Skip to content

ගතිගුණ සහ පුරුදු

වගකීමෙන් වැඩ කරන වැඩිහිටියෙක් වෙන්න ඔයා දැන් ඉඳන්ම ඇති කරගන්න ඕනෙ ගතිගුණ සහ පුරුදු ගැන දැනගන්න.

හැඟීම් පාලනය කරගැනීම

මගේ මූඩ් හිටි හැටියේ වෙනස් වෙනවා නම් . . .

යොවුන් වයසේ ඉන්න ළමයින්ගේ මූඩ් නිතර වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා බය වෙන්න එපා. ඔයාට ඔයාගේ හැඟීම් තේරුම් අරන්, ඒවා පාලනය කරන විදිහ ඉගෙගන්න පුළුවන්.

මූඩ් එක හදාගන්න කැමතිද?

අප්සෙට් මූඩ් එකකින් ඉන්න වෙලාවට ඒක හදාගන්න උදව් වෙන මේ වැඩ පිටුවෙන් ප්‍රයෝජන ගන්න.

දුක සතුටට පෙරළගමු

දුක්බර හැඟීම් හිතින් අයින් කරගන්න බැරි නම් මොකද කරන්නේ?

අශුභවාදීව හිතන එකෙන් වළකින්නේ කොහොමද?

මේ යෝජනා අදාළ කරගත්තොත් අශුභවාදී සිතුවිලි අයින් කරගන්න ඔයාට පුළුවන් වෙයි.

කේන්තිය පාලනය කරගන්න මට පුළුවන් කොහොමද?

ඔයාට කේන්ති ගිහින් ඉන්න වෙලාවට කේන්තිය නැති කරගන්න උදව් වෙන බයිබල් පද 5ක් බලන්න.

කේන්තිය පාලනය කරගන්නේ කොහොමද?

කේන්තිය පාලනය කරගන්න බයිබලයේ තියෙන ප්‍රතිපත්ති 5ක් මත පදනම් යෝජනා.

කනස්සල්ලක් ඇති වෙද්දී කරන්න පුළුවන් මොනවාද?

හිතින් කරදර වෙන එකෙන් අයහපතක් නොවී යහපතක් වෙන්න නම් කරන්න පුළුවන් දේවල් 6ක් බලන්න.

ආදරේ කරන කෙනෙක් මැරුණොත් . . .

ඒ දැනෙන දුක තුනී වෙන්න කාලයක් යනවා. දුක දරාගන්න මේ ලිපියේ තියෙන යෝජනාවලින් ඔයාට වැඩියෙන්ම උදව් වෙන්නේ මොනවාද කියලා බලන්න.

දුක්මුසු සිද්ධියක් දරාගන්නේ කොහොමද?

දරාගන්න පුළුවන් වුණ විදිහ ගැන යෞවනයන් කියනවා.

වැරදි පෙලඹීම්වලට අහු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද?

වැරදි ආශාවන් ජය ගැනීමට වැදගත් පියවර තුනක් සලකා බලන්න.

වරදක් කරන්න පෙලඹීමක් ඇති වෙද්දී . . .

ඕනම කෙනෙක්ට පව්කාර ආශාවලින් වැලකී ඉන්න හැකියාවක් තියෙනවා. ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න උදව් වෙන කරුණු 6ක් ගැන දැනගන්න.

කාලය සහ සල්ලි

කාලය හොඳින් පාවිච්චි කරන්නේ කොහොමද?

රන් හා සමාන කාලය හොඳින් පාවිච්චි කරන්න මේ යෝජනා 5 ඔයාට උදව් වෙයි.

හෙම්බත් වෙන තරමටම වැඩද?

තියෙන වැඩ කන්දරාව නිසා ඔයාට ලොකු පීඩනයක් දැනෙනවාද? එහෙම නම් ඔයාට කරන්න පුළුවන් මොනවාද?

වැඩ කල් දාන පුරුද්ද අත්හරින්නේ කොහොමද?

වැඩ කල් දාන පුරුද්ද අත්හරින්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

වැඩ කල් දාන පුරුද්ද ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

වැඩ කල් දාන එකේ අනතුරු ගැනත් වැඩක් වෙලාවට කරන එකේ තියෙන ප්‍රයෝජන ගැනත් යෞවනයන්ගේ අදහස් දැනගන්න.

