Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

ලොව වටා

කුසගින්නට විසඳුම ආහාර නිෂ්පාදනය වැඩි කිරීම කියලා කිව්වත් විසඳුම ඒක නෙමෙයි. මොකද දැනටමත් බිලියන 12කට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කෙරෙනවා කියලා ගණන් බලලා තියෙනවා. ඒ කියන්නේ දැන් ජනගහනයට වඩා බිලියන පහකට කන්න දෙන්න පුළුවන්කම තියෙනවා කියන එකයි. කුසගින්නට ඇත්තම හේතුව ආර්ථික වාසි ලැබීමට තියෙන ගිජුකම, බෙදාහැරීමේ දුර්වලතා සහ නාස්තියයි.

බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය

මූල්‍ය සමාගම්වල වැඩ කරන අයගෙන් සියයට 24ක්ම කිව්වේ සාර්ථක වෙන්න නම් “නීති විරෝධී හෝ වංචනික වැඩ කරන්න වෙනවා” කියලයි. සියයට 16ක් කිව්වේ “නීතියේ රැහැනට අහුවෙන්නේ නැත්තං” අපරාධයක් වුණත් කරන්න පසුබට වෙන්නෑ කියලා.

ආර්ජන්ටිනාව

ගුරුවරුන් පස්දෙනෙකුගෙන් තුන්දෙනෙක්ම පාසැලේ සිදු වෙන හිංසාකාරී ක්‍රියා සහ පීඩනය නිසා දවසේ වැඩ ඉවර වෙන්නත් කලින් නිවාඩු ඉල්ලගෙන පිට වෙලා යනවා.

දකුණු කොරියාව

වැඩි කල් නොගොස් තනියෙන් ජීවත් වීම දකුණු කොරියාවේ අලුත්ම රැල්ල බවට පත් වෙයි.

චීනය

චීන රජය 2016 සිට වායු දූෂණය වැළැක්වීමට යම් නීති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වුණත් ඒ නීති රකින්න ඒ රටේ නගරවලින් තුනෙන් දෙකකට පුළුවන් වෙයි කියලා හිතන්න බෑ. ඊට අමතරව එහි භූගත ජලයේ පිරිසිදුකමත් “එන්න එන්නම නරක අතට හැරෙනවා.”