Skip to content

පටුනට යන්න

“මම ඔයාගෙන් දික්කසාද වෙනවා!”

“මම ඔයාගෙන් දික්කසාද වෙනවා!”

ගරාවැටුණු මේ නිවසින් කියා පාන්නේ එය නිසි සේ නඩත්තු කර නැති බවයි. අවුරුදු ගණනාවක් තිස්සේ එය බොහෝ වැසි කුණාටුවලට අසු වෙලා. හොඳටම අබලන් වූ මේ නිවස, කොයි වෙලාවේ කඩා වැටෙයිද කියන්න බැහැ.

අද දින බොහෝ විවාහයන් පත් වී තිබෙන තත්වය එම නිවසින් මනාව විස්තර කෙරෙනවා. ඔබගේ විවාහයත් එම තත්වයට පත් වෙමින් තිබෙනවා කියා ඔබට කෙදිනක හෝ හැඟී ගොස් තිබෙනවාද? ප්‍රශ්න ගැටලු අද්දකින්නේ නැති එක යුවළක්වත් මේ ලෝකයේ නැති බව මතක තබාගන්න. සෑම විවාහක යුවළකටම “දුෂ්කරතාවලට” මුහුණ දෙන්න සිදු වන බව ශුද්ධ බයිබලයේද සඳහන් වෙනවා.—1 කොරින්ති 7:28.

එහි ඇති සත්‍යතාවය තහවුරු කරමින් සමීක්ෂණ කණ්ඩායමක් විවාහය ගැන වාර්තා කළ දේ බලන්න. “අප සමාජයේ බහුතරයක් දිගින් දිගටම භාරගන්නා ඉතාමත් බාරදූර කාර්යය එයයි. උතුරා යන ප්‍රීතියෙන් සහ පොරොන්දු රාශියක් සමඟින් ආරම්භ කරන එම ගමන, ජීවිතාන්තය දක්වා විඳවන ඉතාමත් වේදනාකාරී අද්දැකීමක් බවට පත් විය හැකියි.”

ඔබේ විවාහ ජීවිතය ගැන කුමක් කිව හැකිද? පහත සඳහන් තත්වයන්ගෙන් එකක් හෝ කිහිපයක් ඔබේ විවාහය තුළත් දකින්න තිබෙනවාද?

  • නිතර නිතර විවාද ඇති වීම

  • සිත් පසාරු කරගෙන යන වචන පැවසීම

  • එකිනෙකාට අවිශ්වාසවන්ත වීම

  • කෝප වීම

එවැනි තත්වයක් නිසා ඔබේ විවාහය බිඳ වැටීමට ආසන්න නම් ඒ ගැන ඔබට කුමක් කළ හැකිද? ඊට එකම විසඳුම දික්කසාදයද?