සල්ලි ගැන යෞවනයන්ගේ අදහස්

සල්ලි ඉතුරු කරන, වියදම් කරන හා සල්ලි ජීවිතේ වැදගත්ම දේ කර නොගන්න විදිහ ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ දැනගන්න.

වියදම් පාලනය කරගන්නේ කොහොමද?

ඔයා නිකමට වගේ සාප්පුවකට ගිහින් ගන්න හිතුවේවත් නැති දෙයක් අරන් එළියට ඇවිත් තියෙනවාද? එහෙනම් මේ ලිපිය ඔයාටයි.

වියදම් පාලනය කරගන්න

අවශ්‍ය දේවලුයි ආස දේවලුයි අතරේ තියෙන වෙනස හඳුනගන්නත් ඒවා ඔයාගේ බජට් එකට දාගන්නත් මේ වැඩ පිටුව පාවිච්චි කරන්න.

නාස්තිය අඩු කරන ඉතුරුව වැඩි කරන සූත්තරේ

හොඳම පිරිමැස්ම අරපිරිමැස්ම කියලා කියනවානේ. සල්ලි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන එක අදටත් හොඳයි, හෙටටත් හොඳයි.

දියුණු වෙන්න

මගේ අතින් වැරැද්දක් වුණොත් මොකද කරන්නේ?

හැමෝගෙම අතින් වැරදි වෙනවා. ඒත් ගොඩක් අය ඒකෙන් පාඩමක් ඉගෙනගන්නේ නැහැ.

වැරැද්දක් වුණොත් කරන්න පුළුවන් දේවල්

ඔයාගේ අතින් වැරැද්දක් වුණොත් මොකක්ද කරන්න පුළුවන් කියලා දැනගන්න මේ වැඩ පිටුව ඔයාට උදව් වෙයි.

උපදෙසක් ලැබුණාම ඒක මං පිළිගන්න ඕනෙ කොහොමද?

පුංචි උපදෙසක් ලැබුණාමත් සමහර යෞවනයන් ඉක්මනින්ම හිත රිද්දගන්නවා. හරියට පොඩි ළමයි වගේ. ඔයාත් ඒ වගේද?

කවුරු හරි වරදක් පෙන්නලා දෙද්දී

වරදක් පෙන්නලා දෙද්දී හිත රිදුණත් ඒක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

අවංක වෙන්න ඕන ඇයි?

වංක වුණොත් වාසි ලැබෙන්නේ නැද්ද?

ඔයා ඇත්තටම අවංක කෙනෙක්ද?

කොටස් 3කින් තියෙන මේ වැඩ පිටුව පුරවලා ඔයා ගැනම සෝදිසියක් කරගන්න.

වෙනස්කම් වෙද්දී ඒවාට මුහුණ දෙන්නේ කොහොමද?

වෙනස්කම් වෙන එක නවත්වන්න බැහැ. ඒවාට සාර්ථකව මුහුණ දෙන්න සමහර අය කරලා තියෙන දේවල් බලන්න.

මම වගකීමෙන් වැඩ කරන කෙනෙක්ද?

යොවුන් වියේ ඉන්න සමහර දරුවන්ට අනිත් දරුවන්ට වඩා නිදහසක් ලැබිලා තියෙනවා. ඒ ඇයි?

මට දරාගැනීමේ ශක්තිය තියෙනවාද?

අපි කාටත් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්නම වෙනවා. ඒ නිසා අපි මුහුණ දෙන ප්‍රශ්න ලොකු ඒවා වුණත් පුංචි ඒවා වුණත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න නම් දරාගැනීමේ ශක්තිය තියෙන්නම ඕනේ.

අවධානය දෙන්න මං පුරුදු වෙන්නේ කොහොමද?

තාක්ෂණික උපකරණ නිසා එක දේකට අවධානය දෙන්න අමාරු වෙන්න පුළුවන් අවස්ථා තුනක් සහ ඒ වගේ අවස්ථාවලදී හොඳින් අවධානය දෙන්න කරන්න පුළුවන් දේවල් ගැන දැනගන්න.

අලුත් භාෂාවක් ඉගෙනගන්න ඕනෙ ඇයි?

අලුත් භාෂාවක් ඉගෙනගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒත් එහෙම කරන එකෙන් මොන වගේ ප්‍රයෝජන ලබාගන්න පුළුවන්ද?

