෙනවා. මෙම ලිපියේ සඳහන් තොරතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. අපේ ජීවිතය මේ තරම් කෙටියි කියලා අපිට හිතෙන්නේ ඇයි?

සමහර කැස්බෑවන් අවුරුදු 150ක් ජීවත් වෙනවා. සමහර ගස් අවුරුදු 3,000ක් පවතිනවා. ඒත් ඒ දේවලට වඩා වටින අපේ ජීවිතය හරිම කෙටියි. සංගීතය, ක්‍රීඩා, කෑම, සංචාරය කිරීම, අධ්‍යාපනය, එකිනෙකාව ආශ්‍රය කිරීම වගේ දේවලින් ලොකු සතුටක් ලබන ගමන් හැමදාම ජීවත් වෙන්නත් අපි ආසයි. ඒ ආසාව ඇතුව තමයි යෙහෝවා දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ.—දේශනාකාරයා 3:11 කියවන්න.

2. අපිට හැමදාම ජීවත් වෙන්න පුළුවන්ද?

ජීවිතයේ උල්පත වන යෙහෝවා දෙවිට අවසානයක් නැහැ. අපිට හැමදාම ජීවත් වීමේ අවස්ථාව දෙන්න පුළුවන් දෙවිට විතරයි. (ගීතාවලිය 36:9; හබක්කුක් 1:12) දෙවිට කීකරු වෙන අයට ඒ අවස්ථාව දෙන්න දෙවිම පොරොන්දු වෙලා තියෙනවා. දුකට හේතු වෙන හැම දෙයක්ම එදාට දෙවි අයින් කරනවා.යෝබ් 33:24, 25; යෙසායා 25:8; 33:24 කියවන්න.

දෙවිට ඒ දේවල් කරන්න බලය තියෙනවා කියලා යේසුස් පොළොවේ ඉද්දී කරපු දේවලින් ඔප්පු වුණා. අසනීපවලින් දුක් වින්ද හුඟක් අයව සුව කළ යේසුස් මැරුණු අයටත් නැවත ජීවිතය දුන්නා.ලූක් 7:11-15, 18, 19, 22 කියවන්න.

3. අපිට හැමදාම ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ කවදාද?

අපි ප්‍රශ්න ගැටලු නිසා දුක් විඳිනවා වෙනුවට පාරාදීස පොළොවක හැමදාමත් සතුටින් ජීවත් වෙනවාටයි යෙහෝවා දෙවි කැමති. (ගීතාවලිය 37:9, 29; යෙසායා 65:21,22) ඒ නිසා දෙවි ළඟදීම මේ පොළොව පාරාදීසයක් කරනවා. මැරුණු අයටත් ඒ කාලෙදී ආයෙත් ජීවිතය ලැබෙනවා. ඒ කාලෙදී තමයි දෙවිට කීකරු වෙන අයට හැමදාමත් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ.—ලූක් 23:42, 43; යොහන් 5:28, 29 කියවන්න.

4. සදාකාල ජීවිතය ලබාගන්න අපි මොනවද කරන්න ඕනේ?

දෙවිව දැන හඳුනා ගැනීමට දරන වෙහෙස අපතේ යන්නේ නැහැ

අපි දෙවිව හොඳින් දැන හඳුනාගන්න ඕනේ. ඒ දේ කරන්න අපිට බයිබලය උදව් වෙනවා. අපේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත නෙවෙයි, දෙවි පවසන දේවල් මත කියලා බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 4:4) කෑම කන එක ලේසි දෙයක් වුණත් ඒවා හදන්න මහන්සි වෙන්න ඕනේ. ඒ වගේ තමයි දෙවි කියලා තියෙන දේවල් තේරුම් අරගෙන ඒවා ජීවිතයට අදාළ කරගන්නත් අපි මහන්සි වෙන්න ඕනේ. සදාකාල ජීවිතය තරම් වටිනා වෙන කිසිම දෙයක් නැති නිසා ඒ මහන්සිය කවදාවත් අපතේ යන්නේ නැහැ.—ලූක් 13:23, 24; යොහන් 6:27; 17:3 කියවන්න.