Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කවුද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ මොනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ මොනවාද?

‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන්’ කියලා සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. (2 තිමෝති 3:16) නිර්මාතෘ ගැන ඉගෙනගන්නත් අර්ථවත් ජීවිත ගත කරන්නත් අපි බයිබලයේ තියෙන හොඳ මඟ පෙන්වීම් යොදාගන්නවා.

බයිබලයේ මෙහෙම කියනවා. “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.” (ගීතාවලිය 83:18) අපි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි. ඔහුගේ සාක්ෂිකරුවන් හැටියට අපි වෑයම් කරන්නේ ඔහුගේ නම අනිත් අයට කියන්නයි.—යෙසායා 43:10-12.

යේසුස් “දෙවිගේ පුත්‍රයා” * කියලත් ඔහු පොළොවට ආපු අභිෂේක ලත් තැනැත්තා (මෙසියස්) කියලත් අපි විශ්වාස කරනවා. (යොහන් 1:34, 41; 4:25, 26) යේසුස් මිය ගියාම ස්වර්ගයේ ජීවත් වෙන්න ඔහුව නැවත නැඟිට්ටෙව්වා. (1 කොරින්ති 15:3, 4) දේවරාජ්‍යයේ රජු හැටියට පත් වුණේ ඔහුයි. (එළිදරව් 11:15) ඒ රාජ්‍යය සැබෑ ආණ්ඩුවක්. පොළොව පාරාදීසයක් කරන්නේ ඒකෙන්. (දානියෙල් 2:44) “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය” කියලා බයිබලයේ කියනවා.—ගීතාවලිය 37:11, 29.

“ඒ අය බයිබලය කියවද්දී විශ්වාස කරන්නේ ඒ මාර්ගයෙන් දෙවියන් තමන්ට කතා කරනවා කියලයි. ඒගොල්ලන් ප්‍රශ්නෙකට මුහුණ දෙද්දී විසඳුම් හොයන්නේ බයිබලයෙන්. . . . ඒ අයට දේවවචනය තාමත් ජීවමානයි.”—කතෝලික පූජකයෙක් වන බෙන්ජමින් චෙරායාත්. සඳහන් වුණේ ජර්මනියේ පුවත්පතක. (Münsterländische Volkszeitung)

බයිබල් ප්‍රතිපත්ති අදටත් ප්‍රයෝජනවත් කියලා විශ්වාස කරන අපි උත්සාහ කරන්නේ ඒ ප්‍රතිපත්ති පිළිපදින්නයි. (යෙසායා 48:17, 18) උදාහරණයකට මනස හා ශරීරය අපවිත්‍ර කරන පුරුදුවලින් වළකින්න කියලා බයිබලයේ කියන නිසා අපි දුම්පානය කරන්නෙවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙවත් නැහැ. (2 කොරින්ති 7:1) බේබදුකම, ලිංගික දුරාචාරය, හොරකම් කිරීම වගේ බයිබලයේ හෙළාදැකලා තියෙන දේවලිනුත් අපි වළකිනවා.—1 කොරින්ති 6:9-11.

^ 5 ඡේ. යේසුස්ව “දෙවිගේ එකම පුත්‍රයා” කියලා බයිබලයේ හඳුන්වන්නේ යෙහෝවා දෙවියන් මුලින්ම, තනිවම ඔහුව නිර්මාණය කළ නිසයි.—යොහන් 3:18; කොලොස්සි 1:13-15.