අලුත් භාෂාවක් ඉගෙනගන්න උදව් වෙන යෝජනා

අලුත් භාෂාවක් ඉගෙනගද්දී ඉවසීම, කැප කිරීම සහ වෑයම අවශ්‍යයි. අලුත් භාෂාවක් හොඳින් ඉගෙනගන්න මේ වැඩ පිටුවේ යෝජනා ඔයාට උදව් වෙයි

මට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයිද?

ඒ වගේ වැදගත් තීරණයක් ගන්න කලින් හිතන්න පුළුවන් මොන ප්‍රශ්න ගැනද?

ආයෙත් ගෙදර එන්න වුණොත් . . .

සමහර යෞවනයන් ගෙදරින් ගිහින් තනියම ජීවත් වෙන්න හැදුවත් එයාලට ආපහු ගෙදර එන්න වෙලා තියෙනවා. ඒ වගේ අයට මේ ලිපිය ගොඩක් ප්‍රයෝජනවත්.

අනිත් අය එක්ක ඉද්දී

ඔයා හුඟක් ලැජ්ජයි නම් කරන්න පුළුවන් මොනවාද?

යාළුවන් ඇති කරගන්න තියෙන අවස්ථා, හොඳ අද්දැකීම් ලබන්න තියෙන අවස්ථා මඟහැරගන්න එපා.

අනිත් අය මට කැමති නැත්නම් මොකද කරන්නේ?

වැඩියෙන්ම වටින්නේ හොඳ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්නේ නැති අයව සතුටු කරන එකද නැත්නම් ඔයා හරියි කියලා විශ්වාස කරන දේට එකඟව ජීවත් වෙන එකද?

හොඳ පුරුදු අත්‍යවශ්‍යද?

හොඳ පුරුදු අද කාලෙටත් ඕනෙද? නැත්නම් ඒවා යල් පැන ගිය ඒවාද?

මම හැම තිස්සේම කට වරද්දගන්නේ ඇයි?

හිතලා බලලා කතා කරන්න ඔයාට උදව් වෙන උපදෙස්

මම සමාව ඉල්ලන්න ඕනෙමද?

සම්පූර්ණ වරදම ඔයාගේ නෙමෙයි කියලා ඔයාට හිතුණත් “මට සමාවෙන්න” කියලා කියන්න තියෙන හොඳ හේතු තුනක් දැනගන්න.

අනිත් අයට උදව් කරන එක වටින්නේ ඇයි?

අනිත් අය වෙනුවෙන් දේවල් කරද්දී ඒකෙන් ප්‍රයෝජන දෙකක් ලැබෙනවා. ඒ මොනවාද?

අනිත් අයට අතහිත දෙමු

ඔයා හොඳටම දන්න කෙනෙක්ට ඔයාගේ උදව් ඕන ඇති. මේ වැඩ පිටුවේ උදව් කරන්න පුළුවන් විදිහ පියවර තුනකින් පෙන්වනවා.

අනිත් අය මං ගැන ඕපදූප කියනවා නම් මොකද කරන්නේ?

අනිත් අය ඔයා ගැන ඕපදූප පතුරවනවා නම් ඔයාට මොනවාද කරන්න පුළුවන්?

යාළුවා කරපු දෙයක් නිසා මගේ හිත රිදුණොත් . . .

ඕනෙම දෙන්නෙක් අතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒත් ඔයාගේ හොඳම යාළුවා ඔයාගේ හිත රිද්දුවොත් දැනෙන දුක වැඩියි. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ?

අනිත් ළමයි මට අරියාදු කරනවා නම් මොකද කරන්නේ?

අරියාදුවලට ලක් වෙන හුඟදෙනෙක් හිතන්නේ ඒකෙන් ගැලවෙන්න විදිහක් නෑ කියලයි. ඔයාට කරන්න පුළුවන් මොනවද කියලා මේ ලිපියේ කතා කරනවා.

ඉස්කෝලේ ළමයි කරදර කරනවා නම් . . .

එන කරදර නවත්තන්න බෑ, ඒත් ඒවාට මූණ දෙන විදිහ වෙනස් කරන්න පුළුවන්.

චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?

අනිත් අය කරදර කරන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද? ඒ වෙලාවට කරන්න පුළුවන් මොනවාද?