Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවා ඔයාව දකින විදිහටම ඔයත් දකින්න

යෙහෝවා ඔයාව දකින විදිහටම ඔයත් දකින්න

යෙහෝවා දෙවියන් අපි ගැන ගොඩක් සතුටු වෙනවා. (ගීතා 149:4) අපි පව්කාරයන් වුණත් ඔහු අපේ හොඳ ගුණාංග දකිනවා. ඒ විතරක් නෙමෙයි අනාගතේදී ඔහු වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවාද කියලත් ඔහු දන්නවා. ඒත් සමහර වෙලාවට අනිත් අය අපිට සලකන විදිහ නිසා අපිට අපි ගැනම තියෙන විශ්වාසය අඩු වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් කරපු වරදක් නිසා ‘යෙහෝවා මට දැන් ආදරේ නැතුව ඇති’ කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතෙනවා නම් මොනවාද කරන්න පුළුවන්?

යෙහෝවා අපි දිහා බලන්නේ මිනිස්සු බලන විදිහට නෙමෙයි. (1සාමු 16:7) ඒකෙන් තේරෙන්නේ අපි අපි ගැන දන්නවාට වඩා ඔහු අපි ගැන දන්නවා කියන එකයි. කොහොමද ඒක දන්නේ? ඒක තේරුම්ගන්න බයිබලේ තියෙන සමහර වාර්තා උදව් වෙනවා. ඒවා හොඳට අධ්‍යයනය කරනකොට යෙහෝවා ඔහුට නමස්කාර කරන අයට කොච්චර ආදරෙයිද කියලා තේරුම්ගන්න පුළුවන්.

‘යෙහෝවා දෙවි ඉදිරියේ ඔබේ සිත ස්ථිර කරගන්න’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • මැරතන් එක දුවපු පුතා සහ එයාගේ තාත්තාගේ උදාහරණේ විදිහට යෙහෝවා අපි දිහා බලන්නේ කොහොමද?

  • බරපතළ වරදක් කරපු කෙනෙක් එයාගේ වරද හදාගන්න ඕනෙ කරන දේවල් කෙරුවාට පස්සේ යෙහෝවාගේ ආදරේ ගැන සැක නොකර ඉන්න පුළුවන් කොහොමද?—1යොහ 3:19, 20

  • දාවිත් සහ යෙහෝෂපාට් ගැන වාර්තා කියවලා ඒ ගැන හොඳට හිතපු එක ඒ සහෝදරයාට උදව් වුණේ කොහොමද?