Skip to content

තාක්ෂණය

ඔයා ස්මාට් ෆෝන් එකක් හරි වෙන ඩිවයිස් එකක් හරි පාවිච්චි කරනවාද? එහෙමනම් ඒක පාවිච්චි කරන කාලය සීමා කරන්න පුළුවන් විදිහ දැනගන්න.

ඩිවයිස් පාවිච්චිය

ගේම්ස් ගහන එක ගැන මං දැනගන්න ඕන මොනවාද?

ඔයා හිතපු නැති හොඳ පැතිත් නරක පැතිත් ඒවාවල තියෙන්න පුළුවන්.

මං තෝරගන්න ගේම්ස්

හොඳ ගේම්ස් තේරීමේ හැකියාව දියුණු කරගන්න මේ වැඩ පිටුව ඔයාට උදව් වෙයි.

වීඩියෝ ගේම්ස්: දිනුම පැරදුම ඔයාගේ අතේ!

වීඩියෝ ගේම්ස් ගහද්දී ලොකු විනෝදයක් දැනෙනවා. ඒත් පරෙස්සම් වුණේ නැත්නම් ඒකෙන් ඔයාට හානියකුත් වෙන්න පුළුවන්. ගේම්ස් ගහන්න කලින් හිතලා බලන්න ඕන මොන වගේ දේවල් ගැනද?

ඔයාගේ මුළු ජීවිතේම ගැජට්ද?

ගැජට්වල වරදක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඒවාට ඇබ්බැහි වෙලාද කියන එකයි. ඇබ්බැහි වෙලා නම් ගැලවෙන්න මඟක් ගැන දැනගන්න කැමතිද?

මෙසේජස් යවන්න කලින් හිතන්න ඕනේ ඇයි?

SMS නිසා යාළුකම් නැති වෙන්නත් නම කැත වෙන්නත් පුළුවන්. ඒ කොහොමද කියලා දැනගන්න.

මෙසේජ් යවන්නත් වෙලාවක් කලාවක් තියෙනවාද?

කතා කර කර ඉද්දී ටිකකට නවත්වලා මෙසේජ් එක බලන එක හරිද? මෙසේජ් එක ගණන් නොගෙන කතා කරන එක හරිද?

මොබයිල් ෆෝන් ගැන යෞවනයන්ගේ අදහස්

අද මොබයිල් ෆෝන් යෞවනයන්ට නැතුවම බැරි දෙයක් වෙලා. ෆෝන් එකකින් තියෙන ප්‍රයෝජන හා අනතුරු මොනවාද?

සෝෂල් මීඩියා

මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි!

ඔන්ලයින් යාළුවන් එක්ක සතුටු වෙන්න. ඒත් බලාගෙනයි.

ඔයාටත් ඕනෙ ඔන්ලයින් තරුවක් වෙන්නද?

සමහරු ෆලෝවර්ස්ලගේ ගාණ, ලයික් ගාණ වැඩි කරගන්න ජීවිතේ වුණත් අනතුරේ දානවා. ඔන්ලයින් තරුවක් වෙන එක එච්චරම වැදගත්ද?

අම්මලා සෝෂල් මීඩියා පාවිච්චි කරන්න දෙන්නේ නැත්නම්?

ගොඩක් අය හිතන්නේ හැමෝම සෝෂල් මීඩියා පාවිච්චි කරනවා කියලා. ඒත් ඒක ඇත්තද? අම්මලා සෝෂල් මීඩියා පාවිච්චි කරන්න දෙන්නේ නැත්නම් මොකද කරන්නේ?

සෝෂල් මීඩියා මට බලපාන්නේ කොහොමද?

සෝෂල් මීඩියාවලට ලේසියෙන්ම ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒක සීමා කරන්න ඔයාට පුළුවන් කොහොමද කියලා දැනගන්න.

ඔන්ලයින් ෆොටෝ ෂෙයාරින් ගැන මං දැනගන්න ඕනෙ මොනවාද?

ඔයා ආසම කරන ෆොටෝ ඔන්ලයින් දාන එකෙන් ඔයාගේ යාළුවෝ එක්ක, පවුලේ අය එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න පුළුවන්. ඒත් ඒකේ අනතුරුත් තියෙනවා.

ෆොටෝස් දාන්න කලින් හිතන්න

ෆොටෝස් දාන්න කලින් හිතන්න පුළුවන් පැති ගැන දැනගන්න.

සයිබර් හිංසනයට ගොදුරු වුණොත් . . .

ඔයා දැනගෙන ඉන්න ඕන දේ සහ ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්න පුළුවන් දේ.

සයිබර් හිංසනයට විරුද්ධ වෙන්නේ කොහොමද?

ඉන්ටර්නෙට් එක හරහා කෙනෙක් ඔයාට අරියාදු කරනවාද? ඒ වගේ වෙලාවට ගන්න පුළුවන් පියවර ගැනත්, ඒවායේ වාසි සහ අවාසි ගැනත් හිතන්න මේ වැඩ පිටු ඔයාට උදව් වෙයි.

සැඟවුණු අනතුරු

එකම වෙලාවේ වැඩ දෙක තුනක් කරන එක හොඳ දෙයක්ද?

අවධානය දෙන්න ඕනෙ වැඩ දෙකක් එක සැරේ කරන්න පුළුවන්ද?

අවධානය දෙන්න මං පුරුදු වෙන්නේ කොහොමද?

තාක්ෂණික උපකරණ නිසා එක දේකට අවධානය දෙන්න අමාරු වෙන්න පුළුවන් අවස්ථා තුනක් සහ ඒ වගේ අවස්ථාවලදී හොඳින් අවධානය දෙන්න කරන්න පුළුවන් දේවල් ගැන දැනගන්න.

බොරු තොරතුරුවලින් පරෙස්සම් වෙන්න

ඔයා අහන දකින හැම දේම විශ්වාස කරන්න එපා. බොරු තොරතුරු අයින් කරලා හොඳ තොරතුරු තෝරගන්න විදිහ ගැන දැනගන්න.

ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් හුවමාරු කරගන්න එක භයානකද?

ඔයාගේ නිරුවත් පින්තූරයක් ෆෝන් එකෙන් එවන්න කියලා කවුරු හරි ඔයාට බල කරනවාද? ඒකේ අනතුරක් නැද්ද?