Skip to content

පටුනට යන්න

සෝදිසියෙන් ඉන්න!

වැඩි වෙන උණුසුමෙන් ගිනියම් වූ ලෝකය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

වැඩි වෙන උණුසුමෙන් ගිනියම් වූ ලෝකය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 2022 ජූලි මාසේදී ලෝකේ පුරා උෂ්ණත්වය වාර්තාගත වෙන විදිහට ඉහළ ගියා.

  •   “චීනයේ උෂ්ණත්වය මේ මාසේ දෙවෙනි වතාවටත් අසාමාන්‍ය විදිහට වැඩි වුණා. ඒක නගර 70කට විතර දරුණු විදිහට බලපාලා තියෙනවා.”—2022 ජූලි 25, CNN Wire Service.

  •   “අසාමාන්‍ය විදිහට උණුසුම ඉහළ යාම නිසා යුරෝපය පුරාම ලැව් ගිනි පැතිරෙයි.”—2022 ජූලි 17, The Guardian.

  •   “එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළබඩ තීරයේ වගේම දකුණු සහ බස්නාහිර පළාත්වල ගිය ඉරිදා, වෙන කවදාවත් සිද්ධ වෙලා නැති විදිහට උෂ්ණත්වය ඉහළ ගියා.”—2022 ජූලි 24, The New York Times.

 ඒ දේවල්වලින් පැහැදිලි වෙන්නේ මොකක්ද? ඉස්සරහට මේ පොළොව ජීවත් වෙන්න බැරි තැනක් වෙයිද? ඒ ගැන බයිබලේ කියන්නේ මොනවාද කියලා අපි බලමු.

උණුසුම වැඩි වෙන එක ගැන බයිබලේ කියලා තියෙනවාද?

 ඔව්. උෂ්ණත්වය අසාමාන්‍ය විදිහට ඉහළ යන එකෙන් බයිබලේ තියෙන අනාවැකි ඉටු වෙනවා. උදාහරණෙකට යේසුස් එක අවස්ථාවකදී කිව්වා අවසාන කාලේදී අපි “බිහිසුණු,” “භයංකර” දේවල් දකිනවා කියලා. (ලූක් 21:11, ‘පැරණි අනුවාදය’) දවසින් දවස ඉහළ යන මේ උෂ්ණත්වය නිසා මේ පොළොව කිසිම කෙනෙක්ට ජීවත් වෙන්න බැරි තැනක් වෙයිද කියලා මිනිස්සු බයෙන් ඉන්නවා.

මේ පොළොව මිනිස් වාසයක් නැති තැනක් වෙයිද?

 නැහැ. දෙවියන් පොළොව හැදුවේ මිනිස්සුන්ට හැමදාටම ජීවත් වෙන්න. ඒක කවදාවත් විනාශ වෙන්නේ නැහැ. (ගීතාවලිය 115:16; දේශනාකාරයා 1:4) ඒ වෙනුවට දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා ළඟදීම “පොළොව විනාශ කර දමන අයව විනාශ කරනවා” කියලා.—එළිදරව් 11:18.

 දෙවියන් දීලා තියෙන තවත් පොරොන්දු දෙකක් බලන්න.

  •   “වැලි කතරද වියළි දේශයද සතුටෙන් පිනා යන්නේය. පාළුකරය කෙතේ මලක් මෙන් පිබිදී ප්‍රීතියෙන් ඉපිල යන්නේය.” (යෙසායා 35:1) දෙවියන් කවදාවත් මේ පොළොව මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි කාන්තාරයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔහු ළඟදීම පොළොවට වෙලා තියෙන හැම හානියක්ම හරිගස්සනවා.

  •   ‘පොළොවේ පලදාව බොහෝ සෙයින් වැඩි වීම සඳහා දෙවියන් එයට ආශීර්වාද කර ඇත. ඔහු එය සාරවත් කර ඇත.’ (ගීතාවලිය 65:9) දෙවියන්ගේ ආශීර්වාදයෙන් ළඟදීම මේ පොළොව පාරාදීසයක් වෙනවා.

 දේශගුණික වෙනස්වීම් නිසා බයිබල් අනාවැකි ඉටු වෙන විදිහ දැනගන්න “දේශගුණය තවත් නරක අතට හැරෙයිද?” කියන ලිපිය බලන්න.

 පරිසරයට වෙලා තියෙන හානිය දෙවියන් හරිගස්සන විදිහ දැනගන්න “මේ පොළොව බේරගන්න පුළුවන් කාටද?” කියන ලිපිය බලන්න.