Skip to content

පටුනට යන්න

ශක්තිමත් නමුත් සැහැල්ලුයි

ශක්තිමත් නමුත් සැහැල්ලුයි

නිර්මාණයක්ද?

ශක්තිමත් නමුත් සැහැල්ලුයි

▪ කුරුල්ලෙක් වුණත් පියාඹන්න දක්ෂයෙක් නොවන තැනින් තැනට පැන පැන යන ටව්කාවා ගැනයි අපි මේ කතා කරන්නේ. මුන්ව වැඩි පුරම දැකගත හැකි වන්නේ මධ්‍යම හා දකුණු ඇමරිකාවෙයි. මෙම කුරුලු පවුලට අයත් සමහර කුරුලු විශේෂ නිකුත් කරන හඬ ගෙම්බෙකුගේ හඬට සමාන වුණත් ශබ්දය ඊට වඩා තියුණුයි. එය කිලෝමීටරයක් තරම් ඈතකට ඇසෙනවා. නමුත් විද්‍යාඥයන් විශේෂ උනන්දුවක් දක්වන්නේ ටව්කාවාගේ හොට නිර්මාණය වී ඇති ආකාරය ගැනයි.

මේ ගැන සිතා බලන්න: සමහර ටව්කාවාන්ගේ හොටේ දිග උන්ගේ ශරීරයේ ප්‍රමාණයෙන් තුනෙන් එකකට වඩා වැඩියි. මෙම හොට පෙනුමෙන් බර වගේ පෙනුණද එය එසේ නෙවෙයි. මාක් ආන්ඩ්‍රේ මයර්ස් නම් විද්‍යාඥයා ටව්කාවාගේ හොට ගැන මෙසේ විස්තර කරනවා. ඌගේ හොටේ පිට පැත්ත සෑදී තිබෙන්නේ සාමාන්‍යයෙන් කුරුල්ලන්ගේ නිය හා කෙස් සෑදෙන කෙරටින්වලිනුයි. එය ෂඩස්‍ර හැඩයෙන් යුත් තුනී කෙරටින් ස්ථර කිහිපයකින් සමන්විතයි.

ටව්කාවාගේ හොට ගන ස්පොන්ජියකට සමාන කළ හැකියි. එහි හිස් කුහර දැකගත හැකි අතර සමහර කොටස් සැහැල්ලු අස්ථිවලින් හා පටලවලින් සෑදී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉතා ශක්තිමත් මෙන්ම සැහැල්ලු හොටක් ඌට ලැබී තිබෙනවා.

ටව්කාවාගේ ශක්තිමත් සහ සැහැල්ලු හොට සෑදී තිබෙන ආකාරය නිසා උගේ හොටට යමක් තදින් වැඳුණත් ඌට එය දරාගන්න පුළුවන්. එහි සැකැස්ම අධ්‍යයනය කිරීමෙන් ගුවන්යානා සහ මෝටර් රථ නිපදවන කර්මාන්තවලට එය භාවිත කළ හැකි බව ඉංජිනේරුවන් විශ්වාස කරනවා. එම හොටේ සැකැස්ම ප්‍රයෝජනයට ගන්නවා නම් මොටර් රථ අනතුරුවලදී ආරාක්ෂාව ලබාගත හැකි බව කලින් අදහස් දැක්වූ විද්‍යාඥයා පවසනවා.

මේ ගැන කල්පනා කර බලන්න: ටව්කාවාගේ ඒ ශක්තිමත් සහ සැහැල්ලු හොට ඌට ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් එය නිර්මාණයක්ද?

[17වන පිටුවේ රූප සටහන⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

කුහර සහිත කොටස

ස්පොන්ජියක් ලෙස පිහිටා තිබෙන ආකාරය