Skip to content

හැම දුක් වේදනාවකටම වග කියන්න ඕනේ යක්ෂයාද?

හැම දුක් වේදනාවකටම වග කියන්න ඕනේ යක්ෂයාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 යක්ෂයා සැබෑ පුද්ගලයෙක්. ඔහු හරියට පාතාල ලෝකයේ ඉන්න දරුණු අපරාධකාරයෙක් වගෙයි. ‘ආලෝකය ලබා දෙන දූතයෙකු වගේ පෙනී සිටින’ යක්ෂයා “මිනිසුන්ව නොමඟ යැවීමට මුළා කරවනසුලු ආශ්චර්යයන්” යොදාගන්නවා. (2 කොරින්ති 11:14; 2 තෙසලෝනික 2:9, 10) යක්ෂයා මිනිස්සුන්ට කරලා තියෙන හානිය සහ දීලා තියෙන දුක් වේදනා දිහා බලද්දී ඔහු ඇත්තටම ඉන්න බව අපිට පැහැදිලියි.

 ඒත් හැම දුක් වේදනාවකටම යක්ෂයා වග කියන්න ඕනේ කියලා බයිබලයේ කියන්නේ නැහැ. මොකද හරි දේ හෝ වැරදි දේ තෝරගන්න දෙවි අපිට නිදහස දීලා තියෙනවා. (යොෂුවා 24:15) අපි අනුවණ තීරණයක් ගත්තොත් ඒකේ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම විඳින්න අපිට සිද්ධ වෙනවා.—ගලාති 6:7, 8.