Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“පියා නැති දරුවන්ගේ පියා” යෙහෝවා!

“පියා නැති දරුවන්ගේ පියා” යෙහෝවා!

හැම අවුරුද්දකම හුඟක් තරුණ තරුණියන් යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ වෙන්න තීරණය කරනවා. (ගීතා 110:3) දුවේ පුතේ, යෙහෝවා ඔයා ගැන ගොඩක් හිතනවා. ඔයාට එන අභියෝග ඔහු හොඳට දන්නවා. ඒ නිසා ඔයාට උදව් කරන්න ඔහු පොරොන්දු වෙනවා. ඔයා හැදුණේ අම්මා හරි තාත්තා හරි නැතුව නම් ඔයාගේ තාත්තා යෙහෝවා කියලා අමතක කරන්න එපා. මොකද ඔහු තමයි “පියා නැති දරුවන්ගේ පියා.” (ගීතා 68:5) ඔයාගේ ගෙදර පසුබිම මොකක් වුණත් යෙහෝවා දෙන පුහුණුවෙන් ඔයා ප්‍රයෝජන ගන්නවා නම් ජීවිතේ සාර්ථක කරගන්න ඔයාට පුළුවන්.—1පේතෘ 5:10.

‘විශ්වාසය නිසා ලොකු සටනක් කරන අය - අම්මා හරි තාත්තා හරි නැතුව හැදුණු වැඩුණු අය’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ටැමීගෙන්, චාල්ස්ගෙන් සහ ජිමීගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

  • අම්මා හරි තාත්තා හරි නැතුව හැදුණු වැඩුණු අයට ගීතාවලිය 27:10 දීලා තියෙන පොරොන්දුව මොකක්ද?