Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | යෞවනයන්ට

කවුරු හරි වරදක් පෙන්නලා දෙද්දී

කවුරු හරි වරදක් පෙන්නලා දෙද්දී

ප්‍රශ්නය

“වරදක් පෙන්නලා දෙද්දී ‘අනේ මං හරි ආසයි මගේ වරදක් පෙන්නලා දෙනවා නං’ කියලා කවුරුත් කියනවා මං අහලා නෑ.”—17 හැවිරිදි ඒමී. *

වරදක් පෙන්නලා දෙද්දී පිළිගන්නේ නැති කෙනෙක් හරියට පාලක මැදිරියෙන් දෙන මඟ පෙන්වීම් ගණන් ගන්නේ නැති ගුවන් නියමුවෙක් වගේ. ඒක ලොකු විනාශයකට හේතු වෙන්න පුළුවන්.

දෙමව්පියන්, ගුරුවරුන් හෝ වෙනත් වැඩිහිටි කෙනෙක් ඔයාගේ වරදක් පෙන්නලා දෙද්දී ඒක පිළිගන්න අමාරුද? එහෙම නම් මේ ලිපියේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි.

ඔබ දැනගත යුතු දේ

හැමෝටම නිවැරදි කිරීම් අවශ්‍යයි.

“අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි.”යාකොබ් 3:2.

“කවුරු හරි කෙනෙක් ඔයාගේ වරදක් පෙන්නලා දෙන එක ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි.”—ජෙසිකා.

ඔයාගේ වරදක් පෙන්නුවා කියන්නේ ඔයා නරක කෙනෙක් කියන එක නෙමෙයි.

“පියෙකු තම ආදරණීය පුතුට අවවාද කරන්නාක් මෙන් යෙහෝවා * දෙවි තමා ප්‍රේම කරන තැනැත්තාට අවවාද කරයි.”හිතෝපදේශ 3:12.

“කවුරු හරි කෙනෙක් මගේ වැරදි පෙන්නලා දෙද්දී, ඒ දේ කරන එක ඒ කෙනාටත් ලේසි නෑ කියන එක මං තේරුම්ගන්නවා. එයා මට ආදරේ නිසයි මගේ වරදක් පෙන්නලා දෙන්නේ.”—තමාරා.

වැරදි පෙන්නලා දෙන එක, වැරදි හදාගන්න උදව්වක්.

“හික්මවීම පිළිගෙන ප්‍රඥාවන්ත වන්න.”හිතෝපදේශ 8:33.

“කවුරු හරි කෙනෙක් අපේ වරදක් පෙන්නලා දෙද්දී ඒකෙන් අනිත් අය මං ගැන හිතන විදිහ දැනගන්න පුළුවන්. ඒ නිසා නරක ගතිගුණ හදාගන්න ඒක උදව්වක්.”—ඩිඈන්.

මොනවද කරන්න පුළුවන්?

වැරදි විදිහට හිතන්න එපා. කවුරු හරි වරදක් පෙන්නලා දෙද්දී කේන්ති යන්න ඉඩ තියෙනවා. ඒත් කේන්තිය පාලනය කරගන්න මේ විදියට හිතන්න. ඔයා, නංගිගේ හරි මල්ලිගේ හරි වරදක් පෙන්නලා දෙනවා කියලා හිතන්න. එහෙම කරන එක එයාලට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා ඔයා දන්නවා නේද? දැන් ඔයාට ලැබුණ නිවැරදි කිරීම ගැනත් ඒ විදිහට හිතන්න.දේශනාකාරයා 7:9 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

“සමහර වෙලාවට වරදක් පෙන්නලා දෙද්දී කොච්චර කේන්ති යනවද කිව්වොත් ඒ දේ කෙරුවේ මගේම හොඳට මිසක් මාත් එක්ක තියෙන තරහකට නෙමෙයි කියන එකත් අමතක වෙනවා.”—තෙරේසා.

නිහතමානී වෙන්න. උඩඟු වුණොත් වරදක් පිළිගන්න එක ලේසි නැහැ. අනිත් අතට වරදක් පෙන්නලා දුන්නාම ඒ ගැන කලකිරෙන්නත් එපා. නිහතමානී නම් ඒ අන්ත දෙකටම නොයා සමබරව වැඩ කරන්න ඔයාට පුළුවන්. වරදක් පෙන්නලා දෙද්දී අපේ හිත රිදෙන්නේ අපි ඇත්තටම ඒ වරද කරන නිසයි. ඒක ප්‍රතික්ෂේප කළොත් ඔයාගේ වරද හදාගන්න තියෙන අවස්ථාවක් මඟ හැරෙනවා.හිතෝපදේශ 16:18 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

වරදක් පෙන්නලා දෙද්දී අපේ හිත රිදෙන්නේ අපි ඇත්තටම ඒ වරද කරන නිසයි

“දැනුම් තේරුම් ඇතුව වැඩ කරන කෙනෙක් නම් වරදක් පෙන්නුවාම ඒක පිළිගන්නවා. එහෙම කළේ නැත්නම් පාඩුවක් වෙන්නේ අපිටමයි.”—ලීනා.

ස්තුති කරන්න. වරදක් පෙන්නලා දෙද්දී ඒක පිළිගන්න අමාරු වුණත් ඒ කෙනාට ස්තුති කරන්න. ඇත්තටම එයා ඒ දේ කරන්නේ ඔයා ගැන සැලකිලිමත් නිසයි. ඒ වගේම ඔයා සාර්ථක ජීවිතයක් ගත කරනවා දකින්නත් ආස නිසයි.ගීතාවලිය 141:5 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

“ඔයාගේ වරදක් තිබුණත් නැතත් එයා, ඔයාගේ ළඟට ඇවිල්ලා කතා කරපු එක ගැන ස්තුති කරන්න.”—කාර්ලා.

^ 4 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 11 ඡේ. සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.